තෙවැනි ධර්ම සංගායනාව - BC

Hot

Post Top Ad

Sunday, January 13, 2019

තෙවැනි ධර්ම සංගායනාව

Your Ad Spot

තෙවැනි ධර්ම සංගායනාව

1

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීයතිස්හයකට පසුව මාස නවයක් පුරා සිදු කළහ.

ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු,

සංඝයා අතර අසමගිය ඇතිවීම හා ලාභ අපේක්ෂාවෙන් අන්‍යතීර්ථකයන් සසුනට ඇතුළුවීම.

සංගායනාව පැවැත්වූ ස්ථානය

පැළලුප් නුවර අශෝකාරාමය

සංගායනාව සඳහා සහභාගිත්වය
රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වයඇතිව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙනි.(රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බැවින් මෙයට සාහස්සිකා සංගීති යැයි ද කියනු ලැබෙ)

ධර්ම සංගායනාවේ ප්‍රතිඵල

1. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් කථාවත්ථුප්පකරණය රචනා කිරීම

2. අභිධර්ම පිටකයසප්තප්‍රකරණයෙන් යුතුව සම්පූර්ණ කිරීම

3. ථෙරවාද සම්ප්‍රදාය සතු පාලි ත්‍රිපිටකය සම්පූර්ණ කිරීම

4. ධර්ම දූත සේවාව ආරම්භ කිරීම.

  • ධර්ම විනයධර ප්‍රබල තෙර නමකගේ නායකත්වය යටතේ රටවල් නවයකට ධර්මදුත පිරිස් පිටත්කර යැවූ බව වංස කතාවල සඳහන් වෙයි. රට ප්‍රධානත්වය

1. කාශ්මීර-ගන්ධාර -මජ්ඣන්තික තෙරණුවෝ

2. මහිස මණ්ඩලය- මහාදේව තෙරණුවෝ

3. වනවාස දේශය -රක්ඛිත තෙරණුවෝ

4. අපරන්ත දේශය- යෝනක ධම්මරක්ඛිත තෙරණුවෝ

5. මහාරට්ඨය -මහාධම්ම රක්ඛිත තෙරණුවෝ

6. යෝනක දේශය- මහාරක්ඛිත තෙරණුවෝ

7. සුවණ්ණ භූමිය -සෝණ හා උත්තර තෙරණුවෝ

8. හිමවන්ත ප්‍රදේශය -මජ්ඣිම තෙරණුවෝ

9. තම්බපණ්ණි දීප -මහා මහින්ද තෙරණුවෝ


%25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B6%25AD%25E0%25B7%2598%25E0%25B6%259A%25E0%25B7%258F

No comments:

Post a Comment

Post Top Ad