ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය
ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනප්‍රවාද සහ වංශ කතා වලට අනුව බුදුරජාණන් වහන්සේ තුන්වරක් ශ්‍රී ලංකාවට වැඩම කරලා තියෙනවා. පළවෙනි පාර බුද්ධත්වයෙන් පළවෙනි වර්ෂයේත්, දෙවෙනි පාර බුද්ධත්වයෙන් 5 වන වර්ෂයේත්, තුන්වෙනි පාර බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේත් අපේ රටේ පිළිවෙලින් මහියංගනය, නාගදීපය, කැළණිය ඇතුළු ස්ථාන 13කට වැඩම කරලා, එම ප්‍රදේශවල හිටපු රජවරු, නායකයන් සහ ජන කොට්ඨාස සැදැහැවත් බෞද්ධයන් පිරිසක් බවට පත් කරනවා.
ලංකාවේ ගිරිහඩු සෑය, මහියංගන ස්තූපය, නාගදීප ස්තූපය, කැළණි චෛත්‍යය, කිත්සිරිමෙවන් ස්තූපය වැනි ස්තූප ගණනාවක්ම ජීවමාන බුදුරදුන්ගේ කාලයේ නිර්මාණය වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේගේ අවසන් ලංකාගමනයෙන් පස්සෙ ලංකාවේ බුදු දහම කෙමෙන් කෙමෙන් තුරන් වෙලා ගියා. මීට බලපෑ ප්‍රධානතම සාධකය නම් සංඝ සමාජයක් නොසිටීමයි. උන්වහන්සේ අපේ රටට තුන්වතාවක් වැඩම කළාට සංඝ සමාජයක් නිර්මාණය කළේ නෑ.
ධර්මය ව්‍යාප්ත කරන්න සංඝ සමාජය අත්‍යවශ්‍යයි. ගිහියන් විදිහට අපි ධර්මය ඇසුවත්, ඇසූ ධර්මය වෙනත් අයට කියා දෙන්නේ නෑ. ඒත් හාමුදුරුවරු කියන්නේ මේ අසිරිමත් ධර්මය ලෝකයාට දේශනා කරන්නම කැප වුණු පිරිසක්. උන්වහන්සේලා සියලු ගිහි සැප අතහැර දාලා, අනගාරිකත්වයට ඇතුළත් වුණේ අන්න ඒ නිසයි. ධර්මය කියා දෙන්න භික්ෂූන් නොසිටි නිසා, ධර්මය අපේ රට තුළ ව්‍යාප්ත වුණේ නෑ. බුද්ධ ධර්මය පිළිබද දන්නා අය, තම තමන්ගේ සිත් තුළම, එය තබා ගෙන හිටියා. අපේ රටේ සංඝ සමාජය ඇති වෙන්නේ මහින්දාගමනයෙන් පසුවයි.* ශාසනය නොමැති කල භික්ෂුව නොමැත. භික්ෂුව නොමැති කල ශාසනය නොමැත *

මහින්දාගමනය යනු 3 වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්. බුද්ධ පරිණිර්වානයෙන් වසර 218කට පස්සේ, පැළලුප් නුවර අශෝකාරාමයේදී, මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන්, මහ තෙරුන් 1000කගේ සහභාගීත්වයෙන් මාස 9ක් පුරාවට 3 වන ධර්ම සංගායනාව පැවැත්තුවා. මේ සදහා බලපාපු ප්‍රධානතම සහ ආසන්නතම හේතුව තමයි ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ පටු පරමාර්ථයෙන් බොහෝ පිරිසක් ශාසනයට ඇතුළත් වෙලා, ශාසනය අපිරිසිදු කරමින් සිටීම. ධර්ම සංගායනාවේ අවසානයත් එක්කම එවැනි පිරිස් 60 000 නැවත ගිහිබවට පත් කළා. ඊට අමතරව මේ සංගායනාවේදී තවත් වටිනා කියන පියවරක් ගන්නවා. ඒ තමයි නව රට සසුන්ගත කිරීමේ ව්‍යාපෘතිය. ඒ අනුව රටවල් 9කට මේ සද්ධර්මය, ධර්මදූතකයන් වහන්සේලා ලවා ව්‍යාප්ත කිරීමට තීරණය කරනවා (පසු කාලවල්වල සමස්ථ ඉන්දියාවෙන්ම බුදු දහම තුරන් වූවත්, සමස්ථ ලෝකයෙන්ම බුදු දහම තුරන් වූයේ නැත්තේ මේ නිසා).
ඒ අනුව පහළින් තියෙන රටවල් 9ට බුදු දහම ව්‍යාප්ත කරනවා.* මහා රට්ඨ (නූතන ඉන්දියාව - මධ්‍යම)
* අපරන්ත දේශය (නූතන ඉන්දියාව - ගුජරාටය)
* වනවාසි රට (නූතන ඉන්දියාව - තමිල්නාඩු)
* මහීස මණ්ඩල (නූතන ඉන්දියාව - මයිසූර්)
* කාශ්මීර් (නූතන පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය)
* යෝනක රට්ඨ (පාකිස්ථානය - පංජාබ්)
* හිමවන්ත ප්‍රදේශය (නේපාලය සහ හිමාලය ආශ්‍රිත)
* ස්වර්ණභූමි (බුරුමය)
* තම්බපණ්ණි (ශ්‍රී ලංකාව)

මේ අතරින් ශ්‍රී ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය කියන්නේ අමතක කරන්න බැරි මාතෘකාවක්. අතීතයේ වගේම වර්තමානයෙත් ථේරවාදී බුදු සසුනේ කේන්ද්‍රස්ථානය ලෙස විරුධාවලිය ලබා ඇති ශ්‍රී ලංකාවේ බුදු දහම හරියාකාරව ස්ථාපිත වෙන්නේ ක්‍රි.පූ 250දී. ලංකාවට බුදු දහම පැමිණීම දෙරටේ රාජ්‍ය නායකයන් අතර පැවති දීර්ඝ කාලීන මිතුදමක ප්‍රතිඵලයක් කියලා කියන්න පුලුවන්. ඒ වෙනකොටත් රජවරු දෙදෙනාම ධූත පිරිස් සහ ලිපි හරහා දෙරටේ රාජ්‍ය සබදතා සහ මිතුදම් ශක්තිමත් කරමින් සිටියා. ඒ නිසාම ලංකාවට දහම් පණිවිඩය රැගෙන යන්න භාර කරන්නේ මහින්ද හිමියන්ට. ඒ කියන්නේ ධර්මාශෝක රජුගේ එකම පුත්‍රයා.
ඊට පස්සෙ පොසොන් පුර පසළොස්වක පෝය දවසෙ අශෝක රජතුමාගේ පුත්‍රයා වුණු මහින්ද මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමන මහ රහතන් වහන්සේලා සහ භණ්ඩුක උපාසකවරයා එක්ක මිහින්තලා කදු මුදුනට වැඩම කරලා, දේවානම්පියතිස්ස රජතුමාව මුණ ගැහෙනවා."මහ රජ අපි ධර්ම රාජ වූ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දඹදිව් තලය කසාය වස්ත්‍රයෙන් බබළයි. තවත් මේ වගේ සෘද්ධිමත්, පරසිත් දන්නා, දිවකන් දන්නා මහ රහතන් වහන්සේලා දහස් ගණනක් දඹදිව වැඩ සිටියි".දේවානම්පියතිස්ස රජතුමා බුදුන් දහම් සගුන් සරණ ගිහින් බෞද්ධ උපාසකයෙක් වෙනවා. විජයාවතරණයෙන් පස්සෙ අපේ රටේ බුදු දහම වැළදගත්ත පළවෙනි පාලකයා තමයි දේවානම්පියතිස්ස රජතුමා. ඒ කියන්නෙ පළවෙනි බෞද්ධ උපාසකවරයා. රජතුමා බුදු දහම වැළද ගන්නවත් එක්කම රජුගේ ආගම රාජ්‍ය ආගම වෙනවා. රාජ්‍ය ආගම රට වැසියාගේ ආගම වෙනවා. රටේ අනිත් මිනිස්සු රජ්ජුරුවන්ව ආදර්ශයට අරගෙන බුදු දහම වැළදගන්නවා. අපේ රටේ උපාසක උපාසිකා සමාජය නිර්මාණය වෙනවා. 1000කට වඩා පිරිසක් සෝවන් වෙන්න වාසනාව ලබනවා. ඉතින් රජතුමා තමන්ගෙ පියා (උත්තිය රජුතුමා) නිර්මාණය කරපු මහමෙව්නා උයන සඝ සතු කරනවා.

මහින්දාගමනයෙන් පස්සෙ මහින්ද මහ රහතන් වහන්සේගේ අධීක්ෂණය යටතේ දේවානම්පියතිස්ස රජතුමා "මහා විහාරය" නිර්මාණය කරනවා. ඒ තමයි ලංකාවේ බුදු දහමේ මූලස්ථානය. ටික කාලයක් ගියායින් පස්සෙ රජතුමාගේ බෑණා වෙන අරිට්ඨ ඇමතිවරයා සහ තවත් 500 දෙනෙක් පැවිද්ද ලබලා අපේ රටේ භික්ෂු ශාසනය ඇති කරනවා. මේ අතරේ අපේ රටේ කාන්තා පක්ෂයත් පැවිද්ද ඉල්ලනවා. ඒ නිසා මහින්ද මහරහතන් වහන්සේගේ අදහසකට අනුව දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවට පණිවිඩයක් යවනවා. මේ අතරතුර කාලයේ මිහිදු හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, අරිට්ඨ හිමියන් ඇතුළු භික්ෂූන් 60ක් සංගායනාවක් පවත්වනවා. මේ තමයි ලංකාවේ පළවෙනි සංගායනාව. ඒ අනුව අපේ රටේ ධර්මය කටපාඩමින් පරපුරෙන් පරපුරට රැගෙන යාමේ පිරිසක් (භානක පරපුර) නිර්මාණය වෙනවා. ඊටත් අමතරව මිහිදු හිමියන්ගේ උපදෙස් ඇතුව දේවානම්පියතිස්ස රජුගේ මූලිකත්වයෙන් ථූපාරාම චෛත්‍යය නිර්මාණය කෙරෙනවා. ඒ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධන් කරලා.
අර කලින් යවපු පණිවිඩය අනුව අශෝක රජතුමාගේ දියණිය, සංඝමිත්තා මහරහත් තෙරණිය, විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් අරගෙන, අපේ රටේ භික්ෂුණී ශාසනය පිහිටුවන්න නෞකාවකින් අපේ රටේ දඹකොළ පටුන (ජම්බකෝල පට්ටන) ප්‍රදේශයට වැඩම කරනවා. ජය ශ්‍රී මහා බෝධිය භාර ගන්න රජතුමත් අනුරාධපුරයේ ඉදන් දඹකොළ පටුනට විශාල පෙරහැරකින් යනවා. ජනප්‍රවාදයේ තියෙන විදිහට නැව වරායට එනකන් ඉන්නෙ නැතුව, රජතුමා මුහුදට බැහැලා, කර වටක් ජලය පිරෙනකන් නැව දිහාවට ඇවිදගෙන යනවා. ඉතින් මුහුදට බැහැලා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේව භාර ගන්න රජ්ජුරුවෝ, මහා පෙරහැරකින් බෝධින් වහන්සේව දඹකොළ පටුනෙ ඉදන් අනුරාධපුරයට වඩම්වනවා. මේ බෝධි වෘක්ෂය රෝපණය කරන්න රජතුමා තෝරා ගන්නෙ, මහමෙව්නා උයන.

අශෝක රජතුමා අපිට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් දීලා නිකන් හිටියෙ නෑ. බෝධියේ ආරක්ෂාවට සංඝමිත්තා මහරහත් තෙරණියත් එක්කලා ආරක්ෂක මණ්ඩලයක් එවනවා. ඒ අය බෝධිය රෝපණය කළායින් පස්සෙ අපේ රටේම නතර වෙනවා. ඒ අයව හදුන්වන්නෙ "නීලමක්කාර පරම්පරාව" කියලා. ඒ අයගේ රාජකාරිය වුණේ පරම්පරාවෙන් පරම්පරාවට, පාරම්පරිකව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආවතේව කටයුතු සිද්ධ කිරීම. ටික කාලයක් යන කොට ශ්‍රී මහා බෝධින් වහන්සේ කේන්ද්‍ර කර ගෙන ලොකු සංස්කෘතියක් ආරම්භ වෙනවා. නානුමුර මංගල්‍ය, පරණ අවුරුදු මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, කාර්තික මංගල්‍ය, අලුත් සහල් මංගල්‍ය, තේවාව, පෙරහැර ඒවාට හොදම උදාහරණ විදිහට ගන්න පුලුවන්. බෝධීන් වහන්සේ අපේ මිනිස්සුන්ට ගොඩක් සමීප වෙනවා. අපේ මිනිස්සුත් බෝධීන් වහන්සේව පණ වගේ ආරක්ෂා කරන්න ගන්නවා.
ඒ වගේම භික්ෂු පරම්පරාවකටත් ශ්‍රී මහා බෝධියේ භාරකාරත්වය පවරනවා. දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව වුණු අනුලා දේවිය සහ තවත් කාන්තාවො 500ක්, සංඝමිත්තා මහරහත් තෙරණිය යටතේ පැවිද්ද ලබනවා. මේත් එක්කම අපේ රටේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස සම්පූර්ණ වෙනවා. දේවානම්පියතිස්ස රජතුමත් අපේ රටේ හාමුදුරුවරුන්ට සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඊට පස්සේ රජතුමා අපේ රට තුන්වතාවක් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරලා අපේ රට පුරාවටම වෙහෙර විහාර සහ ආරාම නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඉසුරුමුණිය, වෙස්සගිරිය, මිහින්තලේ, පඨමක චෛත්‍යය, උපාසිකා විහාරය, හත්ථාල්හක විහාරය, නිවත්තක විහාරය, මහාපාලි දාන ශාලාව, පාචීනාරාමය, නාගදීප විහාරය වගේ විහාරාරාම කරවලා, භික්ෂූන් වහන්සේලාගේ බණ භාවනා කටයුතු වෙනුවෙන් ගල් ලෙන් 68ක් පූජා කරනවා.

අපේ රටට බුදු දහම ඇවිත් බොහොම කෙටි කාලයකින් මුළු රට පුරාම ව්‍යාප්ත වුණා. හරියට රැයක් එළිවෙලා උදේ වරුව උදා වෙනකොට වගේ. මේකට කාරණා කිහිපයක් බලපාලා තියෙනවා.
01. දේවානම්පියතිස්ස රජු බුදු දහම වැළද ගැනීම
02. බුදු දහමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම
03. අවිහිංසාවාදී ආගමක් වීම
04. සංවිධානාත්මක ආගමක් වීම
05. භික්ෂු භික්ෂුණී ශාසනයක් තිබීම
06. ධර්ම දූතයන් වහන්සේලාගේ කැපවීම
07. බෞද්ධ වෙහෙර විහාර ඉදි වීම
08. ශ්‍රී මහා බෝධිය වැඩම වීම
09. ගිරි, වන, ජල දුර්ග වලින් අවම රටක් වීම
මහින්ද හාමුදුරුවො මිහින්තලා කන්දෙදි රජතුමාට ධර්මය දේශනා කරලා, එතුමාව බෞද්ධයෙක් කරනවා. දැන් රජතුමාගේ ආගම බුද්ධාගම. ඊට පස්සෙ රජතුමාගේ ආගම රාජ්‍ය ආගම වෙනවා. ඊටත් පස්සෙ රාජ්‍ය ආගම, රට වැසියාගේ ආගම වෙනවා. මොකද රටේ පාලකයගෙ අඩි පාරෙ තමයි මිනිස්සුත් යන්නෙ. පාලකයා නිවැරදි මාර්ගයෙ ගියොත් මෙහෙමයි. වැරදි මාර්ගයෙ ගියොත් එහෙමයි. රජතුමා බුදු දහම වැළදගෙන මේ උත්තරීතර ධර්මය රට පුරා ව්‍යාප්ත කරන්න අනුග්‍රහය දෙනවා. මහ මෙව්නාව සඝ සතු කරලා, සිවුපසයෙන් භික්ෂූන්ට උපස්ථාන කරලා, වෙහෙර විහාර හදන්න ගත්තා.
බුදු දහම කියන්නෙ හරිම ගැඹුරු ධර්මයක්. හැබැයි සරලයි. අවිහිංසාවාදීයි. ඒ නිසා රට වැසියට බරක් වුණේ නෑ. බලෙන් කා වැද්දීමක් නෑ. අපිට කැමති නම් බුදු දහම අතෑරලා යන්න පුලුවන්. නැත්නම් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. දේව නියමයක් නෑ. ඒ නිසා අපිට ඕනෑම තැනකදි ධර්මය ගැන ප්‍රශ්න අහන්න පුලුවන්. සිතීමේ සහ විමසීමේ නිදහස තියෙනවා. අන්න ඒක තමයි බුදු දහමේ තියෙන, අනිත් ආගම්වල නැති විශේෂත්වය. මේ නිසා මිනිස්සු බුදු දහම කෙරෙහි පැහැදෙන්න ගත්තා.
ඒ වගේම බුදු දහම අපේ රටට එනකොට, බුදු දහමට අභියෝග කරන්න පුලුවන් කිසිම ආගමක් අපේ රටේ තිබුණෙ නෑ. එව්වා සංවිධානාත්මක නෑ. ස්ථාවර නෑ. කිසිම හරයක් නෑ. ප්‍රාථමිකයි. ඒ නිසා බුදු දහම නිදහසේ වේගයෙන් රට වටේ ප්‍රචාරය වෙන්න ගත්තා. අපේ රටේ පැවිදි සමාජයක් නිර්මාණය වුණායින් පස්සෙ, ඒ අය අව්ව, වැස්ස, රෑ, දවල් බලන්නෙ නැතුව කැපවීමෙන්, ඕනෑකමින් ධර්ම දූත සේවයේ නිරත වුණා. මේත් එක්කම ගම් නියම්ගම්වල බෞද්ධයෝ බිහි වෙන්න ගත්තා. වෙහෙර විහාර ඉදි වුණා. ජනතා සහයෝගය සහ රාජ්‍ය අනුග්‍රහය මෙව්වට ලැබෙන්න ගත්තා. බෞද්ධ ආකල්ප ව්‍යාප්තියට "ගමයි පන්සලයි වැවයි දාගැබයි" සංකල්පය ඔස්සේ බුද්ධාගම අපේ රටේ ජාතික ආගම වෙනවා.

අපේ රටේ මිනිස්සු මහින්දාගමනය වෙනකොටත් එක එක ඇදහිලි සහ විශ්වාස අනුව ජීවත් වුණු කොටසක්. ඉතින් එක පාරටම බුදු දහම වැළද ගන්න කියලා, මහින්ද හාමුදුරුවො කියන්න ගියේ නෑ. ඒ අය වෘක්ෂ වන්දනාවේ යෙදුනා. ඉතින් ඒ වෘක්ෂ වන්දනාවට නව අර්ථකතනයක් එක් කරලා ශ්‍රී මහා බෝධිය රෝපණය කරනවා. ඊට පස්සෙ ඒ බෝධින් වහන්සේගෙන් හට ගත්ත අෂ්ඨ ඵල රූප, දෙතිස් ඵල රූප, සමසතලිස් බෝධීන් වහන්සේලා රට පුරා රෝපණය කරනවා. යථාර්තය නොදැන ඔහේ ගස්වලට වන්දනාමාන කර කර හිටිය මිනිස්සු, යතාර්තය දැනගෙන තේරුමක් ඇතුව බෝධි වන්දනයේ නිරත වෙන්න ගන්නවා. අර්ථයක් හෝ අරමුණක් නොමැතිව මළවුන් වන්දනාවේ යෙදුනු පිරිස්, උතුම් පුද්ගලයෙකුගේ ශාරීරික ධාතුන් නිධන් කළ ස්තූප වන්දනයට යොමු වුණා. ඔන්න ඔහොම ටිකෙන් ටික අපේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරයක් නිර්මාණය වෙනවා.
ලංකාව කියන්නෙ ඉන්දියාවෙන් 60 ගුණයකටත් වඩා පුංචි රටක්. ඉන්දියාව පුරා බුදු දහම ව්‍යාප්ත වුණේ නැතත්, ලංකාව පුරා බුදු දහම ක්ෂණිකව විකාශය වෙනවා. ඉන්දියාවෙ තරම් ලොකු ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග, කාන්තාර අපේ රටේ නෑ. ඒ නිසා ධර්ම දූත කණ්ඩායම්වලට කිසිම බාධාවකින් තොරව ඒ කටයුතුවල නිරත වෙන්න පුලුවන් වුණා. අන්තිමට මහා විහාරය, අභයගිරිය, ජේතවනාරාමය වගේ ආයතනත් කරට කර හැප්පෙමින් බෞද්ධ අධ්‍යාපනය ලෝකයටම බෙදන්න ගන්නවා. ඒ නිසා අධ්‍යාපනයේ වගේම ශාසනයෙත් තරගයක් ඇති වෙනවා. මේ තරගකාරීත්වයත් බුදු සසුනේ චිරස්ථිතියට බලපානවා. ඒ වගේම බුදු දහමෙන් අපේ සංස්කෘතියේ ලොකු වෙනසක් වුණා. ක්‍රමවත් අක්ෂර කලාවක් ලැබීම, චිත්‍ර කලාව දියුණු වීම, කැටයම් කලාව දියුණු වීම, මුර්ති කලාව දියුණු වීම, ගෘහ නිර්මාණ කලාව දියුණු වීම කියන කරුණු කාරණා වලට අමතරව මේ කාරණා ටිකත් ඇතුල් කරන්න පුලුවන්.
01. සමාජීය ඒකාබද්ධතාවයකට මග පෑදීම
02. සදාචාර සම්පන්න සමාජයක් බිහි වීම
03. සංවිධානාත්මක ආගමක් ලැබීම
04. නීතිගරුක ධාර්මික පාලකයන් බිහි වීම
05. භාෂා සාහිත්‍යයේ ආරම්භය 06. ඓතිහාසික සම්ප්‍රදායක් ලැබීම

අපේ රටේ ජාති ආගම් කුල මල භේද නිර්මාණය වුණේ නැත්තෙ බුදු දහම නිසයි. බුදු දහම අපේ රටට ආවයින් පස්සෙ ධාර්මික රැකි රස්සාවලට නෑඹුරු වෙන සමාජයක් නිර්මාණය වුණා. දෑතේ දෙපයේ වෙර වීර්යය යොදලා කෘෂි කර්මාන්තයේ යෙදුනා. පංච ශීල ප්‍රතිපදාව නිසා අපේ මිනිස්සු නොමගට යන එක නැවතුනා. අදුරේ හිටපු මිනිස්සුන්ට ආලෝකයට ඇවිල්ලා විමුක්තිය ලබා ගන්න පුලුවන් වුණා. අපේ රටේ රාජ්‍ය පාලනය නිර්මාණය වෙනකොටත් බුදු දහම මූලික වෙනවා. දස රාජ ධර්ම, දස සක්විති වත්, සතර සංග්‍රහ වස්තු, සප්ත අපරිහාණී ධර්ම, පංච ශීලය, සතර බ්‍රහ්ම විහරණ, සතර අගතියෙන් තොරවීම වගේ ඉගැන්වීම් නිසා පාලකයා ජනතාවගේ ප්‍රසාදයට ලක් වෙන්න ගන්නවා. මහින්දාගමනයෙන් ලැබුණු ක්‍රමවත් අක්ෂර මාලාව නිසා බෞද්ධ ලේඛන කලාව දියුණු වෙනවා.
මහින්දාගමනයත් එක්ක අපේ රටටම අනන්‍ය වුණු සම්ප්‍රදායක් නිර්මාණය වෙනවා. පීතෘ මූලික ජන සමාජයක් ගොඩ නැගෙනවා. වැඩිහිටි ගෞරවය සහිත, සාරධර්ම සහ ගුණධර්මවලින් යුක්ත වටපිටාවක් නිර්මාණය වෙනවා. ශ්‍රී මහා බෝධිය, දළදා වහන්සේ කේන්ද්‍ර කර ගෙන ජන සමාජයක් සහ ජන සංස්කෘතියක් නිරමාණය වෙනවා. සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර අපිට ලැබෙනවා. මහින්ද මහරහතන් වහන්සේ මේ විදිහට අපේ රටට කරපු මෙහෙවර නිසා තමයි අපේ අය උන්වහන්සේව, බුදුන් වහන්සේට පමණක් දෙවෙනි කොට (අනුබුදු) සළකන්නෙ. සංඝමිත්තා තෙරණියගේ උපකාරයත්, මේ කර්තව්‍ය සාර්ථකව කර ගන්න මහින්ද හාමුදුරුවන්ට ලොකු පිටුවහලක් වුණා.

දේවානම්පියතිස්ස රජ දවසින් පස්සේ අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් වුණු 150කටත් වඩා අධික රාජ්‍ය පාලකයන්ගෙන් 95%ක්ම බුදු සසුන වෙනුවෙන් ඇප කැප වුණා. ලංකාවේ රජෙකුගෙන් මිනිසුන් බලාපොරොත්තු වුණේ කරුණු දෙකයි. එකක් තමයි ආර්ථික සංවර්ධනය (කෘෂිකර්මය සහ වාරි කර්මාන්තය දියුණු කිරීම). අනිත් එක තමයි බුදු සසුනේ චිරස්ථිතිය (සංඝයාට අනුග්‍රහය දැක්වීම සහ වෙහෙර විහාර නිර්මාණය). ඒ නිසා බුදු සසුන වෙනුවෙන් ඇපකැපව සේවය කිරීම සෑම රජ කෙනෙකුගේම යුතුකමක් සහ වගකීමක් වෙනවා. දේවානම්පියතිස්ස රජුගෙන් පස්සේ අනුරපුර රාජධානියේ බුදු සසුන වෙනුවෙන් කැප වුණු රජවරුන් අතරේ ප්‍රබලම රජවරුන් ගණනාවක් ඉන්නවා. ඒ අතරිනුත් ප්‍රබලතම රජවරුන් කිහිප දෙනෙක් ගැන සදහන් කළොත් වටිනවා.
දේවානම්පියතිස්ස රජුගෙන් පස්සේ බුදු සමයේ ව්‍යාප්තිය වෙනුවෙන් සේවාවක් කරපු පළමුවැන්නා දුටුගැමුණු රජතුමායි. ශ්‍රී ලාංකිකයන් අතරේ ඔහුට තියෙන ගරුත්වය වෙනත් කිසිම රජ කෙනෙකුට නැති තරම්. වසර ගණනාවක් තිස්සේ අපේ රට යටත් කරගෙන හිටපු දකුණු ඉන්දීය ආක්‍රමණිකයෙක් වුණු එළාර රජුට විරුද්ධව නිදහස් සටන ආරම්භ කළේ "මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව, බුදු සසුනේ චිරස්ථිතිය උදෙසාය" යන ප්‍රකාශය පෙරදැරි කරගෙනයි. මේ නිසා මේ සටන් ව්‍යාපාරයට රටේ සෑම වැසියෙකුගෙන් මෙන්ම මහා සංඝරත්නයෙන්ද ආශිර්වාදය ලැබුනා. ගැමුණු රජතුමා අනුරපුරයේ සටනට යන විට මහා සංඝරත්නය පිරිත් කියමින් හමුදාව ඉදිරියෙන් ගමන් කළා කියලා සදහන් වෙනවා. යුද්ධ ව්‍යාපාරය වෙනුවෙන් මහා සංඝරත්නය අනුශාසනා සහිතව යම් කැපවීමක් කළා. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ ප්‍රධානීන් දස දෙනා අතරේ හිටපු ථෙරපුත්තාභය නම් තැනැත්තා භික්ෂුවක් ලෙස ඉද, රට බේරා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් සිවුරු හැර දාලා ආපු කෙනෙක්.
යුද්ධ ජයග්‍රහණයෙන් පස්සේ රජතුමා පොරොන්දු වුණු විදිහටම ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන්, තම සහෝදරයා වූ සද්ධාතිස්සත් සමග එක්වී බොහෝ වැඩ කටයුතු සිදු කළා. රුවන්වැලි මහා සෑය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේද ගැමුණු රජතුමාටයි. මේ පොළොවේ ඇති බුදුන් වහන්සේගේ විශාලතම ශාරීරික ධාතු එකතුව තැන්පත් කරලා තියෙන්නේ රුවන්වැලි සෑයෙයි. ඒ වගේම සංඝරත්නය වෙනුවෙන් ලෝවමහාපායත්, මිරිසවැටිය ස්තූපය, විජිතපුර විහාරය ආදී වශයෙන් වෙහෙර විහාර ගණනාවක් එතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණා.

ගැමුණු රජතුමාගෙන් පසුව කරලියට පිවිසෙන ප්‍රබලතම චරිතය තමයි වළගම්බා රජතුමා. ඒ කියන්නේ දුටුගැමුණුගේ සහෝදරයාගේ බාල පුත්‍රයා. මේ කාලයේ තමයි අපේ රටේ බුදු සසුන පිහිටෙව්වායින් පස්සේ බුදු සසුනට ආපු අභාග්‍යසම්පන්නම කාල වකවානුව. එක පැත්තකින් තීය කියලා බ්‍රාහ්මණයින් පිරිසක් රජු එක්ක යුද්ධ කරන්න ලෑස්ති වෙනවා. තවත් පැත්තකින් දකුණු ඉන්දියාවෙන් දැවැන්ත ද්‍රවිඩ ආක්‍රමණයක් එල්ල වෙනවා (සත් ද්‍රවිඩ ආක්‍රමණය). තවත් අතකින් මහා සාගතයක් (බැමිණිතියා සාය).
සතුරාගෙන් සතුරා විනාශ කිරීමේ න්‍යාය සූක්ෂමව ක්‍රියාවට නංවන රජතුමා ස්වදේශික ආක්‍රමණිකයන් විනාශ කිරීමේ අරමුණින් ඔවුන් සහ විදේශීය ආක්‍රමණිකයන් අතර යුද්ධයක් ඇති කළා. ස්වදේශික ආක්‍රමණිකයන් සමූල ඝාතනය වීමත් සමග, විදේශීය ආක්‍රමණිකයන් සමග යුද්ධය ආරම්භ කළත්, නොසිතූ මොහොතක යුද්ධයෙන් පරාජයට පත් වෙන රජතුමා, මලය දේශයට පලා ගිහින් අවුරුදු 14ක් සහ මාස 7ක් හැංගිලා හිටියා. මේ කාලය අතරතුර කුපික්කලතිස්ස කියලා හිමි නමක් රජතුමා හට උපස්ථාන කරන අතරේ රජතුමාත් සමග එකතු වෙලා නිදහස ලබා ගැනීම වෙනුවෙන් සැලසුම් නිර්මාණය කරමින්, සටනට අවශ්‍ය කරන විශාල හමුදාවක් ගොඩ නැගුවා. වසර 14කට පසුව නැවතත් සටන් වදින රජතුමා, විදේශිකයන් පරාජය කරමින්, දෙවන වරටත් සිහසුන ලබා ගන්නවා. කුපික්කලතිස්ස හිමියන්ගේ ආධාර රජතුමාට නොලැබුනේ නම් යුද්ධය නිසැකයෙන්ම පරදිනවා. මේ නිසා තමයි මහා සංඝරත්නයට "ජාතියේ මුර දේවතාවුන්" කියලා කියන්නේ.
ඊට පස්සේ කුපික්කලතිස්ස හිමියන්ගේ මෙහෙවර වෙනුවෙන් රජතුමා අභයගිරි විහාර සංකීර්ණය හදලා පූජා කරනවා. මෙම පූජාවට මහා විහාරයේ භික්ෂූන් විරුද්ධ වූ නිසා රජුත් මහා විහාරයත් අතර ගැටුමක් හට ගන්නවා. ඒ මෙය පෞද්ගලිකව සිද්ධ කරන පූජාවක් නිසා. ඊට පස්සේ මහා විහාරයෙන් වෙන්වෙලා කුපික්කලතිස්ස හිමියන් තමන්ගේ ශිෂ්‍යයන් 500ක් සමග අභයගිරියේ පදිංචියට යන අතර මෙය ලංකාවේ ශාසන ඉතිහාසයේ දෙකඩ වීමක් ලෙසත්, ලංකාවේ ප්‍රථම පෞද්ගලික ආරාම පූජාව ලෙසත් ඉතිහාස පොත්වල සදහන් වෙනවා. ඒත් මතය ප්‍රතික්ෂේප කරන වර්තමාන ඉතිහාසඥයන් පවසන්නේ අභයගිරිය එවකට සැප පහසුකම් අතින් අග්‍රගන්‍ය වූ ස්ථානයක් නිසාත්, විදේශීය භික්ෂූන් අභයගිරියට පමණක් වැඩම කළ නිසාත්, මහා විහාරයේ භික්ෂූන් අභයගිරියත් සමග මහත් වූ ඊර්ෂ්‍යාවකින් පෙලුනා කියලයි.

පස්සේ කාලයක අභයගිරි විහාරය කේන්ද්‍ර කරගෙන විශාල ආගමික සහ විද්‍යා ප්‍රබෝධයක් ඇති වෙනවා. විදේශීය භික්ෂූන්ගේ පැමිණීමත් සමග ලොව වටා ඇති දැනුමේ භාණ්ඩාගාරයක් බවට පත් වෙනවා. ඊටත් පසු කාලයක අභයගිරිය ලංකාවේ මහායාන බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා. ඒ වගේම විවිධ නිකායන් බිහි වෙනවා. මේවාට අමතරව ලංකාරාමය, දඹුල්ල ලෙන් විහාරය, ලෙනවර විහාරය ආදී වශයෙන් විහාරාරාම ගණනාවක් ඉදි කරන්න වළගම්බා රජු පියවර ගන්නවා.
මාතලේ "ආලෝක විහාරය" හෙවත් "අළු විහාරයේ" ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමත් වළගම්බා රාජ්‍ය සමයෙම සිද්ධ වුණු එක තවත් විශේෂත්වයක්. මේ කාලය තුළ අපේ රටේ තිබුණු මහා සාගතය නිසා දහස් ගණන් භික්ෂූන් වහන්සේලා අපවත් වුණා. බොහෝ පිරිසක් මේ දේශගුණය ඉවසගන්න බැරුව වෙනත් වෙනත් රටවල් වලට වැඩම කළා. මේ වෙන කොට තිබුණේ ධර්මය කට පාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන ක්‍රමයක්. ඉතින් භික්ෂූන් වහන්සේලාගේ අපවත් වීම නිසා බුද්ධ ධර්මය අපේ රටෙන් මැකිලා යන්න පටන් ගත්තා.
පොත්පත්වල තියෙන විදිහට නම් මේ මහා සාගතය නිසා, සමහරක් හාමුදුරුවරු අපවත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් පොළොවේ, වැල්ලෙ තමන්ට ඒ වෙලාවේ මතකයට එන ධර්ම කරුණු සටහන් කළාලු. තවත් හාමුදුරුවරු අපවත් වෙන්න යන බව දැන ගෙන, අසාධ්‍ය තත්වයේ හිටියත්, තමන්ගේ ළග ඉන්න හාමුදුරුවරුන්ට කණට කොදුරලා තමන් දන්න දහම් කරුණු දේශනා කළා. මේ මහා සාගතය නිසා ඒ හාමුදුරුවරුත් ඉක්මනින්ම අපවත් වෙන බව දැන දැනත් මේ දේවල් කළේ, අසිරිමත් ශ්‍රී සද්ධර්මය තව මොහොතකට හරි ආරක්ෂා කරන්නයි.

මේ නිසා අපේ හාමුදුරුවරු 500 නමක් එකතු වෙලා ගොඩක් වටිනා තීරණයක් ගන්නවා. ඒ තමයි බුදුන් වහන්සේ දේශනා කරපු 84 000ක ධර්ම ස්කන්ධය හෙවත් සූත්‍ර, විනය, අභිධර්ම කියන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම. බුදු දහම කට පාඩමින් පවත්වා ගෙන යනවා වගේම, ග්‍රන්ථවලත් ඒ දේවල් සටහන් කරනකොට, ආයිත් මේ වගේ සාගතයක් ආවත් බය වෙන්න දෙයක් නෑ. මොකද ධර්මය මේ පොත්වල සටහන් වෙලා තියෙන නිසා. මහා වංශයට අනුව මේ විශේෂ කටයුත්තට අනුග්‍රහය දුන්න කෙනෙක් හොයා ගන්න නෑ. ඒත් මේකට ප්‍රාදේශීය නායකයෙක් හරි අගමැතිවරයෙක් හරි අනුග්‍රහය දුන්නා කියලා මතයක් තියෙනවා. නමුත් වර්තමානය වෙන කොට මේකත් ප්‍රතික්ෂේපිත මතයක්. වර්තමාන මතය නම් වළගම්බා රජතුමා මේකට සහයෝගය දුන්නා කියන එකයි. මහා වංශය ලියන්නේ මහා විහාරයේ හිමි නමක්. ඉතින් මේකෙදි පක්ෂග්‍රාහී බවක් පෙන්නුම් කරලා තියෙනවා. මහා විහාරයත් එක්ක ගැටුම් ඇති කර ගත්තු රජවරු මහා වංශයෙන් විසික් වෙලා ගිහිල්ලා තියෙනවා. මහා විහාරයට පක්ෂව වැඩ කරපු රජවරු ගැන ඉහළ වර්ණනාවන් තියෙනවා.
මේක මහා පරිමාණයේ යෝධ ව්‍යාපෘතියක්. බුදු හාමුදුරුවන්ගේ 84 000ක ධර්ම ස්කන්ධය සූත්‍ර, විනය, අභිධර්ම විදිහට කොටස් 3කට බෙදලා ඒවා එකින් එක, පුස්කොල පොත්වල සටහන් කරන්න ඕන. ඊට පස්සෙ ඒවා කිහිප වරක් නැවත නැවත කියවලා, වැරදි නිවැරදි කර ගන්න ඕන. ඊට පස්සෙ මේකෙන් පිටපත් ගොඩක් ගන්න ඕන. ඒ වගේම තවත් පිටපත් වගයක් වෙනම අරගෙන එව්වා අනිත් බෞද්ධ රටවලටත් යවන්න ඕන. ඉතින් මේ වගේ දේකට "රාජ්‍ය අනුග්‍රහය" අනිවාර්යෙන්ම අවශ්‍යයි. රජතුමා මහා විහාරයේ හාමුදුරුවරු එක්ක ප්‍රශ්න ඇති කර ගෙන හිටියත්, මේ කටයුත්ත සමස්ථ බුදු සසුනේම චිරස්තිථිය සහ පැවැත්ම උදෙසා සිද්ධ කරපු දෙයක්.

වළගම්බා රජතුමාගෙන් පස්සේ එන ප්‍රබලතමයා තමයි මහසෙන් රජතුමා. අපේ රටට මහායාන බුදු දහම පළවෙනි වතාවට පැමිණෙන්නේ "වෝහාරික තිස්ස" රාජ්‍ය පාලන සමයේ. මහායානික භික්ෂුන් වහන්සේලා, අපේ රටේ ධර්ම ප්‍රචාරයේ යෙදුනත් ප්‍රචාරය කරන්නේ මහායානික බුදු දහම නිසා, වෝහාරික තිස්ස රජ්ජුරුවෝ මේ භික්ෂූන් වහන්සෙලාව අල්ලලා, කන්දකින් පල්ලෙහට තල්ලු කරලා දැම්මා කියලා පොත්පත් වල සදහන් වෙනවා. මේ භයානක සිදු වීම නිසා, අපේ රටේ මහායාන ධර්මය ප්‍රචාරය වීම ටික කාලයකට නතර වෙනවා. ආයිත් අපේ රටේ මහායානය ප්‍රචාරය වෙන්න පටන් ගන්නේ ගෝඨාබය රාජ්‍ය සමයේදී.
අපේ රටේ තියෙන ථේරවාදය එදා ඉදලම ආරක්ෂා කළේ, දේවානම්පියතිස්ස රජ දවස ස්ථාපිත කරපු "මහා විහාරය"යි. මහායානයේ ආගමනයට තදින්ම විරුද්ධ වුණු මහා විහාරයේ භික්ෂූන්, මෙය වහාම නවත්තන ලෙස රජතුමාගෙන් ඉල්ලීමක් කළා. මේ නිසා රජතුමා මහායානික භික්ෂූන් වහන්සේලාගේ ශරීරවල, රත් කළ යකඩයකින් සළකුණු තබලා රටින් පිටුවහල් කළා. ලංකාවෙන් ඉන්දියාවට වැඩම කරපු උන්වහන්සේලා, ඉන්දියාවේ ජීවත් වෙන්න ගත්තා. මින් එක් හිමිනමකගේ ශිෂ්‍යයෙක්ට මේ සිදුවීම දැන ගන්න ලැබෙනවා. උන්වහන්සේ ලංකාවෙන් ඉන්දියාවට ගියපු "සංඝමිත්ත" කියලා හිමි නමක්. තමන්ගේ ගුරු හාමුදුරුවරුන්ට කළ දේට මහා විහාරයෙන් සහ රජුගෙන් පළිගන්න උන්වහන්සේ ලංකාවට වැඩම කරනවා. ලංකාවට වැඩම කරලා ගෝඨාභය රජතුමත් සමග මිත්‍ර වෙන උන්වහන්සේට රජතුමා, ඔහුගේ දරුවන් දෙදෙනා වුණු ජෙට්ටතිස්සගේ සහ මහසෙන්ගේ අධ්‍යාපන කටයුතු භාර කරනවා.
සංඝමිත්ත කුමාරවරු දෙදෙනාට අධ්‍යාපනය දෙන ගමන් මහා විහාර සහ ථේරවාද විරෝධී අදහස් උගන්නනවා. වැඩිමහල් ජෙට්ටතිස්ස මෙය ප්‍රතික්ෂේප කළත්, මහසෙන් මේවා ඉහළින්ම පිළිගන්නවා. පසු කාලයක ගෝඨාභයගේ මරණින් පසුව ජෙට්ඨතිස්ස සිංහාසනාරූඪ වෙනවා. ජෙට්ඨතිස්සව ඝාතනය කර මහසෙන් කුමාරයාව ඉක්මනින් රජ කරවන්න, සංඝමිත්ත කරමින් හිටිය කුමන්ත්‍රණයක් හසු වී, සංඝමිත්ත ඉන්දියාවට පලා යනවා. වසර 10කට පස්සේ ජෙට්ඨතිස්සගේ අභාවයෙන් පසුව රජවෙන මහසෙන් රජතුමා, සංඝමිත්තව ලංකාවට ගෙන්නගෙන උපදේශක තනතුරේ පිහිටවනවා. මහා විහාරයෙන් පලි ගැනීමේ චේතනාව ක්‍රියාත්මක කරන සංඝමිත්ත ථේරවාද බෞද්ධ විරෝධී සහ මහා විහාර විරෝධී අදහස් රජතුමාගේ මනසට ඇතුල් කරනවා. ඊට පස්සෙ රජතුමා මහා විහාරයට දන් දෙන අයට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න නීතියක් පනවනවා. දානය නොලැබෙන නිසා මහා විහාරයේ භික්ෂූන් විදෙස් රටවලට සහ පිට පළාත් වලට වැඩම කරනවා. ඊට පස්සෙ සංඝමිත්ත ඇතුළු පිරිස මහා විහාරයේ තියෙන සියලුම දේවල් කොල්ල කාලා, රජුගේ ආධාර ඇතිව, ඇතුන් ලවා මහා විහාරය මුළුමනින්ම බිමට සමතලා කරනවා.

මේත් එක්කම රට පුරා රජුට විරුද්ධව කැරැල්ලක් ඇති වෙලා, ඒක මහා යුද්ධයක් දක්වා ව්‍යාප්ත වෙනවා. රජුගේ බිසවත්, රජුගේ විශ්වාසවන්තම සෙනවියත් කැරලිකාර හමුදාව සමග එකතු වෙනවා. පසුව මහා විහාරයෙන් රටට වුණු සේවාවත්, ථේරවාදී බුදු දහමේ සුපිරිසිදු බවත්, සංඝමිත්තගේ කුමන්ත්‍රණයත් ගැන රජතුමාට කරුණු පැහැදිලි කරන රජතුමාගේ විශ්වාසවන්ත සෙනවියා රජතුමාගේ වැරදි ආකල්ප බිද දමා, රජුව යහ මගට ගන්නවා. මේ සිදුවීම ගැන මුළු මහත් බෞද්ධ ජනයාගෙන්ම සමාව ගන්න රජතුමා, මහා විහාරය තිබූ ආකාරයටම නිර්මාණය කරවන්න කටයුතු කරනවා. මේ අතරේ ථූපාරාම චෛත්‍යය බිද දමමින් සිටින සංඝමිත්ත ඇතුළු පිරිස රජතුමාගේ බිසවගේ සැලැස්මකට අනුව ඝාතනයට ලක් වෙනවා. රජතුමා මහා විහාර භූමිය කිට්ටුව බුදුන් වහන්සේගේ පටී ධාතුව නිධන් කරලා ජේතවනාරාම විහාර සංකීර්ණයත් නිර්මාණය කරනවා.
ජේතවනාරාමය කේන්ද්‍ර කර ගෙන අභයගිරියේ සහ මහා විහාරයේ වගේම මහා විද්‍යා ප්‍රබෝධයක් ඇති වෙනවා. දෙස් විදෙස් ගිහි පැවිදි පිරිස්, අධ්‍යාපනය ලබන්න ඇදිලා එනවා. ජේතවනාරාම ස්තූපය ලෝකයේ තියෙන විශාලම ස්තූපයයි. ඒ වගේම විශාලතම ගඩොල් ඉදි කිරීමයි. ජේතවනාරාමය විශාලත්වයෙන් දෙවෙනි වෙන්නෙ, ඊජිප්තුවේ මහා පිරමීඩයට විතරයි. අඩි 400ක් උස මේ චෛත්‍යය හදන්න, පිහිටි ගල හමු වෙනකන් අඩි 26ක් ගැඹුරට අත්තිවාරමක් දානවා, ඕනෑම භූ චලනයකට ඔරොත්තු දීගන්න පුලුවන් විදිහට. පස්සෙ කාලයක ජේතවනාරාමයෙන් බිහි වෙනවා "සාගලික" කියලා නිකායකුත්. මේ නිකාය පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ මුල් අවධිය වෙනකන් තියෙනවා. මේ නිසා මහාසේන රජු ඉතිහාසගත වන්නේ "බොහෝ පිංද බොහෝ පව්ද කළ රජ කෙනෙක්" ලෙසයි.

ඊටත් පස්සේ එන ප්‍රබලතමයා තමයි ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමා කුඩා කාලයේදී අපේ රටට එල්ල වෙන දැවැන්ත දකුණු ඉන්දීය ආක්‍රමණයක් (ෂඩ් ද්‍රවිඩ ආක්‍රමණය) නිසා, සිහසුනට උරුමකම් කී කුමාරවරු ඝාතනය වෙන්න ගන්නවා. ඉතින් ඔහුගේ මාමා කෙනෙක් වුණු මහානාම කියන හාමුදුරුවෝ, කුමාරයාව මහණ කරලා හොර රහසේ හංගනවා. මහානාම හාමුදුරුවො මේ කුමාරයව තරුණ කාලය වෙනකන් රැක බලා ගන්නවා. කුමාරයට ආරක්ෂාව දෙනවා. තරුණ වයසට ආවයින් පස්සෙ කුමාරයව උපැවිදි කරලා, ලොකු හමුදාවක් හදනවා. ඊට පස්සෙ සැලසුම් සකස් කරලා, කල් යල් බලලා අරගලය දියත් කරනවා. අරගලය ජයග්‍රහණය කරන ධාතුසේන රජතුමා, ආක්‍රමණිකයන් අතින් විනාශ වුණු පන්සල් ප්‍රතිසංස්කරණය කරලා කලාවාපි විහාරය, වඩුන්නා විහාරය, දක්ඛිනගිරි විහාරය, නාග බහිරව දේවාලය වගේ වෙහෙර විහාර නිර්මාණය කරනවා.
හැම අවුරුද්දකම පොසොන් උත්සවයට මිහිදු පෙරහැරක් කරනවා. අභයගිරියෙ ධර්මරුචි නිකායට අයිති හාමුදුරුවරුන්ට විහාරයක් කරවනවා (මහා විහාරයේ හාමුදුරුවරුන්ගේ ඉල්ලීමක් අනුව). රට වටේට බුදු පිළිම, පිළිම ගෙවල් එහෙමත් හදනවා. ලංකාවේ උසම බුදු පිළිමයක් වෙන, "අවුකන පිළිමය"ත් ධාතුසේන රජතුමාගෙ වැඩක් කියලා තමයි විශ්වාස කරන්නෙ. පිහිටි ගලින්ම නෙළලා තියෙන අවුකන බුදු පිළිමයේ උස අඩි 42ක් විතර වෙනවා. ඒ වගේම රජතුමා රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය කියන චෛත්‍යය තුනෙම හුණු පිරියම් කරනවා.ඊට පස්සෙ ඒ චෛත්‍යවලට අකුණු ගහන්නෙ නැති විදිහට වීදුරු චුම්බක හයි කරනවා. ඒ කියන්නෙ ඔය චූඩා මාණික්‍ය (අකුණු සන්නායක).

මේ අය තමයි අනුරාධපුර යුගයේ බුදු දහම වෙනුවෙන් ප්‍රබලතම ප්‍රබල සේවාවක් කරපු ප්‍රබලතම රජවරු. ඊට අමතරව ධාතුසේනගෙන් රාජ්‍ය පාලකයන් 10 දෙනෙක් ගිය තැන, රාජ්‍යත්වයට පත් වෙන කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රාජ්‍ය සමයේ බුදුන් වහන්සේගේ වම් දළදාව වැඩම කිරීම සිද්ධ වෙනවා. එතැන් පටන් බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව, වම් දළදාව යන දෙක රාජ්‍යත්වයේ සංඛේත ලෙස කරලියට පිවිසෙනවා. මේ දෙක යමෙක් සතුවේද ඔහුට හෝ ඇයට රටේ රජකම හිමිවීමේ න්‍යායක් ක්‍රියාත්මක වෙනවා. දළදා වහන්සේ කේන්ද්‍ර කර ගනිමින් තේවාව, පෙරහැර ආදී වශයෙන් නව සංස්කෘතියක් නිර්මාණය වෙනවා.
අනුරාධපුර රාජධානියේ පරිහානිය සිදු වෙන්නේ 1017දී සිදු වුනු දකුණු ඉන්දියාවෙන් පැමිණි රාජේන්ද්‍ර කියන චෝළ රජුගේ දැවැන්ත චෝළ ආක්‍රමණයත් එක්කයි. 1070 වෙනකොට ආක්‍රමණිකයන් විනාශයට පත් කරලා, අනුරපුරය අතහැර, පොළොන්නරුව රාජධානිය ලෙස තෝරාගෙන, 1 වන විජයබාහු රජු රජකමට පත් වෙනවා. මේ වෙනකොට අවුරුදු ගානක් තිස්සෙ අපේ රටේ තිබ්බ ද්‍රවිඩ පාලනය නිසා අපේ රටේ බුදු දහම නැත්තටම නැති වෙලා ගිහින්. රටේ යුද්ධයක් තියෙන කොට, රටේ මිනිස්සු යුද්ධෙ දිහාවට ඇහැ ගහගෙන ඉන්න කොට, සමහරක් පන්සල්වල වෙන වෙන දේවල් වෙලා. ඉතින් සාංඝික දානයකට සිල්වත් හාමුදුරුවරු පස් නමක්වත් හොයා ගන්න බැරි තත්වයක් උදා වෙලා. උපසම්පදාව නැති වෙලා ගිහින්. වෙහෙර විහාර කඩා ගෙන වැටිලා. සමහරක් එව්වා චෝළ හමුදාව කඩලා දාලා.
මේ නිසා රජතුමා රාමඤ්ඤ දේශයෙන් (බුරුමයෙන්) ආයිත් අපේ රටට උපසම්පදාව ගේනවා. බෞද්ධ පොත්පත් ආනයනය කරනවා. උගත් බුද්ධිමත් හාමුදුරුවරුන්ව අපේ රටට වඩම්වනවා. රාමාඤ්ඤ දේශයට කරන ප්‍රති උපකාරයක් විදිහට රජතුමා අපේ රටේ ලියවුණු බෞද්ධ පොත්පත්, බුදු පිළිම වහන්සේ නමක්, දළදා වහන්සේගේ අනුරුවක් රාමඤ්ඤ දේශයට පරිත්‍යාග කරනවා.

ඒ වගේම සොළීන් කඩලා බිදලා දාපු පන්සල් ඔක්කොම ටික ප්‍රතිසංස්කරණය කරනවා. හුග කාලයක් තිස්සෙ නැවතිලා ගිහින් තිබ්බ බෞද්ධ පිංකම් ආයිත් පටන් ගන්න අනුග්‍රහය දෙනවා. ශ්‍රී පාදස්ථානය නඩත්තු කරලා, රාජ්‍ය අනුග්‍රහය දෙනවා. පොළොන්නරුවේ අටදාගෙයක් නිර්මාණය කරලා දළදා වහන්සේව තැන්පත් කරනවා. අටදාගේ කියන්නෙ පොළොන්නරුවේ පළවෙනි දළදා මන්දිරයටයි.
මොකක් හරි දෙයක් නිර්මාණය කරන එක ලේසියි. ඒත් ඒ නිර්මාණය කරපු දේ ප්‍රතිසංස්කරණය කරන එක, නඩත්තු කරන එක ගොඩක් අමාරු කටයුත්තක්. රජතුමා රටේ අලුතින් වෙහෙර විහාර නිර්මාණය කළා වගේම, තිබ්බ වෙහෙර විහාර ටික ප්‍රතිසංස්කරණය කළා. අන්න ඒ කර්තව්‍යන් ටිකම විජයබාහු රජතුමාගේ කාර්යය සාඵල්‍ය අගය කරන්න තරම් වටිනවා. මොකද රජතුමා ඒ ටික ප්‍රතිසංස්කරණය කරන්නෙ නැතුව ඒ විදිහටම තියෙන්න ඇරියා නම්, ඊට පස්සෙ එන පාලකයන්ට ඒ ටික ප්‍රතිසංස්කරණය කර කර ඉන්න වෙනවා මිසක්, අලුතින් යමක් නිර්මාණය කරන්න තරම් කාලයක් නැතුව යනවා. ඒත් පස්සෙ එන පාලකයන්ට ඒ ටික ප්‍රතිසංස්කරණය කරන්න ඉඩ තියන්නෙ නැතුව, රජතුමා ඔක්කොම ටික ප්‍රතිසංස්කරණය කරලා දැම්මා. ඒ නිසා පස්සෙ ආපු පාලකයන්ට අලුත් අලුත් දේවල් නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබෙනවා.

මහා විජයබාහුගෙන් පසුව පොළොන්නරුවේ රජවුණු ශ්‍රේෂ්ඨතම සහ ප්‍රබලතමයා වුණේ මහා පරාක්‍රමබාහු රජතුමා. ප්‍රාදේශීය පාලකයෙක් ලෙස හිටපු එතුමාට නීත්‍යානුකූලව රජකම ලබා ගැනීමට යුද්ධ වැදීමට සිදු වුණා. ඒ 2 වන මානාභරන කියලා කෙනෙක් පොළොන්නරුවේ සිංහාසනයේ වාඩි වුණු නිසයි. මානාභරනව පරාජය කළත් රටවැසියන් පැරකුම්බාවන්ව රටේ රජු ලෙස පිළිගත්තේ නෑ. ඒ ධන්ත ධාතුව රජතුමා ළග නොතිබුණු නිසයි. මේ වෙනකොට ධන්ත ධාතුව තිබුණේ සුගලා බිසව ළග (2 වන මානාභරනගේ මව). තම රාජ්‍යත්වය තහවුරු කිරීමට සුගලා බිසව සමග යුද්ධ වැදුනු රජතුමා, බිසවව පරාජය කරමින් ධන්ත ධාතුවේ අයිතිය ලබාගෙන රාජ්‍යත්වයට පත් වුණා.
මෙතුමාගේ කාලයේ සිදු වුණු සිදුවීම් අතර ත්‍රෛ නිකාය සමගි කරවීම විශේෂ සිදුවීමක්. එනම් ථේරවාදී (මහා විහාරය), මහායාන (අභයගිරිය), සාගලික (ජේතවන) ආදී වශයෙන් නිකායන් 3කට බෙදී සිටි භික්ෂූන් සමගි කරවා, නිකායන් 3ම එකට එකතු කර එක් නිකායක් බවට පත් කිරීමයි. පොළොන්නරු රාජධානියේ වැඩිම ආගමික සිද්ධස්ථාන ප්‍රමාණයක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ මෙතුමාටයි. ඒ අතර ගල් විහාරය, බද්ධ සීමා මාලකය, වටදාගෙය, පොත්ගුල් වෙහෙර, කොට වෙහෙර, යුදගනාව, දෙමළ මහා සෑය, කිරි වෙහෙර, තිවංක පිළිමගෙය, ලංකාතිලක පිළිමගෙය, ථූපාරාම පිළිමගෙය ආදී ස්ථාන ප්‍රධාන වේ.

පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව, එතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස රටේ බලය හිමි වෙන්නේ නිශ්ශංකමල්ල රජතුමාටයි. නිශ්ශංකමල්ල රජතුමා ලංකාවේ වැඩිම අභියෝග ගණනකට මුහුණ දීපු පාලකයා විදිහට ඉතිහාස පොතට එකතු වෙනවා. ඒ අතරින් ප්‍රධානම අභියෝගය නම් බෞද්ධයෙක් නොවීම යන්නයි. එතුමා ඉන්දියාවේ කාලිංග වංශිකයෙක්. අපේ රටේ සිංහාසනේ ගන්න නිශ්ශංකමල්ල රජතුමා බුදු දහම වැළද ගන්නවා. ඒ රටේ මිනිස්සුන්ගෙ හිත් දිනා ගන්න. බුදු දහම වැළද ගත්ත රජතුමා, ඒ පාර කාලිංග වංශිකයන් බෞද්ධයෝ කියලා පෙන්නන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවේ අපේ රටේ පාලකයා "අනිවාර්යෙන්ම බෞද්ධයෙක්" වෙන්න ඕන කියලත් නීතියක් ගේනවා.
අපේ රටේ පාලකයෝ රාජ්‍ය පාලනය කරන කොට, බෞද්ධ සංකල්ප වලටත් අවධානය යොමු කළා. ඒ නිසා එක එක යුගවලදී එක එක බෞද්ධ සංකල්ප වලට අනුව දේශපාලනය කරන්න ගත්තා. කාලයක් රජතුමා බෝසත්වරයෙක් වගේ වෙන්න ඕන කියලා සංකල්පයක් ආවා. ඒ කියන්නෙ බෝධිසත්වයෙක් සතු උතුම් ගුණාංග වලින් යුක්ත වෙන්න ඕන කියන එක. තවත් කාලයක සංකල්පයක් තිබුණා, රටේ රජතුමා අනිවාර්යෙන්ම බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්න ඕන කියලත්. මේ ඒකෙ එක තෝතැන්නක්. මහ නුවර යුගයේ අන්තිම කාලයේ රජ වුණු නායක්කාර් වංශික රජවරු හිටන් මේ නීතියට අවනත වුණා. එයාලා හින්දු අය වුණත් බුදු දහම වැළදගෙන, බුදු දහම වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරනවා.
රජතුමාගේ විනෝදාංශය තමයි බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කර ගන්න යන එක. මේ නිසා ගොඩක් බෞද්ධ වෙහෙර විහාර රජතුමා ප්‍රතිසංස්කරණය කරනවා. දඹුල්ල රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා 72කට රන් ආලේප කළා කියලා සෙල්ලිපිවල තියෙනවා. ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන්න යන අයට මාර්ග පහසුකම් නිර්මාණය කරනවා. නිශ්ශංකමල්ල රජතුමාගේ අනුග්‍රහය ඇතිව නිර්මාණය වුණු විශාලම ඉදි කිරීම තමයි රන්කොත් වෙහෙර. මේක පොළොන්නරුවේ තියෙන ලොකුම චෛත්‍යයි. ලංකාවේ තියෙන විශාල චෛත්‍යන් අතරින් හතර වෙනි ස්ථානය ගන්නවා. චෛත්‍යයේ උස අඩි 180ක් වෙනවා.

හැටදාගෙයත් නිශ්ශංකමල්ල රජතුමාගේම වැඩක්. හැටදාගේ කියන්නේ දළදා වහන්සේ තැන්පත් කරන්න ඉදි වුණු ගොඩනැගිල්ලට. හැටදාගේ නිර්මාණය කරන්න කලින් දළදා වහන්සේ තැන්පත් කළේ මහා විජයබාහු රජතුමා නිර්මාණය කරපු අටදාගේ. හැටදාගේ දෙවෙනි දළදා මන්දිරය. සත්මහල් ප්‍රාසාදයත් නිශ්ශංකමල්ල රජතුමා නිර්මාණය කළා කියලා තමයි දැනට තියෙන පිළිගැනීම. මේක ගොඩනැගිල්ලකට සමාන චෛත්‍යයක්. මේ වගේ චෛත්‍යයක් ලංකාවේ වෙන කිසිම තැනකින් අපිට හම්බ වෙන්නෙ නෑ. පොළොන්නරුවේ තියෙන නටබුන් අතරින් නිශ්ශංක ලතා මණ්ඩපය හැමෝගෙම අවධානයට ලක් වෙන නිර්මාණයක්. මේ ගොඩනැගිල්ලෙ ඉදගෙන නිශ්ශංකමල්ල රජතුමා පිරිත් සහ ධර්මය ශ්‍රවණය කළා කියලා සදහන් වෙනවා.
මෙතුමාගෙන් පස්සේ රාජධානිය, ලංකාවේ රාජ්‍යත්වයේ තිබුණු අභ්‍යන්තරික දේශපාලනික අරගල සහ අවුල් භාවයන් නිසා 1215 සිදු වුණු කාලිංගයේ සිට පැමිණි මාඝ නම් තැනැත්තා විසින් දියත් කළ කෲරතම කෲර ආක්‍රමණය නිසා බිමට සමතලා වෙනවා. මේත් එක්කම සිංහල රාජධානිය දඹදෙනියට විතැන් වෙනවා. මේ අතර කාලයේ දඹදෙනියේ 3 වන විජයබාහු රජතුමා ආරක්ෂාව වෙනුවෙන් කොත්මලේ හංගලා තිබ්බ දළදා වහන්සේව බෙලිගලට වඩම්වලා, බෙලිගල දළදා මන්දිරයක් නිර්මාණය කරනවා. ඒ වගේම කැළණිය වගේ ජරාවාස වෙලා තිබුණ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම "විජේසුන්දරාරාමය" නිර්මාණය කිරීමේ ගෞරවයත් හිමි වෙන්නෙ 3 වන විජයබාහු රජතුමාට. වත්තල විජයබා විහාරයත්, 3 වන විජයබාහු රජතුමාගෙම නිර්මාණයක්.

ඊට පස්සේ රාජ්‍යත්වයට පත් වෙන එතුමාගේ පුතනුවන් වුණු 2 වන පරාක්‍රමබාහු රජතුමා කාලිංග මාඝගේ කුරිරු පාලනයෙන් රට මුදවා ගන්නවා. අවුරුදු 40කට පස්සෙ අපේ රටට සාමය උදා වෙන්න ගන්නවා. මේ අවුරුදු 40 ඇතුළත අපේ ශාසනය ගොඩක් පිරිහිලා තිබ්බා. දුස්සීල හාමුදුරුවරු වැහි වැහැලා. ඉතින් යුද්ධය ජයග්‍රහණය කරලා, 2 වෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවො මුලින්ම කළේ අපේ රටේ ඔක්කොම භික්ෂූන් වහන්සේලා (ග්‍රාමවාසී සහ අරණ්‍යවාසී) දඹදෙනියේ විජේසුන්දරාරාමයට රැස් කරපු එකයි. ඊට පස්සෙ සංඝ සම්මේලනයක් තියලා, දුස්සීල හාමුදුරුවරු ශාසනයෙන් එළවලා දාලා ශාසනය ශුද්ධ කළා. ඊට පස්සෙ සංඝ සම්මුතියෙන් "දඹදෙනි කතිකාවත" කියලා අලුත් කතිකාවතක් ගේනවා.
භික්ෂූන් වහන්සේලාට ක්‍රමවත් පුහුණුවක් සහ අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා පලාබත්ගල භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කරනවා. සතියක් දළදා වහන්සේට පූජා පවත්වනවා. මාඝගේ පාලන කාලයේ අපේ රටේ කඩාගෙන වැටුනු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන්න පියවර ගන්න අතරෙම සිරිපා වන්දනාවේ යන අයට පහසුකම් ලබා දෙන්න අනුග්‍රහය දක්වනවා. දෙවුන්දර, බෙන්තොට, කැළණිය, අත්තනගල්ල, යාපහුව, කුරුණෑගල වගේ ප්‍රදේශවලත් වෙහෙර විහාර නිර්මාණය කරනවා. කුරුණෑගල මහේන්ද්‍රභානු විහාරය මේකට හොද නිදසුනක්.
විහාරස්ථානවලට ගම්වර පූජා කරලා, බෙලිගල දළදා මාළිගාවේ තැන්පත් කරලා තිබ්බ දළදා වහන්සේව, දඹදෙනියට වඩම්වලා දඹදෙනියෙ දළදා මාළිගාවක් නිර්මාණය කරනවා. වැඩිහිටි මහා සංඝ පීතෘවරුන්ට අධ්‍යාපනය භාර දෙනවා. දඹදිවින්, අනිත් බෞද්ධ රටවල් වලින් වටිනා බෞද්ධ පොත්පත් ආනයනය කරනවා. මාඝගේ කාලයෙ නැවතිලා තිබුණු වාර්ෂික උපසම්පදා උත්සව ආයිත් ආරම්භ කරනවා. ත්‍රිපිටකය පාලියට පරිවර්තනය කරන්න උපදෙස් දෙනවා. වාර්ෂික කටින පිංකම් පවත්වනවා. බෙලිගල පිරිවෙනක් නිර්මාණය කරනවා වගේම, අපේ රටේ හැම පිරිවෙනකටම උදව් කරනවා.
මේ විදිහට බුද්ධ ශාසනය වෙනුවෙන්, 2 වෙනි පරාක්‍රමබාහු රජතුමා ගොඩක් වැඩ කරනවා. රත්නපුරේ තියෙන සුමන සමන් මහා දේවාලයත්, පරාක්‍රමබාහු රජතුමාගේ මූලිකත්වය සහ අනුග්‍රහය ඇතිව නිර්මාණය වුණ දේවාලයක්. එතුමා පිරිවෙන් වලට අනුග්‍රහය දක්වලා අධ්‍යාපනය නගා සිටු වන්න කටයුතු කළා වගේම, අපේ රටේ බෞද්ධ සාහිත්‍ය නගා සිටුවන්නත් අනුග්‍රහය දක්වනවා. මේ නිසා මේ කාලයේ හිසේ කෙස් ගාණට අපේ රටේ බෞද්ධ ගද්‍ය සහ පද්‍ය කෘති නිර්මාණය වෙන්න ගන්නවා.

ඉන්දියාව කොටස් වලට බෙදිලා ගිහින්, ඒ හරහා පකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය ආදී වශයෙන් නව රටවල් බිහිවීමත් එක්කම, ඒ රටවල් වලට ස්වයංක්‍රීයවම බෞද්ධ ශිෂ්ටාචාරයකුත්, බුදු සසුනත් උරුම වුණා. අතීතයේ මාලදිවයිනේ හිටියේ සිංහල මිනිසුන්. ඒ නිසා ශ්‍රී ලංකාව හරහා මාලදිවයින වෙත බුදු දහම ව්‍යාප්ත වුණා කියලා විශ්වාසයක් තියෙනවා. දැනට පවතින මතය අනුව අවම වශයෙන් 12 වන සියවස වන තෙක්වත් මාලදිවයිනේ ප්‍රධානතම ආගම විදිහට බුදු දහම තිබිලා තියෙනවා. ඒත් පස්සේ ඇති වුණු මුස්ලිම් සංක්‍රමණ සහ ආක්‍රමණ හේතුවෙන් මාලදිවයිනෙන් මුළුමනින්ම බුදු දහම යටපත් වෙලා ගියා. නැගෙනහිර ආසියාවේ ථේරවාදී බෞද්ධ රටවල් ගැන සාකච්ඡා කරන කොට මියන්මාරය සහ තායිලන්තය ප්‍රධන පෙළේ ලා සළකන්න පුලුවන්. බුදුන් දහම් පමණක් සරණ ගිය ප්‍රථමදේවාචික උපාසකයින් වූ තපස්සු භල්ලුක දෙදෙනා, උන්වහන්සේගෙන් කේශ ධාතු මිටක් ලබාගෙන ලංකාවට පැමිණ ගිරිහඩු සෑයේ නිධන් කළ බව ලංකා ඉතිහාසයේ දැක්වෙනවා. ඒත් බුරුම ඉතිහාසයේ සදහන් වෙන්නේ ඒ අය බුරුමයට ආවා කියලයි.
ස්වර්ණ භූමිය, මරම්ම දේශය, බ්‍රහ්ම දේශය, රාමඤ්ඤ දේශය වගේ නම් වලින් හදුන්වන බුරුමයට දහම් පණිවිඩය රැගෙන එන්නේ සෝන සහ උත්තර හිමිවරුන්. ඒ 3 වන ධර්ම සංගායනාවේ නව රට සසුන්ගත කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් විදිහට. ශ්‍රී ලංකාව සහ බුරුමය අතර බෞද්ධ සබදතා කටයුතු ක්‍රි.ව 3 වන සියවසේ සිට ආරම්භ වූ බවත්, ලංකාවෙන් එරටට වැඩම කළ බොහෝ භික්ෂූන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේ යෙදුනු බවත් ශිලා ලේඛනවල සදහන් වෙනවා. ලංකාවේ "පාලි අට්ඨකථා" ලියූ බුද්ධඝෝෂ හිමියන්ද බුරුම ජාතික භික්ෂුවක්. ඉපැරණි දේශාටන වාර්තා අනුව ක්‍රි.ව 7 වන සියවස වන විට බුරුමයෙ ථේරවාදි බුදු දහම මෙන්ම මහායාන දහමත් බුරුමයේ තිබිලා තියෙනවා.
බුරුමයේ බුදු සසුනේ ව්‍යාප්තියේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ අනෞරථ රජතුමාගේ කාලයයි. "අරහන්" කියලා භික්ෂුවකගෙන් දහම් අසා බෞද්ධයෙක් වුණු එතුමා, බෞද්ධ පොතපත කියවමින්, රට පුරා දාගැබ් සහ ආරාම ගොඩ නැගුවා. ථේරවාදී බුදු දහම ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් විදිහට, රටවැසියන් බුදු දහම සීග්‍රයෙන් වැළදගත්තා. කෙටි කාලයක් ඇතුළත බුරුමයේ රාජ්‍ය ආගම බවට පත් වුණා. සුප්‍රසිද්ධ ස්වේදගෝන් චෛත්‍යය අනෞරථගේ කලාකෘතියක්. මේ රජතුමාගේ කාලයේ, ශ්‍රී ලංකාවේ පාලකයා වුණේ මහා විජයබාහු රජතුමා. මේ කාලයේ බුරුමය සහ ශ්‍රී ලංකාව අතර ඇති වුණු ශක්තිමත් බෞද්ධ සබදතා ගැන අපි මුලදී සාකච්ඡා කළා.

ඒ රජතුමාගේ පුත්‍රයෙක් වුණු කියැංසිත්ථ රජතුමාත් බුදු දහම වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් සිදු කළ කෙනෙක් විදිහට ප්‍රකට වෙනවා. කියැංසිත්ථ රජතුමා ආනන්ද විහාරය කරවලා, බෞද්ධ පොතපත සම්පාදනය කරලා, ඉන්දියාවේ බුද්ධගයා විහාරය ප්‍රතිසංස්කරණය සදහා කටයුතු කළ බව සදහන් වෙනවා. 12 වන සියවසේදී ලංකාව සහ බුරුමය අතර ඇති වුණු යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට බුරුමයෙන් ලංකාවට අධික බදු මුදලක් ගෙවන්න සිද්ධ වුණා. මේ සම්බන්ධව එවකට ලංකාවේ පාලක මහා පරාක්‍රමබාහු රජු සමග සාකච්ඡා කරලා බුරුමයට නිදහස ලබා ගන්න බුරුමයේ මහා සංඝරත්නය කැපවීමෙන් කටයුතු කළා.ත්‍රෛ නිකාය සමගි කරවමින් ලංකාවේ පරාක්‍රමබාහු රජතුමා සිදු කරපු සංඝ සංශෝදනයෙන් ලංකාවේ බුදු දහම දීප්තිමත්ව බැබලුණා. මේ නිසා බුරුමයෙන් උත්තරජීව සහ ඡප්පට කියලා සාමනේර හිමිවරු දෙනමක් මහා විහාරයේ නේවාසිකව හිදිමින් බුදු දහම ඉගෙන ගත්තා. උත්තරජීව හිමියන් කෙටි කලකින් බුරුමයට පිටත් වුණත්, ඡප්පට හිමියන් අවුරුදු 10ක් ලංකාවේ නැවතිලා බුදු දහම ඉගෙනගෙන "සද්ධම්ම ජෝතිපාල" කියලා උපාධියකුත් ලබලා ලංකාවේ භික්ෂූන් කිහිප නමක් සමග බුරුමයට වැඩම කරලා, "සීහලසංඝ" නමින් නිකායක් ආරම්භ කළා. රාජ්‍ය අනුග්‍රහය හරහා ලංකාවෙන් බුරුමයට ලැබුනු මෙම නිකාය සීග්‍රයෙන් ප්‍රචලිත වෙන්න ගත්තා.15 වන සියවස වෙනකොට මොංගෝලියාවේ කුබ්ලායිඛාන්ගේ ආක්‍රමණත් සමගම බුදු දහම සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. භික්ෂූන් භේද වෙලා, දුරාචාරයේ හැසිරෙන්න ගත්තා. මේ කාලයේ ලංකාවේ පාලකයා වුණු 6 වන බුවනෙකබාහු රජ්ජුරුවන්ව දැනුවත් කරමින්, බුරුමයේ රජතුමා වුණු ධම්මචේතිය රජු, බුරුමයේ හිමිවරු 46ක් ලංකාවට වඩම්මවා, කැළණියේ උපසම්පදාව ලබා දීමට කටයුතු කරනවා.
ලංකාවෙන් පැවිදි උපසම්පදා ලබපු උන්වහන්සේලා ආයිත් බුරුමයට වැඩම කරලා උපසම්පදා කටයුතු ආරම්භ කළ බවත්, භික්ෂූන් 15 666ක් උපසම්පදා ලැබූ බවත්, ඒ හරහා සීහල සංඝ නිකාය සහ බුරුමයේ මුල් නිකායක් වූ මරම්ම සංඝ නිකාය අතර තිබූ භේදය නිමා වී, එකම නිකායක් බවට පත් වූ බවත් සෙල්ලිපිවල සදහන් වෙනවා. වරින් වර ලංකාවේ භික්ෂූන් වහන්සේලාත් බුරුම දේශයට වැඩම කරලා උපසම්පදාව රැගෙනවිත් ලංකාවෙත් නව නිකායන් ආරම්භ කළ අතර ඒවා අදටත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා (අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය).
බුරුම වැසියාගේ ජීවිතය පුරාවටම කා වැදී ඇත්තේ බෞද්ධ ඉගැන්වීම්. මෙන්ඩුන් කියන රජුගේ කාලයේ ගුණ ධර්ම සහ සදාචාරය අතින් බුරුම වැසියන් අතර මහා තරගකාරී ස්වභාවයක් පෙන්නුම් කරලා තියෙනවා. මෙන්ඩුන් රජතුමා කිරිගරුඩ ගල්ලෑලි 729ක, ත්‍රිපිටකය කොටවා සුරක්ෂිත කළ අතර, 1945දී බුරුමයේ පැවැත්වුණු 6 වන ධර්ම සංගායනාවේදී ඒ ත්‍රිපිටක ශෛලී පුවරුව ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
බුරුමයට දහම් පණිවිඩය රැගෙන ගිය සෝන සහ උත්තර හිමිවරුන්ම තායිලන්තයටත් බුදු දහම රැගෙන ගිය බව එරට ජනප්‍රවාදයේ සදහන් වෙනවා. ඒ නිසා තායිලන්තයට බුදු දහම පැමිණි යුගය ලෙස සැළකෙන්නේ ක්‍රි.පූ 3 වන සියවසයි. ක්‍රි.ව 700දී තායිලන්තයට මහායාන බුදු දහම පැමිණි බවත්, ක්‍රි.ව.1000 බුරුමයේ අනෞරථ රජුගේ කාලයේදී තායිලන්තයේද ආගමික ප්‍රබෝධයක් ඇති වූ බවත්, ලීදයිය රජුගේ කාලයේ තායි ලංකා බෞද්ධ සබදතා ශක්තිමත් මට්ටමක පැවති බවත් සදහන් වෙනවා. ලංකාවේ පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී සියමයෙනුත් මහා විහාරයට භික්ෂූන් වැඩම කර රටවල් දෙක අතර බෞද්ධ දැනුම හුවමාරු කරගෙන තියෙනවා. ලීදයිය රජතුමා ලංකාවෙන් සංඝරාජ හිමි නමක් තායිලන්තයට වඩම්වා මහත් වූ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළා. එහි අවසානතම ප්‍රතිඵලය නම් ලීදයිය රජු සියල්ල අතහැර පැවිදි දිවියට එළඹීමයි. මේ කාලය තුළ ලංකාවෙන් ශ්‍රී මහා බෝධි අංකුරයක් සියමට රැගෙන ගියා. පසුකාලයේ ඇති වන ආක්‍රමණ හේතුවෙන් මහජනයාගේ ඉල්ලීම මත උපැවිදි වන ලීදයිය රජු නැවතත් රාජ්‍ය භාර ගනිමින් කටයුතු කරන අතරේ බුදු දහමටත් සේවය කළා.

ලංකාවේ 6 වන පරාක්‍රමබාහු රජ දවස (1412) ලංකාවෙන් උපසම්පදාව ලැබූ තායි හිමි නමක්, තායිලන්තයට වැඩම කරලා, සීහලසංඝ නමින් නිකායක් තායිලන්තයේදී ආරම්භ කළා. ඉන්දියාවෙන් බුදු දහම අභාවයට යෑම, ලක්දිවට බුදුන් තෙවරක් වැඩම කර තිබීම, මිහිදු හිමියන්ගෙන් ඇරඹූ අඛන්ඩ සඝ පරපුරක් සිටීම යන කාරණා හේතුවෙන් තායි වැසියන් ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ බව මූලාශ්‍රවල සදහන් වෙනවා.
1753දී තායිලන්තයෙන් උපාලි කියලා හිමි නමක් ප්‍රධාන කොට ගත් භික්ෂූන් 20 නමක් ශ්‍රී ලංකාවට වැඩැම්වීමට කටයුතු කරන කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලංකාවේ සාමණේරයන් කිහිප දෙනෙක් උපසම්පදා කරනවා. ඒ අතර පසුකලෙක ලංකාවේ සංඝරාජ පදවියට පත් වුණු වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ද සිටි අතර ඒ වර්තමානයේ ලංකාවේ පවතින සියම් නිකායේ (ශ්‍යාමෝපාලි) ආරම්භයයි.
තායිලන්තයේ ඉපැරණි නීති ක්‍රම අනුව රජතුමා බෞද්ධයෙක් විය යුතු අතර බෞද්ධ විහාර ආරාම රජයෙන් පාලනය කෙරෙනවා. රටේ රාජ්‍ය ආගම බුද්ධාගම වන අතර සියලු බෞද්ධ උත්සව සදහා රජයෙන් අනුග්‍රහය සැපයිය යුතුයි.

No comments:
Post a Comment