තම ආධිපත්‍ය සමාජයේ තවදුරටත් තහවුරු කරගනු වස් සමාජමය වශයෙන් හා ආර්ථිකමය වශයෙන් බලවත් සෑම සමාජ කාර්යයක්ම තම වසගයෙහි පවත්වා ගැනීම උදෙසා ඒ ඒ වර්ණය විසින් කළ යුතුයයි. නිර්දිෂ්ට කාර්ය පටිපාටියක් දක්වන ලද අතර එය ස්වධර්ම ලෙස හැඳින්වීය. මනුස්මෘතියෙහි එකී ස්වධර්ම පහත පරිදි දක්වා තිබේ.
බ‍්‍රාහ්මණ ස්වධර්ම
අධ්‍යාපන මධයයනං - යජනං යාජනං තථා
දානං ප‍්‍රතිග‍්‍රහණංචෛව - බ‍්‍රාහ්මණානාමකල්පයත්
x ඉගැනීම - අධ්‍යයනං
x ඉගැන්වීම - අධ්‍යාපනං
x යාග කිරීම - යජනං
x යාග කරවීම - යාජනං
x දානය - දානං
x දන් පිළිගැනීම - දානං ප‍්‍රතිග‍්‍රහණං
ක්‍ෂත‍්‍රීය ස්ව ධර්ම
ප‍්‍රජානං රක්‍ෂණං -දානමිඡු්‍යාධ්‍යනමේවච
විෂයේෂ් ච ප‍්‍රශක්තිශ් ච - ක්‍ෂත‍්‍රියස්‍ය සමාසතඃ
x ප‍්‍රජා රක්‍ෂණය - ප‍්‍රජානං රක්‍ෂණං
x දන්දීම - දානම්
x යාග කිරීම - ඉජ්‍යා
x වේද අධ්‍යනය - අධ්‍යයනං
x කාමයෙහි නො ඇල්ලීම - විෂයේෂ්ව ප‍්‍රශක්තිශ්ච
වෛශ්‍ය ස්වධර්ම
පශූනං රක්‍ෂණං -දානමිඡු්‍යාධ්‍යනමේවච
වණික් පථං කූසීදංච - වෛශ්‍යස්‍ය කෘෂිමේව ච
x පශු රක්‍ෂණය - පශූනං රක්‍ෂණං
x දානය - දානං
x යාග කිරීම - ඉජ්‍යා
x වේද අධ්‍යනය - අධ්‍යනයං
x වෙළදාම - වණික් පථං
x මුදල් පොළියට දීම - කුසීදං ච
x කෘෂිකර්මය - කෘෂිං
ශුද්‍ර ස්ව ධර්ම
බ‍්‍රාහ්මණ, ක්‍ෂත‍්‍රීය, වෛශ්‍ය යන ප‍්‍රභූ වර්ණවලට කීකරුව දාසකම් කිරීම ම ශුද්‍ර වර්ණයට හිමි එකම ස්ව ධර්මය විය. මෙම වර්ණ ධර්ම හා ස්වධර්ම සංකල්පය තවදුරටත් තහවුරු කිරීම සදහා ඉදිරිපත් කරන ලද ඉගැන්වීමක් ලෙස ආපද්ධර්ම වන ඉගැන්වීම ගත හැකිය. ආපදාසන්න අවස්ථාවක දී මෙකී ස්ව ධර්ම වෙනස් කර ගත හැකිය යන්න එහි අදහසයි. එනම් ජලගැල්මක් , ලැව් ගින්නක් , සොර සතුරු උවදුරක්, දුර්භික්‍ෂයක් වැනි විපත්තිකර අවස්ථාවක අවරෝහණ ක‍්‍රමයට ස්ව ධර්ම ඉක්මවා යෑමේ නිදහසයි. බමුණාට ක්‍ෂත‍්‍රීය ස්වධර්ම ද , ක්‍ෂත‍්‍රියාට වෛශ්‍යය ස්වධර්ම ද , වෛශ්‍යයාට ද ශුද්‍ර ස්වධර්ම ද එබඳු අවස්ථාවක තම පැවැත්ම වෙනුවෙන් ක‍්‍රියාත්මක කළ හැකිය. නමුත් පහත් වර්ණයකට අයිති වූවෙකුට ඊට වඩා ඉහළ වර්ණයක ස්ව ධර්ම ක‍්‍රියාවට නැගිමේ අවකාශයක් නොලැබෙන බව මෙහිදී අවධාරණය කෙරේ.
ආශ‍්‍රම ධර්ම
තවත් බ‍්‍රාහ්මණ ඉගැන්වීමක් ලෙස ආශ‍්‍රමධර්ම පිළිබඳ මතය දැක්විය හැකිය. ඒ අනුව උපතේ සිට මරණය දක්වා පුද්ගල ජීවිතය ගතකළ යුතු ආකාරය ආශ‍්‍රම ධර්ම මගින් ඉගැන්වෙයි. එනම්
බ‍්‍රහ්මචාරී - ශිෂ්‍ය අවධිය - බ‍්‍රහ්මචාරී ව පිරිසිදු ජීවිතයක් ගතකරමින් වේද වේදාංග ප‍්‍රධාන කරගත් ශිල්ප ශාස්ත‍්‍ර හැදැරීම උපතේ සිට වයස අවුරුදු 16 දක්වා
ගෘහස්ථ - තරුණ අවධිය - විවාහකව පුතුන් ලබමින් , පස්කම් සුව විඳිමින් , යාග විධි ආදී ආගමික වතාවන් පැවැත්විම. මවිපියන් අඹු දරුවන් පෝෂණය කිරීම ආදී ගිහි ජීවිතයේ තෘප්තිමත් විම.(16-45)
වානප‍්‍රස්ථ - මැදිවිය- තරුණ වයස ඉක්මවා යත්ම ලෞකික සැප සම්පත් අත්හැර වන ගතව තාපස ජීවිතයක් ගත කිරීම. (අවු :45- 60)
සන්‍යාසි - මහළු විය - සම්පූර්ණයෙන්ම ආගමික, අල්පේච්ඡු, නිෂ්කාමී ජීවිතයක් ගත කරමින් , ආගමික වතාවත් ඉටු කරමින් නිදහස්ව විවේකීව කටයුතු කිරිම, මරණයට සූදානම් වන කාල සීමාව අවු : 60 සිට මරණය දක්වා
වශයෙන් එකී ආශ‍්‍රම ධර්ම පිළිබඳ ඉගැන්වීම් දැක්විය හැකිය. මනුස්මෘතියෙහි මෙම ඉගැන්වීම
👍
ReplyDelete