බුදුසමයේ ඉගැන්වීම් අතර "පින" යනු නිතරම කියැවෙන්නකි. යමෙකු විසින් සද්භාවයෙන් කිසියම් ලෞකික අපේක්ෂාවක් ඇතිව හෝ නැතිව සිදුකරනු ලබන යහපත් ක්රියාවක් පිනක් විය හැකිය. සසර සුඛ පැවැත්ම පිණිස අවශ්යවන්නේ පිනයි. පින් මද වූ විට සත්වයා දුකට පත්වීම වැලැක්විය නොහැකිය. එනිසාම නිවනක් පිළිබද මූලිකව කතා කරන බුදු දහම පින් කිරීම වරදක් නැති බැව් පිළිගනු ලබන්නේ. මෙහි අවශ්යතාවය කෙතරම්ද යන්න විමාන වත්ථු, පේතවත්ථු වැනි ග්රන්ථයන් ඇසුරු කිරීමේදී අපට පෙනීයයි. විශේෂයෙන් ගිහි වූ බහුතර ජනයාගේ සාංසාරික ගමනේ සුඛය පිණිසම නිවන් දකිනු රිසි බෞද්ධයාගේ පහසුව පිණිසම බුදුසමය 'පින' නිර්දේශ කරන බව කිවහැකිය. තවත් සරලව කියන්නේ නම්, කිසිවකු නිවන් දකිනු කැමතිව භාවනාවෙහි නිරත වෙයි. කුසගිනි ඇතිවී හේ එහි මන්දෝත්සාහී වෙයි. ඔහුට අවශ්ය භාවනාව සිදුකරන්නට කුසගින්න බාධාවෙකි. එසේ නම් ඔහු ආහාර ගත යුතුය. ඒ සදහා උත්සාහවත් විය යුතුය. පින තිබේ නම් ඔහුට වැඩි වෙහෙසකින් තොරවම ආහාර ලැබිය හැකි වෙයි. එසේ නම් නිවන අරමුණ කරගෙන සිදුකරන කටයුතු විෂයෙහි පවා පිනෙහි අගය පවත්නා බැව් ඒ අනුව පැහැදිලි වෙයි. බුදුසමය යහපත් වූ පුණ්ය විපාකයන් ගෙනදෙන පින්කම් දහයක් හදුන්වා දෙන අතර ඒවා 'දස පින් කිරියවත්'(කළ යුතු පින්කම් දහය) ලෙස හදුන්වයි. ඒවා නම්,
01. දානය(දානං)
02. ශීලය(සීලං)
03. භාවනාව(භාවනා)
04. පින්දීම(පත්තිදාන)
05. පින් අනුමෝදන් වීම(පත්තානුමෝදනා)
06. වතාවත් කිරීම(වෙය්යාවච්ච)
07. පිදිය යුත්තන් පිදීම(අපචායන)
08. දහම් දෙසීම(ධම්මදේසනා)
09. දහම් ඇසීම(ධම්ම සවන/සුති)
10. දෘෂ්ටිය ඍජුකිරීම(දිට්ඨිජු කම්ම)
යනුවෙනි.
තවද, මෙහි ඇති කාරණා වල දැකගත හැකි සුනිශිත යථාර්ථය වන්නේ මෙය ලෞකික ලෝකෝතිතර උභයාර්ථයම සාධනය කරන බවයි. තවද, සමාජගත ජීවිතය මෙන්ම පුද්ගලික නිර්වාණගාමී අරමුණ ද සාක්ෂාත්කරගැනීමට මෙහි ඇති උපයෝගීතාව මොනවට පැහැදිලි වෙයි. දානයෙන් ශීලයෙන් වතාවත්කිරීමෙන් දහම් දෙසීමෙන් ආදියෙන් තමන්ටත් අන්යයන්ටත් විශේෂයෙන්ම යහපතක් සිදුවන බව කිව හැකිය. පිදිය යුත්තන් පිදීම "පූජා ච පූජනීයං" ,දහම් ඇසීම (ධම්ම සවනා) යනාදියෙන් මංගල සූත්රයේ මංගල කරුණක් ද වෙයි. පින්දීමේදී මෛත්රී පූර්වක සිත බලපානු ලබයි. එසේම පින් අනුමෝදන්වීමටත් සිතෙහි පිරිසිදු බව මූලික වෙයි. නිවනට වඩා කිට්ටුම කරුණ ලෙස අපට පෙනෙන්නේ දෘෂ්ටිය සෘජු කිරීම යන්නයි. මෙහිදී "සම්මා දිට්ඨි" යනුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්රථම කාරණාව සිහිපත් කරගත හැකිය. ඒ අනුව සංක්ෂේපයෙන් වුවත් අපට දස පින්කිරියවත් තුළ ලෞකික සහ සමාජ සදාචාරයෙහි දියුණුව මෙන්ම නිවන අරමුණු කරගත් ප්රතිපත්ති මාර්ගය ද වර්ධනයෙහිලා උපයෝගී වන කරුණු ඇති බැව් හදුනාගත හැකිය.
Post Top Ad
Monday, February 4, 2019
දස පින් කිරිය
Tags
# කෙටි සටහන්

About බෞද්ධ ශිෂ්ටාචාරය
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Labels:
කෙටි සටහන්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment