බුදු සසුන බැබළවූ සිංහල රජවරු දෙදෙනෙක් - BC

Hot

Post Top Ad

Your Ad Spot

Sunday, May 26, 2019

බුදු සසුන බැබළවූ සිංහල රජවරු දෙදෙනෙක්


බුදු සසුන බැබළවූ සිංහල රජවරු දෙදෙනෙක්
       දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ 161 - 137)

  • දුටුගැමුණු රජු පිළිබඳව වැදගත් කරුණු,
නම - ගාමිණී අභය, පසුව දුටුගැමුණු.
දෙමාපියන් - කාවන්තිස්ස රජු හා විහාරමහාදේවිය.
සොහොයුරා - තිස්ස කුමරු.
යුධ වැදීමට හේතුව - සොළී රටින් පැමිණි ද්‍රවිඩ එළාර රජු රජරට ප්‍රදේශය අල්ලාගෙන වෙහෙර විහාර විනාශ කරමින් භික්ෂූන් වහන්සේට හිරිහැර කරමින් බුද්ධ ශාසනය විනාශ කිරීම.
යුද්ධයේ අරමුණ - "මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථීය පිණිස මිස රජ සැප පිණිස නොවන්නේය." -දුටුගැමුණු රජු-
යුද්ධයට පෙරසූදානම -
කාවන්තිස්ස රජු විසින්,
1.
රුහුණු රට වී ගොවිතැන සශ්‍රීක කිරීම.
2.
දසමහා යෝධයන්ගෙන් යුත් භට හමුදාවක් සංවිධානය කිරීම.
3.
ශාසනික කටයුතු දියුණු කිරීමෙන් රටවැසියා තුල සමගිය සමාදානය ගොඩනැගීම.

තිස්ස කුමරා විසින්,
1.
දිගාමඩුල්ල ප්‍රදේශයේ වී ගොවිතැන සශ්‍රීක කිරීම.
විජයග්‍රහණය - එළාර රජු පරදවා දුටුගැමුණු රජු අනුරාධපුරය අගනුවර කරගෙන මුලූ ලක්දිවම අගරජු විය.
ශාසනික සේවය -
1. 
මිරිසවැටිය දාගැබ හා රුවන්වැලි මහාසෑය හෙවත් මහා ථූපය නිර්මාණය කරවීම.
2.
භික්ෂූන් වහන්සේලාට විනය කර්ම සඳහා ලෝවාමහාප්‍රාසාදය ඉදිකොට පූජා කිරීම.
3.
නොකඩවා 24 වසරක් වෙසක් උත්සව පැවැත්වීම.
4.
භික්ෂූන් වහන්සේට ප්‍රත්‍ය පහසුකම් සැලසීම.
5.
ධර්මදේශකයානන් වහන්සේලා ලවා සෑම ගමකම ධර්ම දේශනා පැවැත්වීම.
6.
ආරෝග්‍ය ශාලා පිහිටුවා ගිලන්හල් සේවාව ආරම්භ කිරීම.


මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව 1153 - 1186)

  • මහා පරාක්‍රමබාහු රජු පිළිබඳව වැදගත් කරුණු,
දෙමාපියන් - මානාභරණ රජු හා රත්නාවලී බිසව.
රට එක්සත් කිරීම - ක්‍රි.ව 1153දී තුන් සිංහලයම (රුහුණු, මායා, පිහිටි) එක්සේසත් කොට පොළොන්නරුව අගනුවර කරගනිමින් පාලනය කළේය.
භෞතික දියුණුව -
1. "
සැමට පළමු ධාන්‍ය රැස් කළ යුතුය" යි ප්‍රකාශ කොට කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීම.
2. 
පරාක්‍රම සමුද්‍රය එතුමාගේ විශාලතම වාරි කර්මාන්තය විය.
3.
මහ වැව් 163ක්, කුඩා වැව් 2376ක්, අමුණු 165ක්, ඇළ මාර්ග 3910ක් ප්‍රතිසංස්කරණය කිරීම හා ඉදිකිරීම.
ශාසනික සේවය -
1.
දුසිල් මහණුන් සසුනින් නෙරපීම.
2. 
මහාවිහාර, අභයගිරි, ජේතවන තුන් නිකායික හික්ෂූන් සමගි කොට මහා විහාර නමින් එක් භික්ෂු පරපුරක් ඇති කිරීම.
3. 
පොළොන්නරු කතිකාවත නමින් විනය නීති මාලාවක් සකස් කරවීම.
4. 
පොළොන්නරුවේ කිරිවෙහෙරදෙමළ මහා සෑයපොළොන්නරු ථූපාරාමයලංකාතිලකය ඉදිකරවීම.
5.
සුප්‍රකට උත්තරාරාමය හෙවත් ගල් විහාරය හා ශෛලමය ප්‍රතිමා ඉදිකරවීම.
6. 
තිවංක පිළිමගෙය හා එහි ඇති අලංකාර බිතුසිතුවම් නිර්මාණය කරවීම.

  • බුරුමයේ සීහල සංඝ නමින් භික්ෂු පරපුරක් ඇති වීමට තරම් එකල ලක්දිව බුදුදහම බැබලූනේය.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot