බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.
දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට හේතුව;
වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළ දස අකැප වස්තුව චුල්ලවග්ග පාලියේ සඳහන් දස අකැප වස්තුව
- සිංගිලෝන කප්ප-ආහාර වලට මිශ්‍රකර ගැනීම සඳහා අඟක දමා ලුණු තබා ගැනීම සුදුසුය.
- ද්වංගුල කප්ප-ඉර හැරී සෙවනැල්ල දෑඟුල්වූ පසු ආහාර වැළදීම කැපය.
- ගාමන්තර කප්ප-වරක් වළදා අවසන් කොට තවත් ගමකට ගොස් දන් වැළදීම කැපය.
- ආවාස කප්ප-මහා සීමාව තුළ පිහිටි කුඩා කුඩා ආවාසයන්හි වෙන වෙනම පොහොය කිරීම කැපය.
- අනුමති කප්ප-එක සීමාවක් ඇතුළත වාසය කරන භික්ෂූන්ගේ කැමැත්ත නොගෙන වෙන් වෙන්ව පොහොය කොට නැවත කැමැත්ත ගැනීම කැපය.
- ආචින්න කප්ප-කැප අකැප දෙයක් ගැන නොසලකා චිරාගත දේ පිළිගැනීම කැපය.
- අමථිත කප්ප-කිරිත් නොවූ දීත් නොවූ කිරි වැළදීම කැපය.
- ජලෝගි කප්ප-රා බවට නොපැමිණි මීරා බීම කැපය.
- අදසක නිසීදන කප්ප-දාවලු නැති ඇතිරිලි පරිහරණය කැපය.
- ජාත රූප රජත කප්ප-රන් රිදී පිළිගැනීම කැපය.
- මහාසාංඝික දශ වස්තුව
- අලල යයි කීම කැපය;
- තමාම විනෝද වීම කැපය;
- තමාම පොළව සෑරීම කැපය;
- දුර හුදෙකලාවාසීන්ට ලුණු තැන්පත් කිරීම කැපය;
- තම ආරාමයෙන් යොදුන් අඩ යොදුන් දුර ගමන් යන භික්ෂුවට ආහාර ගෙනයාම කැපය;
- ඉර අවරට ගිය පසු ඇඟිල්ලෙන් වැළදීම කැපය;
- රෝගීන්ට මධ්‍යපානය කැපය;
- කිරිත් නොවු දීත් නොවූ කිරි බීම කැපය;
- දාවලු නැති ඇතිරිලි කැපය;
- රන් රිදී මසු කහවනු කැපය;
- සර්වාස්ථිවාදීන්ගේ විනය ක්ෂුද්‍රක ග්‍රන්ථයෙහි දශ වස්තුව මෙලෙස දක්වා ඇත.
- යාවජීවක ලුණු යාවකාලික ආහාර හා මිශ්‍රකර වැළදීම කැපය;
- අතිරික්ත නොවූ ආහාර ඇඟිලි දෙකින් ගෙන වැළදීම කැපය;
- යොදුනක් හෝ අඩ යොදුනක් හෝ ගොස් එකට ආහාර ගැනීම කැපය;
- කිරි ද්‍රෝනයක් පමණ ගෙන දී කිරි හා මිශ්‍ර කර විකාලයේ වැළදීම කැපය;
- ලෙඩකුට කූඩැල්ලන්සේ උරා සුරා පානය කිරීම කැපය;
- පැරණි නිසීදනයේ සුගත් වියතක් පමණ කෑල්ලක් නොඅළලා අලුත් ඇතිරිල්ලක් පරිභෝග කිරීම කැපය;
- සුවඳවත් කළ පාත්‍රයක් මහාජනයා නිතර ගැවසෙන තැනක තබා පින් පිණිස රන් රිදී වලින් පාත්‍රය පුරවන ලෙස දන්වා සිටීම කැපය;
- සියතින් පොළව කැණීම කැපය;
- ආගමික කාර්යයන් කිරීමෙන් පසු පැමිණි සංඝයා ඒ පිළිබඳ සතුටුවන ලෙස පෙළඹවීම කැපය.
- ආගමික කාර්යයන්ගෙන් පසු "අහෝ" යයි හඬ නඟා ප්‍රකාශ කිරීම කැපය;
මෙලෙස ථෙරවාද, මහාසාංඝික, මූලසාර්වස්ථිවාදී යන සම්ප්‍රධායන්වල දශ වස්තුව අතර සුලුළු සුළු ලවෙනස්කම් පැවතියද මේවායෙහි එක්තරා පොදු බවක් විද්‍යමාන වෙයි.
- සංගායනාව පැවැත්වූ ස්ථානය,
විශාලා මහනුවර වාලුකාරාමය
- සංගායනාව සඳහා සහභාගිත්වය
ධර්මධර, විනයධර තෙරවරුන් 700නමකගේ සහභාගිත්වය ඇතුව සබ්බකාමී මහරහතන්වහන්සේ ප්‍රධානත්වය ගෙන ක්‍රීයා කළහ.(භික්ෂූන් වහන්සේලා හත්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සත්තසතිකා සංගීති යැයි ද කියනු ලැබෙ.)
- රාජ අනුග්‍රහය
කාලාශෝක රජතුමා
- සංගායනාව පැවැත්වීම හා ප්‍රතිඵල
අට මසක් පුරාවට පැවැත්වූ මෙම සංගායනාවේ ප්‍රතිඵල වූයේ සංඝ සමාජය ප්‍රථම වතාවට නිකායවලට බෙදීම.
මුල්ම සංඝ සමාජය ස්ථවිරවාදය හා මහා සාංඝික ලෙස ප්‍රධාන නිකායන් දෙකකට බෙදුණි.පසුව මෙය තවත් අනු නිකායන් කිහිපයකට බෙදී ගියහ.එය පහත සටහනින් නිරූපණයවේ.
No comments:
Post a Comment