නිවැරැදි පිළිතුර ‌තෝරන්න - BC

Hot

Post Top Ad

Your Ad Spot

Friday, June 21, 2019

නිවැරැදි පිළිතුර ‌තෝරන්න

නිවැරැදි පිළිතුර ‌තෝරන්න
1) බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට ප්‍රතිපක්ෂව ගොඩනැඟුණු නව ආගමික සම්ප්‍රදායන් අතර ෂඩ්ශාස්තෘවරුන් වැදගත් කොට සැලකිය හැක්කේ, ඔවුන්
1. නිර්මාණවාදය බැහැර කළ නිසාය
2. කාන්තා සමාජය පිළිබඳව සුඛනම්‍ය අදහසකින් ක්‍රියා කළ නිසාය
3. ඔවුන් බ්‍රාහ්මණ ඉගැන්වීම් විචාරයට ලක්කරමින් මිනිසා ප්‍රඥා මූලික සමාජයකට යොමු කිරීමට ක්‍රියා කළ නිසාය
4. පරම අවිහිංසාවාදී දර්ශනයක් අනුගමනය කළ නිසාය
5. උග්‍ර ව්‍රත සමාදානයෙහි යෙදෙමින් ස්වකීය තපස් චරියාව තුළින් ජන හදවත් වෙත සමීප වූ නිසාය.
2) තුන් ලෝ තතු ඇතැඹුලක් සේ දත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ෂඩ් ශාස්තෘන් ඇතුළු ශ්‍රමණ ගුරුකුලවල ඉගැන්වීම් දැඩි සේ විවේචනයට ලක් කර ඇත . එයට හේතු වූයේ,
1. ඔවුන්ගේ ශාසනයන් තුළ වාසය කිරීම තුළින් මෙලොව පරලොව හා නිර්වාණය යන ත්‍රිවිධ අංශයන්ගෙන් කවර අංගයකට හෝ යහපත් ප්‍රතිඵලයක් උදාකරගත හැකි නොහැකි නිසා
2. අකිරියවාදී ඉගැන්වීමක් ඉදිරිපත් කිරීම නිසා සමාජය බොහෝ දුරාචාරයනට මග පෑදීම නිසා
3. අන්තගාමී ප්‍රතිපාදව තුළින් විමුක්තිය උදාකරගත හැකි යැයි ඉගැන්වූ නිසාය.
4. නියතිවාදය වැනි ඉගැන්වීම් තුළින් මානව සක්‍යතාව නිශ්ක්‍රීය කළ නිසාය
5. සියල්ල පෙර කර්මයෙන් සිදුවන බව ඉගැන්වූ නිසාය.
3) කෘෂි ආර්ථිකය පදනම් කොට ගනිමින් ගොඩනැගූ වෙළෙඳ ආර්ථිකය මත මුදල වටිනාම ඒකකය බවට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ සමාජය තුළ අසද් ධර්මය බහුල වීමය. මින් ප්‍රකට වන්නේ,
1. සදාචාරයෙන් තොර ආර්ථික සංවර්ධනය සමාජයට අහිතකර බවයි.
2. මුදල මිනිසා දුරාචාරයට යොමු කළ බවයි
3. සමාජ සංවර්ධනයට මුදල ප්‍රබල ලෙස බලපාන බවයි.
4. වැඩවසම් සමාජ ක්‍රමය ආර්ථික සංවර්ධනය මගින් බිඳ වැටෙන බවයි
5. අසද් ධර්මය බහුලවීමට මුදල බලපාන බවයි.
4) දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෘථිවියට සංක්‍රමණය වූ ජීවීන් කල් ගත වීමේදී විෂම චර්යාවන්ට නැඹුරු විය. මින් ප්‍රකට වන්නේ
1. තණ්හා මූලික ක්‍රියාකාරිත්වය බොහෝ ප්‍රශ්න වලට හේතුවක් බවයි.
2. භාණ්ඩ රාශිකරණය නුසුදුසු ක්‍රියාවක් බවයි
3.ප්‍රාණඝාතයට සොරකම හේතුවක් වූ බවයි
4. සොරකම දුරු කිරීම සඳහා දඬුවම් පැමිණ විය යුතු බවයි
5. සමාජ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස විෂම චරියාවන් ඇති වන බවයි
5) ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ ආර්ථිකයේ නව ප්‍රවණතාවයක් වූයේ
1. කාර්මික හා වාණිජ ප්‍රබෝධයයි
2.ගව පාලනයට මූලිකත්වයක් ලබාදීමයි
3. භාණ්ඩ හුවමාරු ක්‍රමයයි
4. ධනවාදය අභියෝගයට ලක්වීමයි
5. නව කෘෂි බෝග හඳුන්වාදීමයි
6) සොළොස් මහා ජනපද අතර ප්‍රමුඛ රාජ්‍යක් වූ මගධයෙහි “අමිතභෝගී” සිටුවරු බොහෝ දෙනකු විය. මෙහි සඳහන් අමිතභෝගී සිටුවරු යනු,
1. නිර්ලෝභී සිටුවරුන්ය
2. භාණ්ඩාගාරයේ ධනය පුරවාගත් සිටුවරුන්ය
3. ලෝභී සිටුවරුන්ය
4. භෝග පමණක් රැස්කළ සිටුවරුන්ය
5. ආදායම හා වියදමවත් තක්සේරු කළ නොහැකි සිටුවරුන්ය
7) දීඝ නිකායානුගත සාමඤ්ඤඵල සූත්‍ර දේශනාවේ සඳහන් වන පරිදි “මෙලොවක් නැත, පරලොවක් නැත, පියෙක් නැත, මවෙක් නැත, ඕපපාතික සත්වයෙක් නැත, දානයේ විපාක නැත...” මෙලෙස භෞතිකවාදී අකිරියවාදී දහමක් දෙසූ ශාස්තෘවරයා වන්නේ,
1. මක්කලී ගෝසාලය
2.නිගණ්ඨනාතපුත්තය
3.පූර්ණ කස්සපය
4. අජිත කේසකම්බලිය
5. පකුධ කච්චායනය
8)” මාගේ ශ්‍රාවක පිරිස ව්‍යක්ත විනීත, විශාරද බහුශැත ධර්මානු ධර්ම තත්වයට පත්ව ලෝකයා සුවපත් කිරීමට සමත්වන තෙක් මම පිරිනිවන් නොපාන්නෙමි...” යනුවෙන් බුදුරදුන් මාරයාට කළ මෙම ප්‍රකාශනයෙන් තහවුරු වන්නේ,
1. බුදුරදුන් මාරයාට බිය නොවූ බවයි
2. සිවුවණක් පිරිසගේ කාර්යභාරය කුමක්ද යන්න වටහා ගත් බවයි
3. මාර පරාජය බුදු දහමින් තහවුරු කර ඇති බවයි
4. ඕනෑම අයෙකු සඳහා ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බිය නොවූ බවයි
5. බුදුරදුන් ලෝකයා දෙස පමණක් බලා ඇති බවයි
9) රජවරුන් විසින් අනුගමනය කළ යුතු මූලධර්ම දසරාජධර්ම නමින් හඳුන්වන අතර එහි දිළිඳුකම දුරු කිරීම යන්න අර්ථවත් වන්නේ
1.ශීලයෙනි
2. තපස තුළිනි
3. අවිහිංසාව
4. පරිත්‍යාගයෙනි
5. දානයෙනි
10) අන්‍ය ආගමිකයන් සසුනට එක්වීමේදී ඔවුන් සඳහා සිවු මසක අධ්‍යයන කාලසීමාවක් බුදුරදුන් විසින් පනවන ලදී, එසේ එක්වන පිරිස හඳුන්වනු ලැබුවේ.
1. අන්තේවාසික නමිනි
2. තිත්ථියපක්කන්තික යනුවෙනි
3. සාමණේර යනුවෙනි
4. සහවාසික නමිනි
5. සද්වාහාරික නමිනි

පිළිතුරු

1. නිර්මාණවාදය බැහැර කළ නිසාය
2. ඔවුන්ගේ ශාසනයන් තුළ වාසය කිරීම තුළින් මෙලොව පරලොව හා නිර්වාණය යන ත්‍රිවිධ අංශයන්ගෙන් කවර අංගයකට හෝ යහපත් ප්‍රතිඵලයක් උදාකරගත හැකි නොහැකි නිසා
3. සදාචාරයෙන් තොර ආර්ථික සංවර්ධනය සමාජයට අහිත කර බවයි
4. සමාජ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස විෂම චරියාවන් ඇති වන බවයි
5. කාර්මික හා වාණිජ ප්‍රබෝධයයි
6.නිර්ලෝභී සිටුවරුන්ය
7.අජිත කේසකම්බලීය
8. ඕනෑම අයෙකු සඳහා ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බිය නොවූ බවයි
9.දානයෙහි
10. සහවාසික නමිනි

13 අභ්‍යාසය
1) භාරතීය ආර්ථික විෂයෙහි යම් පමණකින් හෝ දායකත්වයක් සැපයූ සුළු පිරිසක් වශයෙන් පංචම කුලය හැඳින්විය හැකිය. දඩයම මූලික කොටගත් පිරිස නියෝජනය කරන පිරිස හඳුන්වනු ලැබේ.
1. වේණ කුලයයි
2.නේසාද කුලයයි
3. රථකාර කුලයයි
4. පුක්කුස කුලයයි
5. චණ්ඩාල කුලයයි
2)”නත්ථිගෝ සමිතං ධනං” මෙම පාඨය භාරතීය කෘෂි ආර්ථිකය විමසීමේදී වඩාත් අර්ථවත් වන්නේ
1.සෘජු පරිභෝජන ආර්ථිකය
2.කෘෂි කාර්මික ආර්ථිකයට
3. හස්ත කාර්මික ආර්ථිකයට
4. කාර්මික ආර්ථිකයට
5. සත්ව පාලන ආර්ථිකයට
3) ආපද් ධර්ම සංකල්පය අනුව යමින් බුද්ධ කාලීන භාරතයේ ඒකනාලා බමුණු ගමෙහි සියලු කුඹුරු අයත්ව පැවැති ඉඩම් හිමි ධනවත් පංතියේ සිටුවරයෙක් පිළිබඳ තොරතුරු සඳහන් වේ. ඔහු නම්,
1.කෝසිය ගොත්තාය
2.කසීභාරද්වාජ බමුණාය
3.අස්සලායන බමුණාය
4. අම්බට්ඨ බමුණාය
5.අග්ගික භාරද්වාජ බමුණාය
4) භාරත අධ්‍යාපන විද්‍යාපීඨයන් පිළිබඳ විස්තර විමසීමේදී ටිබෙටයෙහි “තන්කා” නමැති චිත්‍ර කලාව අතිශයින් ජනප්‍රියව පැවැති ප්‍රධාන විද්‍යායතනයක තොරතුරු හමුවේ. එම විශ්ව විද්‍යාලය වනුයේ ,
1. ඕදන්තපූරි සරසවියයි
2. සෝමපුර සරසවියයි
3. ජගද්දලා සරසවියයි
4. වික්‍රමශිලා සරසවියයි
5. නාලන්දා සරසවියයි
5) “ මම ද අසූවන වියේය. භාග්‍යවතුන් වහන්සේ ද අසූ හැවිරිදි වියේය. මම ක්ෂත්‍රිය වංශිකයෙකි. ඔබ වහන්සේ ද ක්ෂත්‍රිය වංශිකයෙක්මි” යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ එක්තරා ආකාරයකින් තමන් හා සමාන බව පවසන ලද්දේ ,
1. විඩූඪභ රජුය
2. බිම්බිසාර රජුය
3. උදේනි රජුය
4. පුක්කුසාති රජුය
5. කොසොල් රජුය
6) සැප විඳින සත්වයන් දෙස බලා තමා තුළ ඇති කරගනු ලබන සොම්නස් බව හෙවත් සතුට මුදිතාවයි. මෙය දහමෙහි ඇතුළත් වන්නේ ,
1. සතර මහාපදේසයන්ටය
2. සතර බඹ විහරණයන්ටය
3. චතු පාරිශුද්ධි සීලයන්ටය
4. සතර සතිපට්ඨානයන්ටය
5. සතර සුඛයන්ටය
7) බුදුරදුන් තෝරාගත් පුද්ගලයෙකු අරමුණු කර නොගෙන, ගම් නියම් ගම් පිළිවෙළින් දිනපතා යොදුන, අඩ යොදුන බැගින් හැසිරීම හඳුන්වනු ලබන්නේ,
1. ක්ෂේත්‍ර චාරිකා යනුවෙනි
2. තුරිත චාරිකා යනුවෙනි
3. කේවල චාරිකා යුනවෙනි
4. අතුරිත චාරිකා යනුවෙනි
5. ජම්බුද්වීප චාරිකා යනුවෙනි.
8) බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට ආසන්න මොහොතේ භික්ෂූන් අමතා දේශනා කර සිටියේ “ මම නියම වශයෙන් සලකන්නන් ධම්මාරාම භික්ෂුව මෙන් විය යුතුය” යන්නයි. බුදුරදුන් එසේ ධම්මාරාම භික්ෂුව නිදර්ශන කොට ගනු ලැබුවේ,
1. බුදුරදුන්ගේ සියලු කුදු මහත් කටයුතු කළ නිසාය
2. බුදුරදුන්ට විවේකය අවශ්‍ය බැවින් හඬා වැළපෙන භික්ෂූන් නිහඬ කරවූ නිසාය
3. බුදුරදුන් ළඟින්ම හිඳ බුදුරදුන්ගේ ගුණ ගායනා කළ නිසාය
4. ආමිස පූජාවට මූලිකත්වය දෙමින් සිවුරු පිරිකර මල් පහන් බුදුරදුන්ට පූජාකළ නිසාය
5. ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දෙමින් ශීලමය, භාවනාමය පුණ්‍ය ක්‍රියා වලට යොමු වූ නිසාය
9) භික්ෂු සංස්ථාව ඇති වීමෙන් පසු ප්‍රථම පරාජිකාව ලෙස බුදුරදුන් පෙන්වා දෙනු ලැබුවේ ,
1. මෛථුන ධර්ම පාරාජිකාවයි
2. අදත්තාදාන පාරාජිකාවයි
3. මනුෂ්‍ය විග්‍රහ පාරාජිකාවයි
4. උතුරුකුරු මිනිස් දම් පාරාජිකාවයි 
5 උක්ඛෙපනිය කර්මයයි
10) පුරා විද්‍යාත්මක සාධක අනුව සලකා බලන කළ ලක්දිව බුදු දහම පිහිටුවීමෙන් පසු ඉදිකරනු ලැබූ ප්‍රථම ස්තූපය වනුයේ
1.ගිරිගඬු සෑයයි
2.මහියංගණ දාගැබයි
3. ථූපාරාමයයි
4. අභයගිරියයි
5. කිරි වෙහෙරයි
පිළිතුරු
1.වේණ කුලයයි
2.සත්ත්ව පාලන ආර්ථිකයටය
3. කසීභාරද්වාජ බමුණාය
4.නාලන්දා සරසවියයි
5. කොසොල් රජුය
6. සතර බඹ විහරණයන්ටය
7.අතුරිත චාරිකා යනුවෙනි
8. ප්‍රතිපත්ති පූජාව මූලිකත්වය දෙමින් ශීලමය, භාවනාමය පුණ්‍යක්‍රියා වලට යොමු වූ නිසා
9. මෛථුන ධර්ම පාරාජිකාවයි
10. ථූපාරාමයයි


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot