ධර්ම සංගායනාවක් යනු - BC

Hot

Post Top Ad

Sunday, January 13, 2019

ධර්ම සංගායනාවක් යනු

Your Ad Spot
image_e480968926

ධර්ම සංගායනා
බුදුවරයෙක් ලෝකයේ පහළවීම යනු ඉතාමත් දුර්ලභ සංසිද්ධියකි. සම්මා සම්බුදු රජාණන් කෙනෙකුන් ලොව පහල වූ පසු දුක්විදින සියලුම ලෝක සත්වයින්හට තමන් විසින් පෙර කළ පව් පින් අනුව සංසාර ගමනෙන් එතෙරවීමට එනම් සියලු කෙලෙස් දුරුකර නිවන් යාමට මහගු අවස්ථාවක් උදාවේ. බුදුවරයෙක් විසින් දේශනාකරන ලද ධර්මය උන්වහන්සේ ජීවමානව සිටින අවදියේ ‍මෙන්ම උන්වහන්සේ පිරිනිවන් පෑ පසුවද යම්කාලසීමාවක් දක්වා පැතිර පවතී. එම කාලය පුරාවටම පින්කරන ලද ධෛර්යය ඇත්තාවූ ලෝක සත්වයින්හට නිවන්යාමේ අවස්ථාව ඇත. අප දැනට ගතකරමින් සිටින්නේද බුද්ධෝත්පාදක කාලසීමාවක් වේ.
බුදු රජාණන් වහන්සේ විසින් දේශනාකරන ලද ධර්මය උන්වහස්ගේ පරිනිර්වාණයෙන් පසුව ආරක්ෂිතව රැකගැනීම සදහා යහපත් රාජ්‍ය පාලකයින් මෙන්ම මහ නායක හිමිවරුන්ද දිවිහිමියෙන් නොයෙකුත් ශාසනික සේවාවන් සිදුකරන ලදී. ඒ අතරින් ධර්ම සංගායනා මූලික හා වැදගත් ස්ථානයක් හිමිකර ගනී. ගෞතම සම්බුද්ධ ශාසන ඉතිහාසය තුල ධර්ම සංගායනා පහක් දැකිය හැකි අතර ඉන් වඩාත්ම ප්‍රචලිත හා වැදගත්ම ධර්ම සංගායනා 03 ක් පිළිබදව ශාසන ඉතිහාසයේදී අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබේ.

No comments:

Post a Comment

Post Top Ad