MCQ ‍12 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර - BC

Hot

Post Top Ad

Your Ad Spot

Sunday, January 13, 2019

MCQ ‍12 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර

 අංක 01 සිට 50 දක්වා වූ ප්‍රශ්නවල දී ඇති (1), (2), (3), (4), (5) පිළිතුරුවලින් නිවැරදි හෝ වැඩාත් ගැලපෙන
පිළිතුර තෝරන්න.
සියලූම හිමිකම් ඇවිරිණි.

(01) බ්‍රාහ්මණයන් හැඳින්වූ ස්වධර්ම සංකල්පය වනාහි,
(1) බමුණන්ගේ සමාජ ආධිපත්‍ය තහවුරු කරන ඉගැන්වීමක්ය.
(2) සෑමදෙනාට සමාන තත්ත්වයක් ලබා දෙන්නකි.
(3) සමාජ පරිනාමයේ එක් අවස්ථාවක් පෙන්වන්නකි.
(4) තම තමන්ට අයත් යුතුකම් සමුදායකි.
(5) සියලූම මනුෂ්‍යයන් අතර ක‍ෂත්‍රියන් වැදගත් යැයි පවසන්නකි. (........)

(02) ශ්‍රමණ සම්ප්‍රදායිකයින් අතර ෂට් ශාස්තෘවරුන්ට ලැඛෙනුයේ අද්විතීය ස්ථානයකි. දඹදිව සිටි ආගමික
කණ්ඩායම් අතරින් මොවුහු ඛෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්වූහ. ඔවුන්ගේ ඉගැන්වීම්වලින්,
(1) සදාචාරයට අනුබලයක් නොලැබුණි.
(2) ජෛන ධර්මයේ සත්ව හිංසාව ගැන කතා කළේ නැත.
(3) භෞතිකවාදය තහවුරු විය.
(4) මක්ඛලී ගෝසාල පස්පව් විශ්වාස කළේය.
(5) පූර්ණ කාශ්‍යප නියතිවාදය ඉදිරිපත් කළේය. (........)

(03) ව්‍යභීධර්ම මගින් සමාජය ප්‍රධාන කොටස් හතරක් වශයෙන් වර්ග කරන ලද අතර ආශ්‍රම ධර්ම තුළින්
ජීවිතය අවස්ථා හතරක් යටතේ ඛෙදා දක්වා ඇත. ආශ්‍රම ධර්ම අතරින් බ්‍රහ්මචාරී යන්නෙන් අදහස්
කරන්නේ,
(1) අවිවාහකව ජීවත්වීමයි.
(2) බ්‍රාහ්මණ පූජකයකු යටතේ වේද අධ්‍යයනයි.
(3) ගිහිජීවිතයෙන් ඈත්වීමයි.
(4) කාමභෝගී ජීවිතයෙන් ඈත්වී විසීමයි.
(5) ආශ්‍රම ධර්මවල අවසාන ප්‍රතිඵලයකි. (........)

(04) වරෙක ඇගයීමටත්, තවත් වරෙක ගැරහීමටත්, වරෙක සම්මානයටත්, වරෙක අවමානයටත්, වරෙක
පූජනීයත්වයටත්, තවත් වරෙක තාඩන පීඩනයන්ටත් ලක්වූ පිරිසක් ලෙසින් භාරතීය වනිතාව හැඳින්විය
හැකිය. එA අනුව වෛදික යුගයේ කාන්තාව,
(1) සමාජයේ පහත් තැනක සිටියාය.
(2) පුරුෂ පක‍ෂයට හිමි අයිතිවාසිකම්වලින් බැහැර වූවාය.
(3) ආගමික, සාමාජික, ආර්ථීක හා අධ්‍යාපනික යන සෑම අංශයකම අයිතිවාසිකම් ලැබුවාය.
(4) තමා කැමැති ස්වාමියකු තෝරාගැනීමට අවසර නොලද්දීය.
(5) තමා කැමැති රැකියාවක යෙදීමට අවස්ථාව නොලැබුවාය. (........)


(05) බුදුසමය තුළ කාන්තාවට උසස්ම තැනක් ලැබී ඇත්තේ භික‍ෂුණී ශාසනය පිහිටුවීමෙනි. මහා ප්‍රජාපති
ගෝමිය ඇතුළු කාන්තාවන් 500 ක් දෙනෙක් අෂ්ට ගරු ධර්ම පිළිගැනීම තුළින් පැවිදිබව ලැබූහ.
භික‍ෂුණියක් අෂ්ට ගරුධර්ම වලට යටත් විය යුත්තේ,
(1) භික‍ෂූන්ට සමාන අයිතිවාසිකම් නොලැඛෙන බැවිනි.
(2) බ්‍රාහ්මණ සමාජයේ අපහාසයට ලක්වූ බැවිනි.
(3) ස්ත්‍රීත්වය නිසාවෙනි.
(4) භික‍ෂූන්ගේ බලය ඉක්මවා යාමට ඉඩ ඇති බැවිනි.
(5) ශාසනයේ ආයුෂ අඩුවන බැවිනි. (........)

(06) මිනිසායේ ජන්මය ඔහුගේ උස්පහත් බව තීරණය කරන සාධකය බව බ්‍රාහ්මණ ඉගැන්වීමයි. එහෙත් බුදු
දහම එය ප්‍රතික්ෂේප කරයි. එA පිළිබඳ අදාළ සූත්‍රය වන්නේ,
(1) පරාභව සූත්‍රයයි. (2) මංගල සූත්‍රයයි. (3) වසල සූත්‍රයයි.
(4) ව්‍යග්ගපජ්ජ සූත්‍රයයි. (5) සිඟාලෝවාද සූත්‍රයයි. (........)

(07) වස්තු, පුද්ගල, සත්ව යන සියල්ල කිසියම් සැලැස්මකට අනුව මහා බ්‍රහ්මයා විසින් මවන ලද බව බ්‍රාහ්මණ
ඉගැන්වීමයි. එහෙත් සමාජ ප්‍රභවය පිළිබඳ බෞද්ධ මතය වන්නේ,
(1) කිසිම හේතුවක් නැතුව පරිණාම වාදයට අනුව සිදුවූ බවයි.
(2) සත්වයන්ගේ කර්ම ශක්තිය අනුව සිදුවූවක් බවයි.
(3) බ්‍රහම ලෝකයෙන් ආ සත්ව කොටසකින් මිනිසා පහළ වූ වගයි.
(4) හේතුවකින් තොරව පුද්ගලයන් උස්පහත් නොවන බවත් පුදගල ක්‍රියාකාරීත්යෙන් හා සමාජ
පරිණතබව නිසා සිදුවූවක් බවයි.
(5) මහා බ්‍රහ්මයාගේ මැවීමෙන් එය සිදුවූ බවයි. (........)

(08) ත්‍රිපිටක සාහිත්‍යයේ බොහෝ සූත්‍ර ඇසුරෙන් පාලකයකු අනුගමනය කළ යුතු ආචාරධර්ම කවරේදැයි
මැනවින් විග්‍රහ කර ඇත. එහිදී zදිළිඳු ජනතාවට ධනය ලබාදීමZ අයත් වන්නේ,
(1) දසරාජ ධර්මවලට (2) සප්ත අපරිහානීය ධර්මවලට (3) දස පින් කිරියවත්වලට
(4) දස සක්විතිවත් වලට (5) ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වලට (........)

(09) ඇතැම් රාජ්‍ය පාලකයන් පමණක් නොව එම රාජ්‍යයන්ද පරිහානියට පත්වන කරුණු ලෙස බුදු සමයේ
දක්වා ඇති කරුණු වන්නේ,
(1) දසරාජ ධර්ම (2) සතර අගති (3) සතර කර්මක්ලේශ
(4) මිථ්‍යා ආජීවය (5) සතර සංග්‍රහවස්තු (........)

(10) බුද්ධ කාලයේ ප්‍රජාතන්ත්‍රීය ලක‍ෂණ වලින් යුක්ත ආචාරධර්ම පද්ධතියක් අනුගමනය කළ රාජ්‍ය පාලකයන්
වූයේ,
(1) මල්ල රජවරු (2) ශක්‍යයෝ (3) කෝලීය රජවරු
(4) මගධ රජවරු (5) වජ්ජීහු (........)

(11) අංගුත්තර නිකායේ අණන සූත්‍රයේ ද සැප හතරක් ගැන විස්තර වේ. එනම් ආධ්‍යාත්මික වශයෙන් වැඩිම
තෘප්තියක් ලැඛෙන්නේ මින් කවර සුඛයකින්ද?
(1) අත්ථී සුඛය (2) අණන සුඛය (3) භෝග සුඛය
(4) අභවජ්ජ සුඛය (5) පබ්බජ්ජා සුඛය (........)


(12) සමාජයක යහ පැවැත්ම සඳහා වැදගත්වන විශේෂතම ලක්ෂණය සදාචාරයයි. නිරවුල් සමාජයක් පවත්වා
ගැනීමට බෞද්ධයාට උරුම වී ඇති ප්‍රධාන සාදාචාර මාර්ග වන්නේ,
(1) දන්දීමයි. (2) පරෝපකාරයයි. (3) පන්සිල්ය.
(4) අටසිල්ය. (5) මධ්‍යම ප්‍රතිපදාවයි. (........)

(13) —උභය ලෝකාර්ථ සාධනය˜ එනම් මෙලොව ජීවිතයේ උසස් බව හා පරලොව සුගතිය බුදු දහමේ
ඉගැන්වෙන විශේෂ සංකල්පයකි. දෙළොවම යහපත උදාකර ගැනීමට අනුබල දෙන උපදේශයක් ලෙස
හඳුන්වා ඇත්තේ,
(1) බහු ඛණ්ඩිකතාවයි. (2) මහේච්ඡතාවයි. (3) අප්පිච්ඡතාවයි.
(4) උපෙක්ඛාවයි. (5) උට්ඨානයයි. (........)

(14) පස්පවුවලින් වැළකී දැහැමි ජීවිතයක් ගතකිරීම නිසා කෙනෙකුට සැපතක් විඳිය හැක. එA සැපය
හඳුන්වන්නේ,
(1) අත්ථී සුඛ යනුවෙනි. (2) අණන සුඛ යනුවෙනි. (3) භෝග සුඛ යනුවෙනි.
(4) අනවජ්ජ සුඛ යනුවෙනි. (5) සම්මා ආජීව සුඛ යනුවෙනි. (........)

(15) බෞද්ධ සංකල්පය අනුව පුද්ගලයාගේ දියුණුව ලෙස සැලකෙන්නේ,
(1) උසස් ජීවන වෘත්තියක් ලබාගෙන සම්පත් සියල්ල රැස්කර ගැනීමයි.
(2) ධාර්මිකව ධනය උපයා පරිභෝජනය කරමින් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගැනීමයි.
(3) පරාර්ථය වෙනුවෙන් කාලය, ධනය කැපකිරීමයි.
(4) තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සම්පත් උපයා පරිභෝජනය කිරීමයි.
(5) අනුන්ගේ යහපත වෙනුවෙන් සම්පත් කැපකිරීමයි. (........)

(16) ධාර්මික ලෙස ධනයඋපයන්නා මහා කළමනාකරණයකින් උපයාගත් දෙය පරිහරණය කරයි. සාමාජික
යුතුකම් ඉටුකරයි. නැතිබැරි අයට පිහිටවෙයි. අනාගතය සුරක්ෂිත කරගනියි. ආගමික වැඩවල යෙදෙයි.
මෙබ`දු සාර්ථක ජීවිතයක් ළඟාකර ගත හැක්කේ,
(1) මහා ආර්ථීක දැනුමකින් කටයුතු කිරීමෙනි.
(2) පරහිතකාමී සැදැහැවතෙක් වීමෙනි.
(3) ප්‍රමාණවත් ලෙස සම්පත් රැස් කිරීමෙනි.
(4) බෞද්ධ ආකල්පවලට අනුව ධනය පරිහරණය කිරීමෙනි.
(5) බෞද්ධ ආකල්පවලට අනුව භෞතික හා ආධ්‍යාත්මික ජීවිතය පවත්වා ගැනීමෙනි. (........)

(17) ජාතිය, කුලය හෝ වෙනත් සමාජ මිමි විවිධ වුවත්, මනුෂ්‍යත්වය එකක් බවත්, මිනිසාගේ ක්‍රියාකාරීත්වයන්
සමාජ මිනුම්වලට වඩා වැදගත් බවත් සඳහන්වන බුද්ධ දේශනාව අඩංගු සූත්‍ර දේශනාව වන්නේ,
(1) අග්ගඤ්ඤ සූත්‍රය (2) ව්‍යග්ගපජ්ජ සූත්‍රය (3) මංගල සූත්‍රය
(4) වසල සූත්‍රය (5) පරාභව සූත්‍රය (........)

(18) විශ්වයේ උපත හා විකාශනය සිදුවූ ආකාරය සඳහන් වන බෞද්ධ සූත්‍ර දේශනාව වන්නේ,
(1) මහා සිහනාද සූත්‍රය (2) අග්ගඤ්ඤ සූත්‍රය (3) පරාභව සූත්‍රය
(4) මූලපරියාය සූත්‍රය (5) භයභේරම සූත්‍රය (........)

(19) බුද්ධ කාලයේ භාරතය පුරා පැතිර පැවති ඊශ්වර නිර්මණ වාදය අනුව පුද්ගලයාගේ ස්වාධීනත්වයත්,
ස්වාමීත්වයත් පවරා තිබුණේ,
(1) ආත්මයටය. (2) තමා කළ කර්මයටය. (3) මහා බ්‍රහ්මයාටය.
(4) ස්වභාව ධර්මයාටය. (5) දෙවියන්ගේ නියෝජිතයා වන බ්‍රාහ්මයාටය. (........)


(20) බුදු දහමට අනුව රාජ්‍ය පාලකයා ජනතාවට පියකු මෙන් විය යුතුය. මෘදු ගතිය තිබිය යුතුය. ජනතාව
පීඩාවට පත්කරන අදහස්වලින් තොරව මෘදු මොළොක් සිතිවිලි හා තීරණ ගත යුතුයි. මේ උසස් ගුණය
දසරාජ ධර්මවල හඳුන්වන්නේ,
(1) අක්කෝය යනුවෙනි. (2) අවිහිංසා යනුවෙනි. (3) අජ්ජව යනුවෙනි.
(4) මජ්ජව යනුවෙනි. (5) ඛන්නි යනුවෙනි. (........)

(21) ජනතාව පීඩාවට පත් නොකොට බහුජන මතයට ගරුකරන වැඩිදෙනාගේ අදහස් ක්‍රියාත්මක කරන රාජ්‍ය
පාලන ක්‍රමයක් බුද්ධ කාලයේ භරතයේ පැවැති බව සඳහන් වේ. එනම්,
(1) කෝලියවරුය. (2) මල්ලවරුය. (3) ශාක්‍යයෝය.
(4) පංචාලයෝය. (5) වජ්ජිවරුය. (........)

(22) සිඟාලෝවාද සූත්‍රයේ දී පුද්ගලයකු පරිහානියට පත්වන, භෝග විනාශයට පත්වන කාරණ ලෙස දැක්වූ
හේතුවලට අයත් නොවන්නේ,
(1) මත්පැන් පානය. (2) සූදුව (3) අවේලාවේ විථී සංචාරය
(4) ආහාරයට ගිජුකම (5) පාපමිත්‍ර සේවනය (........)

(23) සමාජයේ නිරවුල් පැවැත්ම හා සදාචාරය ආරක‍ෂා වන්නේ නිසි ආකාර යුතුකම් ඉටුවන විටය. මෙහිදී
දෙමාපියන්ගේ යුතුකමක් නොවන්නේ දරුවන්,
(1) දුසිරිතෙන් මුදවා ගැනීම. (2) ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම.
(3) තමන් සතු දේ පවරා දීම. (4) සුදුසු අවස්ථාවේ ආවාහ විවාහ කරදීම.
(5) දරුවන්ගේ මනාපයට ගරු කිරීම. (........)

(24) පුද්ගලයා විසින් උපයන ධනය කොටස් හතරකට ඛෙදා කළමනාකරණය කොට පරිභෝජනය කළයුතු බව
සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා තිබේ. ඉන් දෙමාපිය පෝෂණය, සමාජ යුතුකම් ඉටු කිරීම හා මතු සග සුව
පිණිස හේතුවන මහණ බමුණන් විෂයෙහි වැයකළ යුත්තේ සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා ඇති පරිදි,
(1) පරිභෝජනය සඳහා වෙන්කොට ඇති කොටසයි.
(2) කර්මාන්ත සඳහා වෙන්කොට ඇති දොකොටසයි.
(3) නිධන්කළ කොටසයි.
(4) ඉහත කොටස් හතරින් ටිකටිකයි.
(5) පළමුකොටස හැර අනික් කොටස් තුනයි. (........)

(25) ස්වාර්ථ, පරාර්ථ චර්යාව පිළිබඳ පරමාදර්ශය බෝධිසත්ව ප්‍රතිපදාවයි. බෝසතාණන් වහන්සේ පාරමිතා
පූරණ අවධියේ ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව සිය ජීවිතය පවා පරිත්‍යාග කළ අවස්ථා ජාතක කතා
සාහිත්‍යයෙහි දැක්වේ. එA අනුව හොඳ නරක ක්‍රියා තෝරා බේරා ගැනීමේදී,
(1) ස්වාර්ථයට යම් හානියක් සිදුවුවත් පරාර්ථය ගැන නිතර අවධානය යොමු කළ යුතුය.
(2) පරාර්ථයට යම් හානියක් සිදුවුවත් ස්වාර්ථය පිණිස කටයුතු කළ යුතුය.
(3) ස්වාර්ථය හෝ පරාර්ථය ගැන නොසිතා නිදහස් චින්තනයට ඉඩ දිය යුතුය.
(4) ස්වාර්ථයට මෙන්ම පරාර්ථයටද සමාන අවධානයක් යොමු කළ යුතුය.
(5) ස්වාර්ථයට ළඟාවීමට ඕනෑම කැපකිරීමක් කළ යුතුය. (........)


(26) ප්‍රඥාව මෙන්ම ශ්‍රද්ධාවද විශේෂයෙන් ගිහි ප්‍රතිපදාව වඩන්නකු තළ අනිවාර්යයෙන්ම පිහිටිය යුතු
පෞරුෂාංගයන්ය. බොහෝ බෞද්ධයෝ භක්තිමත් භාවය වැඩි වූ තරමට භෞතික පුද පූජාවල වැඩි
වැඩියෙන් යෙදෙති. එහෙත් යථාර්ථාවබෝධය පිණිස තීරණාත්මක සාධකය ප්‍රඥාවයි. බෞද්ධ
මූලධර්මවලට අනුව බෞද්ධයකු
(1) ශ්‍රද්ධාව වැඩිපුර වැඩිය යුතුය. (2) ප්‍රඥාව වැඩිපුර වැඩිය යුතුය.
(3) ශ්‍රද්ධාව වැඩියෙනුත්, ප්‍රඥාව අඩුවෙනුත් වැඩිය යුතුය.
(4) ප්‍රඥාව වැඩියෙනුත්, ශ්‍රද්ධාව අඩුවෙනුත් වැඩිය යුතුය.
(5) ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමබරව වැඩිය යුතුය. (........)

(27) —විවිධ ක්‍රීඩා හා රතිය, පංචකාම සුවය වැදගත් සේ නොසිතා නොපතා විභූෂණයන්හි නො ඇලී සත්‍ය
වාදීව තනිව කඟවේනකු සේ කල්ගෙවන්න˜ යනුවෙන් සුත්ත නිපාතයෙහි සඳහන් වෙයි. මෙයින්
අවධාරණය කෙරෙන්නේ,
(1) විවේකය ගතකළ යුතු ආකාරයකි. (2) අල්පකෘත්‍යතාව පිළිබඳ ආකල්පයකි.
(3) සත්‍යවාදී බව ප්‍රගුණකළයුතු ආකාරයකි. (4) සෞන්දර්ය රසාස්වාදය වි`දගත යුතු ආකාරයකි.
(5) පස්කම් සැපයෙන් වෙන්විය යුතු ක්‍රමෝපායකි. (........)

(28) උත්සාහයෙන් ශ්‍රම ශක්තිය යොදා දැහැමින් ධනය හා සම්පත් සොයා යනු ලබන පුද්ගලයා විසින් එකී ධන
සම්පත් නිසිසේ පරිභෝජනය කළ යුතුය. එහිදී වඩාත් වැදගත් වන්නේ,
(1) ධාර්මිකව පරිභෝජනය කිරීමයි. (2) නො මුළාව පරිභෝජනය කිරීමයි.
(3) ආපදාවකදී ගැනීම සඳහා තැන්පත් කොට පරිභෝජනය කිරීමයි.
(4) තමනුත් පරිභෝජනය කොට අනුන්ටත් දී පරිභෝජනය කිරීමයි.
(5) ආයෝජනයට වැඩි කොටසක් යොදා පරිභෝජනය කිරීමයි. (........)

(29) යහපත් වචන භාවිතය නිර්වාණාවබෝධයට අත්‍යවශ්‍ය සාධකයකි. වාවසික සංවරය වතුර්ය බව සච්ච
විභංග සූත්‍රයේ දක්වා තිබේ. එහි එක් අංගයක් වන්නේ,
(1) අභිජ්ඣාවෙන් වෙන්වීමයි. (2) ව්‍යාපාදයෙන් වෙන්වීමයි.
(3) මිච්ඡා ආජීවයෙන් වෙන්වීමයි. (4) පටිඝයෙන් වෙන්වීමයි.
(5) පේසුඤ්ඤයෙන් වෙන්වීමයි. (........)

(30) සමාජයක පැවතිය යුතු දැහැමි බව, සාමකාමී බව, නිරවුල් බව පිණිස පුද්ගල වගකීම් හා යුතුකම්
ඛෙහෙවින් බලපායි. එහිදී සතර සංග්‍රහ වස්තු උපමාකර ඇත්තේ ගමන්කරණ රථයක කඩ ඇණයටය.
සිඟාලෝවාද සූත්‍රයෙන් අවධාරණයකරන මෙකී යුතුකම් හා වගකීම් අයත් වන්නේ,
(1) මහණ බමුණන්ටය. (2) කුලපුත්‍රයන්ටය. (3) මිත්‍ර ජනයාටය.
(4) ගුරුවරුන්ටය. (5) දෙමාපියන්ටය. (........)

(31) පාලකයන් අතර පරමාදර්ශී පාලකයා සක්විති රජය. බෞද්ධ ඉගැන්වීම අනුව චක්‍රවර්තී රාජ්‍ය නම්
පරමාදර්ශී පාලන තන්ත්‍රයයි. එය බිහිකර ගත හැක්කේ,
(1) රටේ ආර්ථීක සංවර්ධනය උපරිමත්වයට පත්කර ගැනීමෙනි.
(2) අධාර්මිකව ක්‍රියාකරන අපරාධකරුවන් මුලිනුපුටා දැමීමෙනි.
(3) ආචාර ධර්මය වශයෙන් පාලකයා සුදුසුකම් සපුරා ගැනීමෙනි.
(4) පුරෝහිත බමුණන්ගෙන් අවවාද අනුශාසනා ලබාගැනීමෙනි.
(5) රාජ්‍ය සේවයේ නියුතුවූවන්ට නිසිපරිදි බත් වැටුප් දීමෙනි. (........)


12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය - ෂ
(32) බෞද්ධ ඉගැන්වීම්වලට අනුව සමාජගත පුද්ගලයා අපරාධවලට පොළඹවන හේතු අතර එක් ප්‍රධාන
හේතුවක් ලෙස පිළිගැනෙන්නේ,
(1) උගත්කමයි. (2) අධ්‍යාපනයයි. (3) සම්පත් බහුලත්වයයි.
(4) දිළිඳුකමයි. (5) ධනවත්කමයි. (........)

(33) පුද්ගලයකුට විනය ගරුක වීම හෙවත් නීති ගරුකවීම අත්‍යවශ්‍ය වෙයි. අනිවාර්ය වෙයි. එය බුදුදහම ඉතා
අගය කොට සලකන අතර එසේ ඇගයීමට ලක්කළ අවස්ථාවක්,
(1) මහෝපදේස තුළින් ප්‍රකට වෙයි. (2) අෂට්ගරුධර්ම තුළින් ප්‍රකට වෙයි.
(3) අපරිහානිය ධර්ම තුළින් ප්‍රකට වෙයි. (4) අධිකරණ සමථ ධර්ම තුළින් ප්‍රකට වෙයි.
(5) දසරාජ ධර්ම තුළින් ප්‍රකට වෙයි. (........)

(34) ගරු කළ යුත්තන්ට ගරු කිරීම, පිදිය යුත්තන්ට පිදීම දෙලොව දියුණු සලසන මංගල කරුණක් ලෙස අගය
කෙරෙයි. ගරු කළ යුත්තන්ට ගරු කිරීම, පුද්ගල පරිහානියට අනුබල දෙන මානය, අහංකාරය, උඩගුකම
නැතිවෙයි. පිදිය යුත්තන් පිදීම අයත්වන්නේ දසපින් කිරිය වත්වල එන,
(1) සත්තානු මෝදනයටයි. (2) වෙය්‍යාවච්චයටයි. (3) සුතියටයි.
(4) අපචායනයටයි. (5) දිට්ඨිජුකර්මයටයි. (........)

(35) දැහැමි ක්‍රම ඔස්සේ උපයාගත් ධනයෙන් කොටසක් පරිභෝජණය කිරීමේදී පිදිය යුතු බලිපහක් ධර්මයේ
සහන් වෙයි. එයට අයත් නොවන බලිය වන්නේ,
(1) අතිම් බලි (2) ඤාති බලි (3) පුබ්බපේන බලි
(4) රාජ බලි (5) යාචක බලි (........)

(36) කෘෂිකර්මාන්තය, වෙළඳාම, ගව පාලනය, රාජ්‍ය සේවය වැනි දැහැමි රැකියාවක යෙදී උත්සාහයෙන් ධන
සම්පත් උපයා ගනිමින් ධනවතකු වීමට බුදු දහමින් බාධාවක් නැත. එසේ කිරීමේදී කලාකූට, කංසකූට,
මානකූට, උක්කොටන වංචන ආදී අධාර්මික ක්‍රමවලින් වැළකිය යුතුබව නිර්දේශ කොට ඇත. මේ
ඉගැන්වීමෙන් අදහස් කොට ඇත්තේ,
(1) වෙළදාම් කටුයතු ධාර්මික කළයුතු බවයි.
(2) පංචවිධ අධාර්මික වෙළඳාම් වලින් වැළකිය යුතු බවයි.
(3) වෙළඳාම මෙන්ම වෙනත් දැහැමි රැකියාවකින් මුදල් ඉපයීම බුදු දහම අනුමත කරන බවයි.
(4) දැහැමිව එහෙත් ලාභ ලැබීමේ පරමාර්ථයෙන්ම වෙළඳාම් කළ යුතු බවයි.
(5) කෘෂිකර්මාන්තය ආදී දැහැමි රැකියාවක නිරතවීම සමාජ සේවයක් ලෙස සලකා සිදුකළ යුතු බවයි.
(........)

(37) ආර්ථීක සමෘද්ධිය සඳහා ධනාත්මක අවධානයක් යොමු කරන බුදු සමය ධනය ඉපයීමට අදාළව අත්‍යවශ්‍ය
වන ගුණාත්මක සීමාද දක්වා තිබේ. එවැනි සීමා දෙකක් ලෙස සැළකිය හැක්කේ,
(1) අප්‍රමාදී බව හා උත්සාහයයි. (2) ධාර්මිකත්වය හා අසාහසිකත්වයයි.
(3) අනලස් බව හා සත්‍යවාදී වීමයි. (4) වෙළඳාමෙහි හා කෘෂි කර්මාන්තයෙහි යෙදීමයි.
(5) කායික ශ්‍රමය හා මානසික ශක්තිය යෙදවීමයි. (........)

(38) අප බෞද්ධ ඉගැන්වීම අනුව ජීවත්වන්නේ නොනවතින පරිණාමයකට අයත් ලෝකයකයි. මේ අනුව
බෞද්ධ පරිණාමවාදී චින්තනයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ පරිණාමය,
(1) අහේතුකව සිදුවන බවය. (2) දේව කැමැත්ත අනුව සිදුවන බවය.
(3) භෞතික නියතිය මත සිදුවන බවය. (4) හේතුප්‍රත්‍ය නිසා සිදුන බවය.
(5) කාලගුණ දේශගුණ විපර්යාසය නිසා සිදුවන බවය. (........)


(39) බුදු සමය කාන්තාවට සියලූ අයිතිවාසිකම් ලබාදී කාන්තාවද පුරුෂයා මෙන් ප්‍රඥාවන්ත තැනැත්තියක් බව
තහවුරු කළේය. මේ බව මනාව ප්‍රකට වන්නේ,
(1) පැවිදිවීමට අවසර ලබාදීමෙනි. (2) දහම් ඇසීමට අවසර ලබාදීමෙනි.
(3) ධර්ම දේශනා කිරීමට අවසර ලබාදීමෙනි. (4) උපසපන් වීමට අවසර ලබාදෙමිනි.
(5) තනතුරු ප්‍රදානය කරමිනි. (........)

(40) සොළොස් මහා ජනපද අතුරින් මගධ, කෝසල, මත්ස, අවන්ති යනු රාජාණ්ඩු හතරකි. බෞද්ධ
සැදැහැවතුන් විසින් දැක වැ`දපුදා සංවේගය පහළ කරගත යුතු බුද්ධ චරිතයේ අනුස්මරණීය සිදුවීම්
හතරින් දෙකක් සිදුවී ඇත්තේ මෙහි එක් රාජ්‍ය සීමාවක් තුළය. එම රාජ්‍ය වන්නේ,
(1) මගධ රාජ්‍යයයි. (2) වජ්ජි රාජ්‍යයයි. (3) මත්ස රාජ්‍යයයි.
(4) මල්ල රාජ්‍යයයි. (5) කෝසල රාජ්‍යයයි. (........)

(41) චක්කවත්ති සිහනාද සූත්‍රයේ දැක්වෙන පරිදි සමාජය තුළ හේතුඵල වහයෙන් පාපක්‍රියා සන්තතියක්
වර්ධනය විය. එබදු අපගාමී චර්යා පද්ධතියක් වෙත සමාජය යොමු වීමට ඉවහල්වූ ප්‍රධාන සාධකය වූයේ,
(1) කාමාශාවයි. (2) අභිධ්‍යාවයි.
(3) සම්පත් ඛෙදී යාමේ අක්‍රමිකතාවයි. (4) දරිද්‍රතාවයි.
(5) මහිම්ඡතාවයි. (........)

(42) සවේතනිකව සිදුකරනු ලබන හොඳ-නරක ක්‍රියාවන්ගේ විපාකය එම ක්‍රියව කරන්නා වෙත පැවරීමට නම්
එම ක්‍රියාව කිරීම පිණිස ඔහුට,
(1) ස්වච්ඡන්දතාවක් තිබිය යුතුය. (2) වගකීමක් තිබිය යුතුය.
(3) චේතනාවක් තිබිය යුතුය. (4) ආශාවක් තිබිය යුතුය.
(5) විශ්වාසයක් තිබිය යුතුය. (........)

(43) භෞතික සම්පත් හා මානව සම්පත් කළමනාකරණයේදී ගිහි පැවිදි උභය පක්ෂයට පොදු වූත් මූලික
පරමාර්ථ සාධනයෙහිලා ප්‍රමුඛ වූත් කළමනාකාරීත්වයක් ලෙස අවධාරණය කොට ඇත්තේ,
(1) සම්පත් කළමනාකරණයයි. (2) ආධ්‍යාත්මික කළමනාකරණයයි.
(3) පිරිස් කළමනාකරණයයි. (4) නිෂ්පාදන කළමනාකරණයයි.
(5) කාල කළමනාකරණයයි. (........)

(44) යම් මිනිසෙක් නින්දෙහි ඇලූනේවේද, පිරිස කෙරෙහි ඇලූනේවේද, උට්ඨාන වීය්‍ය_ නැත්තේද උපතින්ම
අලසවේද, ක්‍රෝධය ලක්ෂණ කොට ඇත්තේද ඔහු,
(1) සතර අගතියෙන් අගතිගාමීව කටයතු කරන්නෙකි.
(2) පරිහානිය පිළිබඳ නොසිතා කටයුතු කරන්නෙකි.
(3) පරාර්ථ චර්යාව නොසලකා කටයුතු කරන්නෙකි.
(4) වසල ධර්ම පිළිබඳ අවබෝධයෙන් තොරව කටයුතු කරන්නෙකි.
(5) පිං පව් පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරන්නෙකි. (........)

(45) ගරු කිරීම, අවමන් නොකිරීම, අනාචාරයේ නොයෙදීම, යස ඉසුරු පැවරීම, ආභරණ සැපයීම, ස්වාමි
පුරුෂයා විසින් බිරි`දට ඉටුකළයුතු යුතුකම් ලෙස සිඟාලෝවාද සූත්‍රයේ දැක්වේ. මෙම යුතුකම් ඉටුකිරීම
මගින් ප්‍රකට වන්නේ,
(1) පවුල් එAකකය තුළ බිරිඳට ගෞරවණීය තත්ත්වයක් හිමිකරදී ඇති බවයි.
(2) මවක් වශයෙන් කාන්තාව පූජනීයත්වයට පත්කොට ඇති බවයි.
(3) පුරුෂයාට මෙන්ම කාන්තාවට විමුක්තිය සඳහා සමාන හැකියාවක් ඇති බවයි.
(4) පවුල තුළ බිරිඳ ස්වාමියාට වඩා උතුම් බවයි.
(5) බිරිඳත්, සැමියාත් සමාන තත්ත්වයකින් සැලකිය යුතු බවයි. (........)


(46) —යමෙක් තියුණු අවියක් ගෙන ගංගානම් ගෙඟ් උතුරු කෙළවරේ සිට දකුණු කෙළවර දක්වා යමින් හමුවන
සෑම සත්වයකුම මරමින්, මරවමින් එකම මස් ගොඩක් බවට පත්කළේ වී නමුත් ඉන් සිදුවන පාපයක්
නැත.˜ මෙසේ ප්‍රකාශ කළේ,
(1) නිගණ්ඨනාථපුත්තය. (2) පූරණ කස්සපය (3) මක්ඛලී ගෝසාලය
(4) අජිත කේසකම්බලීය (5) සංජය ඛෙල්ලට්ඨි පුත්තය (........)

(47) වර්තමානයේ නේපාලය නවින් හඳුන්වන කෝසලය ඉතා ප්‍රබල අධිරාජ්‍ය හතරින් එකකි. දේශ සීමා
ලෙසින් නැගෙනහිරෙන් ගන්ධඩක (සදානීරා) නම් නදියද, බටහිරින් පංචාල රටද, උතුරෙන් නේපාලය
නම් කඳුකරයද දැක්විය හැකිය. පහත සඳහන් නගර අතුරෙන් කෝසල රාජ්‍යයට අයත් නගරයක් වන්නේ,
(1) රජගහ නුවරයි. (2) විශාලාමහා නුවරයි. (3) පැලලූප් නුවරයි.
(4) සාකේත නුවරයි. (5) කුසිනාරා නුවරයි. (........)

(48) —මම ජීවත්වීමට කැමැත්තෙමි. (ජීවිතය ප්‍රිය කරමි.) මරණයට අකැමැත්තෙමි. දුක් පිළිකුල් කරමි. අන්‍යයන්
ගැනද එA අයුරින් සිතිය යුතුය. අන්‍යයන්ද ජීවත්වීමට කැමැතිය. වරණයට අකැමැතිය. දුක් බැහැර කරති.
එබැවින් අන්‍යයන්ගේ ජීවත්වීමේ අයිතිය සුරැකිය යුතුය. අන් අයෙක් නොමැරිය යුතුය. අන්‍යයන්ද සැප
කැමැතිය. එබැවින් ඔවුන්ගේ සැපතට බාධා නොකළ යුතුය.˜ මින් කියවෙන බෞද්ධ සදාචාර ධර්මය
හඳුන්වන්නේ,
(1) ආත්ම හිංසනය වශයෙනි. (2) ආත්ම සංචරය යනුවෙනි.
(3) ආත්ම දමනය වශයෙනි. (4) පරාර්ඡ චර්යාව යනුවෙනි.
(5) අත්තූපනායික ධර්ම පර්යාය වශයෙනි. (........)

(49) —පංචසිඛ නම් වීණා වාදකයාගේ වීනා වාදනය කෙරෙහි ප්‍රසාද ජනකව බුදුරදුන් වර්ණනා කළ අයුරු
දැක්වෙයි. ගායනයට සරිලන අයුරින් වාදනයත්, වාදනයට සරිලන ලෙසින් ගායනයත් ඉදිරිපත් කිරීමට
පංචසිඛ සමත් විය. ඉතා දක‍ෂ ලෙස වීණාව වාදනය කළ බව පවසමින් එම අවස්ථාව වර්ණනා කර ඇත.˜
මෙම සිද්ධිය සඳහන් වන්නේ,
(1) මහාමංගල සූත්‍රයේ ය. (2) සිඟාලෝවාද සූත්‍රයේ ය. (3) සක්ක පඤ්හ සූත්‍රයේ ය.
(4) ව්‍යග්ග පජ්ජ සූත්‍රයේ ය. (5) මහා පරිනිබ්බාණ සූත්‍රයේ ය. (........)

(50) zඅණනZ සූත්‍රයේ විස්තරවන චතුර්විධ සූඛයන් අතර zභෝග සුඛZ යනුවෙන් අදහස් කරන්නේ,
(1) භව භෝග සම්පත් බහුලව රැස්කර ගැනීමෙන් ලබන සතුටයි.
(2) භෝග වගා කිරීමෙන් ලබන සතුටයි.
(3) දැහැමිව භෝග සම්පත් උපයා ගැනීමෙන් ලබන සතුටයි.
(4) නිවැරදි දිවි පෙවතක් ගත කිරීමෙන් ලබන සතුටයි.
(5) තමා සතු සම්පත් නිසි පරිදි පරිභෝජන කිරීමෙන් ලබන සතුටයි. (........)



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot