විෂය ගැන යමක්... - BC

Hot

Post Top Ad

Your Ad Spot

Friday, January 11, 2019

විෂය ගැන යමක්...

විෂය ගැන යමක්...

බෞද්ධ ශිෂ්ටාචාරය විෂය පාසැල්වල හා පිරිවෙන්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර‍ උසස්පෙළ විභාගය සඳහා හැදෑරීමට ඇති විෂයයන් අතර ප්‍ර‍ධාන විෂයයකි. ඒ අනූව ලංකාව පුරාම සිටින පාසැල් සිසුන් අතරින් බොහෝ පිරිසක් මෙම විෂය තම උසස් පෙළ විෂය ධාරාව ලෙස තෝරා ගනී. තමන් හදාරණ අනෙක් විෂයයන්ට වඩා සුවිශේෂත්වයක් මෙම විෂය තුළ දැකිය හැකි වන්නේ පුද්ගල ජීවිතයම ආලෝකමත් කරන්නට මෙම විෂයට ඇති හැකියාව නිසා ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය ආශ්‍රයෙන් මෙම විෂය සකසා ඇත. වර්තමාන සමාජය තුළ පවතින ගැටළුකාරී හා අසහනකාරී වාතාවරණය හමුවේ මෙබඳු විෂයක් හැදෑරීම ඉවසීම, මනුෂ්‍යත්වය, කාරුණික බව, අන්‍යෝන්‍ය ගරුත්වය ආරක්ෂා කරන පිරිසක් නිර්මාණය වේ. එබැවින් භෞතික විද්‍යා, වෛද්‍ය විද්‍යා, වාණිජවිද්‍යා වැනි විෂයන් කෙතෙක් හැදෑරුව ද මානුෂිකත්වය ගොඩ නොනැගෙන්නේ නම්, එකිනෙකා අතර සාමූහිකව කටයුතු කිරීමට නොහැකි වන්නේ නම් ඒ කිසිවකින් ප්‍රයෝජනයක් නොමැත. එහෙත් මෙබඳු විෂයක් අධ්‍යයනය කිරීම සැම අතින්ම ඉවසීමෙන් කරුණාවෙන් යුක්ත පිරිසක් සමාජය තුළ නිර්මාණය කිරීමට උපකාරවේ. වර්තමානය තුල මෙම විෂය ඉගැන්වීමේ දී හා වැඩිදුර කරුණු සාකච්ඡා කිරීමේ දී ගැටළු රැසක් පවතී. එබැවින් ඒ සඳහා බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන හා ඒ සම්බන්ධව හදාරණ අප එකමිටක් ලෙස කටයුතු කළ යුතුය. විවිධ කරුණු හුවමාරු කරගැනීමට හා විෂයමාලා සකසන ආයතන මගින් කරන වැඩමුළු පිළිබඳ දැනුවත් වීමට, සටහන්, විභාග ප්‍ර‍ශ්න පත්‍ර‍, වාරසටහන්, පැවරුම් වැනි දෑ හුවමාරු කරගැනීමට මෙන් ම මේ සම්බන්ධ ලියැවුණු පොත්පත් හුවමාරු කරගැනීමට මෙම පිටුව වඩාත් ප්‍රයෝජන වනු ඇතැයි සිතමි. මෙම සටහන පිටුවේ බලධාරියා විසිනි


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot