පළමු ධර්ම සංඝායනාවට පසුබිම් වු හේතු :
බුදුරදුන් ධරමාන අවධිය:
බුදුරජාණන් වහන්සේ ධරමාන අවධියේ දී ද සසුන තුළ විවිධ වූ ගැටළු පැන නැගී තිබේ.යම් යම් අර්බුද ඇති කිරීමට විෂම අදස් දැරූ භික්ෂුන් වහන්සේලා බුදුරදුන් දවසම වැඩ සිටියහ.මෙවන් අතලොස්සක් භික්ෂූන්ගේ හැසිරීම් රටාවන් මුලු සංඝ සංස්ථාවේම නාමයට කැළලක්ව පැවතින.බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන බැවින් බුද්ධ වචනයට සියලුම දෙනා අවනත වන බැවින් බුදුන් ධරමාන අවධියේ දී සංඝයනාවක් නොපැවැත් වීය.
භික්ෂුව මුල් අවධියේදි නිවනම මූලික අපේක්ෂාව කරගෙන ක්‍රියා කර ඇත.පසුකාලීනව පැවිදි වූ සුළු පිරිසක් ලාභ අපේක්ෂාවෙන් ක්‍රියා කර තිබේ.එවැනි සුළු භික්ෂුන් පිරිසක් ගේ හැසිරීම් රටාවන් ද ප්‍රථම සංඝායනාවට පසුබිම් වූයේ යැයි නිගමනය කළ හැකි වේ. ඒ අතර ඡබ්බග්ගිය නම් වූ භික්ෂු පිරිස් විවිධ ශාසන විලෝපකාරි ක්‍රියාවන් සිදු කළහ.
සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුර ප්‍රදානයේදී ඇතැම් භික්ෂූන් බුදුන් වහන්සේ මුහුන බලා තනතුරු පිරි නැමීය යැයි දොස් නැගීය.අස්සජි,පුනබ්බසුඛ යන භික්ෂූන් දෙනම පවිටු භික්ෂූන් ලෙස අගසව් දෙනමට නිගරු කළහ. එසේ නිගරු කිරිමට හේතු වූයේ ආරාමික ගැටළුවක් නිසාය.
සසුන තුල විෂම ක්‍රියාවන් සිදු කළ භික්ෂූන් කණ්ඩයම් කිහිපයක්ම සිටියේය.එය සමස්ථ භික්ෂු පිරිසෙන් 1%ක් පමණ විය.සංඝ සංස්ථාවේ සිටි අවැඩදායි ක්‍රියා පිළිවෙතින් යුත් භික්ෂූන් කීප නමක්ම සිටියහ.
- සත්තාරස භික්ෂූ පිරිස
- සාති භික්ෂූව ඇතුළු පිරිස
- අරිට්ඨ භික්ෂූව
- බහුභාණ්ඩික භික්ෂූව
- කෝකාලික භික්ෂූව වැනි අය ඒ අතර විය.
තවද විනයධර හා ධර්මධර ගැටළුව තුලින් ද විවිධ අදහස් හා මතවාද දැරූ භික්ෂු පිරිස් සිටිබව පැහැදිලි වෙයි. දෙව්දත් තෙරද සසුනේ නායකත්වය ඉල්ලා එය නොලැබුන විට දි බුදුන්වහන්සේගෙන් පංචවරයක් ඉල්ලීය. භික්ෂූන් වෙනුවෙන් නීති මාලවක් බැවින් බුදුන්වහන්සේ එය ද බැහැර කළ සේක. කැමති භික්ෂූවකට පංචවරය සුරැකීම ගැටළුවක් නොවෙන බව බුදුන්වහන්සේ ඒ අවස්ථාවේදී පෙන්වා දී තිබේ.
එසේම බුදුන්වහන්සේගේ අවසාන කාල සීමාවේ නිගණ්ඨනාථපුත්ත තුමාගේ අභාවය ද සිදු වූ අතර එයින් පසු එම ශ්‍රාවකයන් විවිධ මතධාරිව කලහ සම්පන්නව සිටියහ. මෙය දුටු අනඳ හිමියන් බුදුන්වහන්සේට එබැව් පැවසීය. බුදු සසුන තුලත් එම තත්ත්වය උදා වුවහොත් ගත යුතු ක්‍රියා මාර්ග ගැන මෙසේ විමසද්දි "මා විසින් ධර්මය ද විනය ද මැනවින් දේශනා කර තිබේ.මාගේ පිරිනිවීමෙන් පසුව ධර්මය විනය දෙක ශාස්තෘ කරගෙන වසන්න"යි - බුදුන්වහන්සේ පෙන්වාදී තිබේ.
සංඝායනාවට පසුබිම් වූ ආසන්නම හේතු :
බුදුන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවනවිට සසුනේ වැඩිමහල්ම භික්ෂුව වූයේ මහා කාශ්‍යප තෙරණුවෝය. බුදුන්වහන්සේගේ පරිනිර්වාණ පුවත අසා මහා කාශ්‍යප තෙරණුවෝ ඇතුළු රහතන් වහන්සේලා ධර්ම සංවේගය පළ කළහ.වයසට ගොස් පැවදිව විසූ සුභද්‍ර භික්ෂුව ද මේ අතර සිටියේය.මෙම පුවත අසා එම භික්ෂුව සතුටට පත්වීය."ඇවැත්නි අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුනෝ වෙමු.මෙය කැපය මෙය අකැපය කීමෙන් උපද්‍රවයට පත් නොවූවෝ වෙමු. දැන් අප හට යමක් කැමති නම් එය කරන්නෙමු.අකමැති නම් නොකරන්නෙමු." මෙම ප්‍රකාශය ඇසූ කාශ්‍යප තෙරණුවෝ මහත් වේදනාවට පත්විය.මෙවැනි දුශ්ශීල භික්ෂූන්ගෙන් සසුන මුදවා ගැනීමට සංඝායනාවක් අවශ්‍යයැයි සිතූ අතර මෙය සංඝායනාවට ආසන්නතම හේතුව විය.
මේ හැර මෙයට හේතු වූ තවත් හේතුවක් නම් ධර්ම , විනය අනාගතයේදි පිරිහී අධර්මය ජයගත හැකි බවයි. නිර්මල ධර්මය වෙනුවට වැරදි අදහස් මත වාද පැමිණෙතැයි අවිනත බියද ශාසන බලධාරි භික්ෂුන් වෙත තිබින. පන්සාලිස් වසක් පුරා දේශනා කරන ලද ධර්මය සංඝායනා නොවීම නිසා ධර්මය අතුරුදහන් වේ යයි හැඟීමද පැවතුණි. මෙම කරුණු පළමු ධර්ම සංඝායනාවට හේතු වූ බව පෙන්වාදිය හැකිය.
පළමුවන ධර්ම සංගායනාව
1. ධර්ම සංගායනාවට හේතු පාදක වූ කරුණු
පළමු ධර්ම සංගායනාවට හේතුවූ කරුණු වශයෙන් මූලිකවම අප දන්නේ සුභද්‍ර නම් භික්ෂුවගේ අභද්‍ර ප්‍රකාශය යන්නයි. එහෙත් මෙම සුභද්‍ර නැමති භික්ෂුව කවරෙක්ද යන්න බොහෝ පිරිස් පටලවාගෙන සිටිති. මෙම සුභද්‍ර භික්ෂුව යනු බුදු රජාණන් වහන්සේ වෙතින් අවසාන වරට ඒහි භික්ඛු භාවයෙන් පැවිද්ද ලැබූ තෙරුන් නොවේ. බුදු සමිදුන් ජීවමානව සිටි කාලයේ අවසන් වරට පැවිද්ද ලැබූ සුභද්‍ර නම් භික්ෂුව බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා අර්හත්වයට පත්වූ බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සදහන් වේ. අභද්‍ර වචනය ප්‍රකාශකළ සුභද්‍ර නම් භික්ෂුව මහළු කළ පැවිදි වූ අයෙකි. බුදු රජාණන් වහන්සේ වෙත කලින් ඇතිකරගත් හිත් අමනාපකමක් හේතුවෙන් එම තෙරුන් මෙම ප්‍රකාශය කරන්නට ඇත.
එහෙත් සත්‍ය වශයෙන්ම පළමු ධර්ම සංගායනාව ගැන කතිකාවතක් බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේදීම තීරණය වන්නට ඇත. ජෛන නායක මහාවීර පාවා නුවරදී කලුරිය කළපසු එතුමාගේ ශිෂ්‍යයන් කොටස් දෙකකට බෙදී නොයෙක් වාද විවාද සිදුකිරීම නිසා ජෛන දහම ඉතා සීඝ්‍රයෙන් පිරිහීමට ලක්විය. මේ සබැදිව බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යාප තෙරුන් ඇතුළු මහ රහතන් වහන්සේලා සමග සාකච්ඡා කරන ලදී.
තවද බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේදීම දෙව්දත් තෙරුන් විසින් සංඝභේදයක් සිදුකළ අතර එමගින් ගම්‍ය වනුයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේදී පවා ධර්මය හරිහැටි අවබෝධ කර නොගත් භික්ෂුන් සසුන්ගතව සිටි බවයි. ඒ අනුව ධර්ම සංගායනාවක් පැවැත්වීමේ මූලික අවශ්‍යතාවය මහ රහතන් වහන්සේලා විසින් අවබෝධ කරගත් පසුව බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය සංගීතිකාවක් අසුරෙන් නැවත ඉදිරිපත්කිරීමට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නය තීරණය කළහ.
2. ධර්ම සංගායනාවේ මූලිකත්වය - මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
3. දායකත්වය/අනුග්‍රහය දැක්වූ රජු - බිම්බිසාර පුත් අජාසත්ත රජු
4. ස්ථානය - රජගහනුවර සප්තපර්ණි ගුහා දොරකඩ අභියස
5. පැවැත්වූ වර්ෂය - සම්බුද්ධ පරිනිර්වාණයෙන් 03 මසකට පසු (ක්‍රි.පූ 543)
6. සහභාගී වූ රහතන් වහන්සේලා සංඛ්‍යාව - 500 (පංචසතිකා යන නමින් මෙම සංගායනාව හැදින්වෙනුයේ රහතන් වහන්සේලා 500 නමක් සහභාගී වූ නිසාවෙනි)
7. සංගායනාවේ ප්‍රතිඵල -
සංගායනාව සදහා මුලින්ම රහතන් වහන්සේලා 499 කලින් සූදානම්වී සිටි අතර සංගායනාවට කලින් දින රාත්‍රියේ ආනන්ද හිමියන් විදසුන් වඩා අර්හත්වය සාක්ෂාත් කරගත්හ.
පළමුව උපාලි මහරහතන් වහන්සේ ලවා විනය සබැදිව ප්‍රශ්නෝත්තර ක්‍රමයට විනය සංගායනා කළ අතර ධර්ම භාණ්ඩාගාරික තනතුර හෙබූ ආනන්ද මහ රහතන් වහන්සේ ලවා සූත්‍ර, අභිධර්මය සංගායනා කරන ලදී.
ඛුද්ධානුඛුද්දක ශික්ෂා පද පැනවූ අතර ඡන්න තෙරුන් හට බ්‍රහ්ම දණ්ඩනය පැනවූයේ ධර්ම සංගායනාව අවසානයේදීය.
මෙහිදි ආනන්ද මහ රහතන් වහන්සේ හට භික්ෂුන් විසින් චෝදනා පහක් එල්ල කළ අතර ඒ සබැදිව ආනන්ද තෙරුන් කරුණු ඉදිරිපත්කරන ලද්දේ පහත පරිද්දෙනි.
අ. ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද බුදුන්ගෙන් නොවිචාරීම.
බුදු රදුන් ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවේදී තමන් ඉතා ශෝකාතුරව සිටි නිසා අසා දැන ගැනීමට නොහැකිවූ බව.
ආ. බුදු රදුන්ගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසීම.
සිවුර මසද්දී සහාය වීමට කිසිවෙකු නොසිටි බැවින් එසේ කරන්නට සිදු විය.
ඇ. බුද්ධ ශරීරය පළමුව කාන්තාවන් ලවා වැන්ද වීම.
බුදු රදුන්ගේ ශ්‍රි දේහයට බුහුමන් දැක්වීමට පැමිණි මහා ජනකාය බහුල වීම නිසා කාන්තාවන්ට කල්වේලා ඇතිව නිවෙස් වලට යාමට ඉඩ සැලැස්වීම.
ඈ. චේතියේ දී බුදුන් පිරිනිවි පාන බව ඇගවූවත් කල්පයක් ඡීවත් වන ලෙසට බුදුන් වහන්සේට ආරාධනා නොකිරීම.
තමන්ගේ සිත ද එවෙළෙහි මරුට වසඟව තිබු හෙයින් එසේ ඉල්ලා සිටීමට නොහැකි වීම.
ඉ. තථාගත ශාසනයේ ස්ත්‍රීන්ට පැවිද්ද ලබා දීමට උත්සාහවත්වීම.
ප්‍රජාපතී ගෝතමිය කෙරෙහි තිබූ මහත් ගෞරවය නිසා එලෙස කිරීම.
මීට අමතරව එක් එක් ධර්ම කොටස් මහ සංඝ රත්නය විසින් මුඛ පරම්පරාගතව පවත්වාගෙන යාමේ වගකීම පහත සදහන් පරිදි බෙදා වෙන්කරගන්නා ලදී.
අ. දීඝ නිකාය - ආනන්ද තෙරුන් ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට
ආ. සංයුත්ත නිකාය - මහා කාෂ්‍යප තෙරුන් ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට
ඇ. අංගුත්තර නිකාය - අනුරුද්ධ තෙරුන් ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට
ඈ. මජ්ඣිම නිකාය - සැරියුත් තෙරුන් ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට
ඉ. ඛුද්දක නිකාය - සියලුම සංඝයා වහන්සේලා එක්ව මුඛ පරම්පරාගතව
👍👍👍👍
ReplyDeleteGood Bolg. Useful. Thank You!
ReplyDelete