BC

Hot

Post Top Ad

LightBlog

Post Top Ad

Your Ad Spot

Sunday, May 9, 2021

May 09, 2021 0



බුදු දහමේ සඳහන් මූල්ය කළමනාකරණය

විරාගීව හැසිරෙන වීතරාගීන් හැර සියල්ලටම සමාජය හා නොගැටී ජීවත් වීම අසීරුය. බුදු දහම විරාගී දර්ශනයක් මත පදනම් වුව ද දෙලොව දියුණුව සදහා ම කරුණු දක්වන දහමකි. පුද්ගලයාගේ මෙලොව දියුණුව සදහා ධනය උපයා ආර්ථික දියුණුවක් ලැබිය යුතු බව පිළිගනී. එසේම මෙලොව ජීවිතය සුඛිත මුදිත කර ගැනීමට ධනය මූලික අවශ්යතාවයකැයි බුදු දහමින් පෙන්වා දේ.
ධනය ඉපයීම, ධන විසර්ජනය, ධනය ආරක්ෂා කර ගැනීම පිළිබඳ උපදෙස් අඩංගු බෞද්ධ සූත්ර රාශියකි. සිඟාලෝවාද සූත්රය, අණන සූත්රය, වේලුද්වාර සූත්රය, වසල සූත්රය, ව්යග්ඝපජ්ජ සූත්රය, පරාභව සූත්රය හා පත්තකම්ම යන සූත්රවලින් ඒ බව කියැවේ.
‘ තමා ආර්ථික වශයෙන් ස්ථාවර බවත්, ඉන් පිරිහීමට පත් නොවේ’යැයි යමෙකුට පවසන්නට ලැබීම සතුටට කරුණකැයි අණන සූත්රයෙන් කියැවේ. අංගුත්තර නිකාය අනුව දිළිඳුකම ගිහියාට දුකකි. සමාජයේ ජීවත් වීමේදි අන්යෝන්ය ලෙසින් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් සමුදායක් වේ. මිනිස් ප්රජාව තෘප්තිමත් වන්නේ යහපත් සමාජ සම්බන්ධතා පවතින විට ය. තමාගේත් තම අඹු දරුවන්ගේත් යුතුකම් ඉටු කිරීම ගිහියා සතු වගකීමකි. එසේ කළ නොහැකි වූ විට ඔහු දුකට පත් වේ.අසහනයට පත් වේ.එසේම දන්දීම, පරිත්යාගය සඳහා මුදල් අවශ්ය වේ. ධනය නැත්තාට දන් දිය නොහැක. මේ නිසා මෙලොව පරලොව වැඩ සඳහාද ධනය අවශ්ය බව බුදු සමය පිළිගනී.
බුදු දහමින් ධන පරිහරණයට තහනමක් නොවු බව වේලුද්වාර සූත්රය සාක්ෂි දරයි. “ ගිහි කාම භෝගීන් වු අපට ගැළපෙන ධර්මයක් දෙසන්න “ යැයි වේලුද්වාර වැසියන් බුදුන් වහන්සේගෙන් කළ ඉල්ලීමට අනුව බුදුන් වහන්සේ ස්වයං විනය සහිත අත්තුපනායක ධර්මයක් ඔවුන්ට දේශනා කළහ. ධනය එක් රැස් කර ගොඩ ගසා ගැනීම බුදු දහම අනුව අනුමත නොකරයි. ඉන් සතුටක්, සැනසීමක් ලැබිය නොහැකිව තවත් දුකට පත් වේ. දෙමාපියන් අඹු දරුවන් සමඟ කා බී සතුටු වීමටත් සැප සඳහාත් දානාදී කුසල් කර්ම කිරීමටත්, සමාජ සේවය සඳහාත්, දෙලොව දියුණුව සඳහාත් යෙදවීම යන පරමාර්ථ ඉටුකර ගැනීමට ධනය අවශ්ය බව පිළිගන්නා බුදු දහම එයට අනුබල ලබා දේ. ධනය ඉපැයීම ධාර්මිකව කළ යුතු බව බුදු සමයේ මූලික ඉගැන්වීමය.
ධනය මිනිසාගේ උපකරණයකි, සේවකයෙකි. මිනිසා එහි ස්වාමියා ය. ධනයට ගැති වීම, ධනකාමීව සමාජයට අහිතකර වීම, බුදු සමය හෙළා දකී. පුද්ගලයා ධාර්මිකව රැස්කර ගන්නා ධනය පවිටු මිතුරන්ගෙන් වෙන්ව කල්යාණ මිත්ර ඇසුරෙන් යුතුව අය වැය සමතුලනය කරමින් භෝග විනාශ මුඛ හයෙන් වෙන්ම අනුන්ට ණය නොවී පරිහරණය කිරීමෙන්, ධනය ඉපැයීමෙන් සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව බුදු සමයේ පිළිගැනීම ය.
“භෝගා මේ අත්ථි උට්ඨාන වීරියාධිගතා බාහාබල පරිචිතා සේදා වක්ඛිත්තා ධම්මිකා ධම්මලද්දා ඉති අධිගච්චති සුඛං අධිගච්චති සෝමනස්සං “ මෙලොව සැප ගැන දේශනා කිරීමේදි බුදුන් වහන්සේ පළමුව දක්වා ඇත්තේ තමාට ධනයක් ඇතැයි සිතීම පවා සැපයක් බව ය.
බුදු දහම අනුව ධනය ඉපැයීම කළ යුත්තේ අවිහිංසාව පදනම් කරගෙන ය. කිසිවෙකුට කිසිම අයුරකින් හිංසා පීඩාවක් නොකර ධනය ඉපැයිය යුතුය. තමාගේ් වාසිය ගැන පමණක් සිතා අන්යයන් තළා පෙළා හිංසා පීඩාකර ශ්රමය සූරා ධනය හරිහම්බ කර ගොඩගසා ගැනීම බුදු සමය හෙළා දකී.
“මනො පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා මේ පසන්නේන
භාසතීවා කරෝති වා
තතෝනං සුඛ මං වේති
ඡායාව අනපායිනි “
ධර්මයෝ සිත පෙරටුව ගමන් කරයි. මනස උතුම්කොට පවතියි. සිතුවිලි සිතින්ම උපදින්නේ ය. ප්රසන්න (යහපත් ) සිතින් යුතුව යමක් කියයි හෝ කරයි නම් ඒ හේතුවෙන් සැපය ඔහු අනුව යන්නේ තමා පසුපස යන සෙවණැල්ල මෙන් යැයි සැවැත්නුවර “ අදින්න පුබ්බක “ නම් තෘෂ්ණාධික පුද්ගලයාගේ මට්ටකුණ්ඩලී නම් පුත්රයා මිය යාමට ආසන්න අවස්ථාවේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ.
“බඹරා මල නොතළා රොන් ගන්නා මෙන් “ කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොකර ධනය රැස්් කළ යුතු බව සිඟාලෝවාද සූත්රයේ මෙසේ දක්වේ.
“භෝගේ සංහර මානස්ස
භමරස්සේව ඉරියතෝ
භෝගා සන්නිචයං යන්ති
චම්මි නෝච පවුච්චති
ඒවං භෝගේ සමාගත්වා
අලමතේථා කුලේ ගිහි “
මේ අනුව බඹරා රොන් ගන්නා මෙන් ධනය රැස් කිරීම ධාර්මිකව කළ යුතු බව අවධාරණය කරන බුදුදහම ධාර්මිකව ධනය හම්බ කළ යුතු ආකාරය විස්තර කරයි එනම්
1. බාහාබල පරිචිතා (බාහු බලය යෙදවීමෙන්)
2. සේදා චක්ඛිත්තා (දහදිය හෙළීමෙන්)
3. සම්මාජීව (ධාර්මික ජීවිකාවලින්)
4. ධම්මිකා ධම්ම ලද්දා (ධාර්මික රැකියාවලින්)
මෙපරිද්දෙන් ධනය රැස් කළ යුතු බවකි. ධනය හරි හම්බ කිරීමේදි මේ අනුව එය ධාර්මිකව කළ හැකි ද යන්න තීරණය කළ යුතුය.
ව්යග්ඝපජ්ජ සූත්රයේ බුද්ධ කාලීන භාරතයේ ධාර්මික රැකියා පිළිබඳව මතු දැක්වෙන අයුරින් විස්තර කරයි.
1. කසී (කෘෂිකර්මය )
2. වණිජ්ජ (වෙළඳාම)
3. ගෝරක්ඛ (පශු පාලනය)
4. ධනුර්ධර (දුනු ශිල්පය )
5. රාජපෝරිස (රාජ්ය සේවය)
6. සිප්පඤ්ඤත්තර (වෙනත් ශිල්ප කලා)
7. ඉස්සත්ථ (හමුදා සේවය)
මේ රැකියා ධාර්මික රැකියා ලෙස බුදු දහම පිළිගනු ලබන්නේ” සියල්ලෝම සැපයට කැමති වෙති. මරණයට අකමැති වෙති. දඬුවමට බිය වෙති” යන පදනමේ පිහිටා ය.
“සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්ඡුනෝ
අත්තානං උපමං කත්වා
නහන්යෙයන නඝාතයේ “
පංචශීල ප්රතිපත්තිය කොට ධාර්මිකව ධනය ඉපැයීම මෙහි දී වැදගත් බවත් ඒ නිසාම අධාර්මික වෙළඳාම් පහක් නම් කොට ඒවායේ නොයෙදිය යුතු බවත් බුදුන් වහන්සේ පෙන්වා දුන්හ.
1. වහලුන් හෝ සතුන් වෙළඳාම
2. ආයුධ වෙළෙඳාම
3. විෂ වර්ග වෙළෙඳාම
4. මස් වෙළෙඳාම
5. මත් ද්රව්ය වෙළෙඳාම
ධනෝපායනයේ දී ධාර්මික බව ආරක්ෂා වීමට නම් වෙළඳාමෙහි,
1. තුලා කූට (හොර තරාදි)
2. කංස කූට (හොර මැනීම්)
3. මාන කූට (හොර මිනුම් )
ආදී වංචනික ක්රමවලින් බැහැර විය යුතු බව දැක්වේ. වෙළෙඳාම හෝ කවර ධාර්මික වෘත්තියක නියුතු පුද්ගලයෙක් වුව ද උත්සාහයෙන් ධනය ඉපැයිය යුතු බවත් එය “වේයා තුඹස බඳින්නා “ මෙන් ද “ මී මැස්සා රොන් ගන්නා “ මෙන් ද වන ලෙසින් ධනය ඉපැයීම කළ යුතු බවත් බුදුන් වහන්සේ උපමා මඟින් දක්වා ඇති සේක.
ධනය උත්සාහයෙන් වෙහෙස මහන්සි වී උපයාගත් පමණින් ආර්ථික සුරක්ෂිත භාවයක් ඇති නොවේ. ධනය සිහියෙන් යුතුව භාවිතා නොකළහොත් ඒවා වියදම් වී දිළින්දකු වනවා පමණක් නොව මානසිකව පිරිහීමටද ඉඩ තිබේ. මෙයින් අදහස් කරන්නේ මසුරු කමින් ධනය ගොඩ ගසා තැබිය යුතු බව නොවේ. ගිහියන් ගිහි සැප ලබා ගැනීමේ අරමුණින් නැණවත්ව වියදම් කිරීමෙන් “භෝග සුඛ “ භුක්ති විඳීමෙන් සැප ලැබිය හැකි බවකි. ධන පරිහරණයේදී බුදුන් වහන්සේ අනුගමනය කළ යුතු ප්රතිපත්තිය දක්වා ඇත්තේ “ සමජීවිකතාවය “ යනුවෙනි.
ආදායම හා වියදම සැලකිල්ලට ගෙන එය පාලනය කරමින් වියදම් කිරීම “ සමජීවිකතාව “ අදහස් වේ. අණන සුඛ (ණය නොවී සිටීම) සැපයක් ලෙස බුදුන් වහන්සේ දක්වා ඇති සේක. ණය ගැනීමෙන් සිදුවන විපාක හතරක් බුදුන් වහන්සේ පෙන්වා දෙති.
1. පොලී ගෙවන්නට සිදුවේ
2. ලෝකාපවාදයට ලක් වේ
3. අනාරක්ෂිත වේ
4 . දඬුවම් වලට ලක් වේ
බුදුන් වහන්සේ විසින් සමජීවිකතාවයෙන් අය වැය පවත්වා ගැනීම ද උපමා තුනක් මඟින් පෙන්වා දෙන ලදහ.
1. තුලාධාරොපමාව
2. උදුම්බරඛාදී කොපමාව
3. තලාකොපමාව
තරාදියෙන් බඩු කිරීමේ දී මේ පැත්ත උස්වේය, මේ පැත්ත පාත්වේය යයි කල්පනා කරමින් දෙපැත්ත සමතුලනය කරගැනීමට දරනා උත්සාහය මෙන් බව තුලාධාරොපමාව මඟින් විද්යාමාන කෙරේ.
සුළු ආදායමක් ඇතිව බොහෝ වියදම් කිරීම , දිවුල් ගසකට නැග දිවුල් ගස සොලවා ඉදුණු හා අමුගෙඩි බිම හෙළා ඉඳුණු ගෙඩි කෑමට ගැනීම හා සමාන බව පැහැදිලි කෙරෙනුයේ උදුම්බරඛාදී කොපමාව මඟිනි.
තලාකොපමාව මඟින් නිරූපණය කරනුයේ දිය නෑමට ගොස් දිය ගලා එන දොරටු හතර වසා දමා දිය පිටවෙන දොරටු හතර හැර දමන පුද්ගලයින්ගේ තටාකවල වැසි නොවසින විට තටාකයේ ජලය අඩුවෙනවා මිස වැඩි නොවන බවයි.
ජලය පිටවෙන දොරටු මෙන් ධනය විනාශ වන දොරටු හතර ලෙස දැක්වූයේ ,
1. ස්ත්රී ධූර්ත වීම
2. සුරා ධූර්ත වීම
3. දූ කෙළියේ ධූර්ත වීම
4. පවිටු මිතුරු ඇසුර
යන ඒවාය. යථෝක්ත උපමා ත්රිත්වය මඟින්ම බුදුන් වහන්සේ ධනය විනාශ වීමට ඍජුවම බලපාන හේතු පැහැදිලි කර දෙති. පුද්ගලයා වෙහෙස මහන්සි වී උපයන ධනය රජයෙන්, ගින්නෙන්, ජලයෙන් හා සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගත යුතු බව ද බුදු දහම අවධාරණය කරයි. රජයේ අසීමිත බලය අනුව ඕනෑම පුද්ගලයෙකු සිතු ධනය රාජ සන්තක කළ හැකිය. අධර්මිෂ්ට ලෙසින් ධනය ඉපැයිම කළේ නම් එවන් දේ සිදුවීමට ඇති අවකාශය වැඩිය. ශ්රමය වැය කර අසීරුවෙන් උපයා ගන්නා ධනය එසේ විපත් වලින් ආරක්ෂා වීමට වග බලා ගත යුතුය. සිඟාලෝවාද සූත්රයේ දී ධනය විනාශ වන අපාය මුඛ හය නිසා පුද්ගලයා දිළින්දෙකු බවට පත්වන අයුරු කියැවේ.
1. මත් ද්රව්ය භාවිතය
2. දූ කෙළියේ යෙදීම
3. සමජ්ඡාභිචරණය
4. පාප මිත්ර සේවනය
5.අවේලාවේ වීදි සංචාරය
6. අලසකම
මෙසේ ධනය විනාශ වී යාම තුළින් ධන පරිහානිය මෙන්ම පවුල් සංස්ථාවේ විනාශය ද එමඟින් සමාජයේ විනාශය ද කායික, මානසික වශයෙන් පිරිහීමට පත්වන බවද බුදු සමයේ සඳහන් වේ.
පුද්ගලයා ඉපැයිය යුතු ධනය ගොඩ ගසා ගෙන මසුරු ජීවිතයක් ගත කිරීම බුදු දහම අනුමත නොකරයි. තමා දහඩිය මහන්සියෙන් උපයාගන්නා ලද ධනය සමාජයේ යහපත වෙනුවෙන්, තමා හා තම පවුලේ යහපත වෙනුවෙන්, ඥාති හිත මිත්රාදීන් වෙනුවෙන් වැය කළ යුතු බව දක්වයි.
“ඒකේන භෝගේ භුංජ්යෙය
ද්විහි කම්මං පයෝජයේ
චතුත්ථංච නිධාපෙය්
ආපදාසු භවිස්සති “
(දීඝ නිකාය - සිඟාල සූත්රය) එක් කොටසක් පරිභෝජනය වෙනුවෙන්ද, කොටස් දෙකක් ප්රයෝජනවත් කර්මාන්ත සඳහාද, ඉතිරි කොටස කරදරයකදී විපතකදී ගැනීම සඳහා තැන්පත් කොට ආරක්ෂා කොට තබා ගත යුතු බව සිඟාලෝවාද සූත්රයේ සඳහන් වේ. ඒ අයුරින් ධනය වියදම් කරන්නා දෙලොවදීම සැපයට පත්වන බව බුදුන් වහන්සේ දේශනා කළහ.
ධනයෙන් කළ යුතු කාර්යයන් හතරක් බුදු දහමින් පෙන්වා දේ. එනම,
1. යුතුකම් ඉටු කිරීම
2. දානමානාදිය සඳහා
3. තමන් හා නෑදෑයන් , මිත්රයන් සුවපත් කිරීම
4. විපත් වලින් ආරක්ෂා වීම සඳහා
ව්යග්ඝපජ්ජ සූත්රයේ දී අය වැය සමව පරිභෝජනය කිරීමට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව පුද්ගලයා විසින් උපයන ධනය අර්ථවත් වීමට පංචබලි පැවැත්විය යුතු බව බුදු දහමේ විග්රහ කොට ඇත.
එම පංච බලි මෙසේය
1. ඥාති බලි (නෑදෑයන්ට සැළකීම )
2. අත්ථී බල (ආගන්තුකයන්ට සැළකීම )
3. පුබ්බපේත බලි (මළ ගිය අයට පින්පෙත් දීම)
4. රාජ බලි (රජයට ගෙවිය යුතු බදු)
5. දේවතා බලි (දෙවි දේවතාවුන් ට පිදීම )
තමා උපයා ගත් ධනය ගොඩගසාගෙන ඉල්ලීස, මච්ඡරිය , අදින්න පුබ්බක සිටුවරු මෙන් මසුරුකමින් ජීවත්වීම අගය නොකරන බුදු දහම ධනයෙන් කළ යුතු අර්ථවත් කාර්යයන් රැසක් පෙන්වා දේ.
තම පවුලේ පරිභෝජනය සඳහා යෙදවීම .
මව්පිය සහෝදර සහෝදරියන් පෝෂණය
පංච බලි පැවැත්වීම
විපත්වලදී වියදම් කිරීම
සිල්වතුන්ට දානමානාදිය ලබා දීම
පරලොව යහපත පිණිස කටයුතු කිරීම
මිනිසාට ධනය අවශ්ය වන්නේ තමාගේ ප්රයෝජනයට හා සමාජීය යුතුකම් නො පිරිහෙලා ඉටු කිරීම සඳහාය. පරාභව සූත්රයේ දැක්වෙනුයේ ධනය නියම අයුරින් නොයෙදු විට පිරිහීමට පත් වන බව ය. මහලු දෙමාපියන්ට නො සලකයි ද, පොහොසත් වූ යමෙක් තනිව මිහිරි භෝජන වැළඳීම ද, ස්ත්රීන් කෙරෙහි වියදම් කිරීම ද එවැනි ස්ත්රියකට හෝ පුරුෂයෙකුට නිවස බාරදීම ද පිරිහීමට හේතුවන බව වැඩි දුරටත් දැක්වේ.
“ජීවිතංච අධම්මේන
ධම්මේන මරණංච යං
මරණං ධම්මිකං සෙය්යො
යං චෙ ජීවෙ අධම්මිකං “
අධාර්මික ජීවිකාවය, ධාර්මික මරණය යන මේ දෙකින් අධාර්මික ජීවිකාවට වඩා ධාර්මික මරණයම උතුමැයි වදාළේත් නො දැහැමින් ජීවත් වීමෙන් පසුව මෙලොවදී හා පරලොව දී මහත් දුකට පත්වන හෙයිනි. එහෙයින් කෙබඳු අපහසුවකින් වුවත් දැහැමින්ම ධනය සැපයිය යුතුය. එය ඒ මොහොතට අපහසු කාර්යයක් වුවද අනතුරුව මෙලොවදී හා පරලොව දී සැනසිල්ලට හා සැපයට හේතු වේ. බෞද්ධ ආර්ථික පිළිවෙතෙහි සැලසුම් මේ අයුරින් වුව ද ඇතැම් පුද්ගලයාගේ චිත්ත සන්තානය නිරන්තරව ලෝභය , ආශාව වැනි කෙලෙස් දමින් බැඳී තිබේ. බුදු දහමේ ඉගැන්වෙන “ මය්හක ජාතකය “ ලෝභයාගේ ධනය පිළිබඳව මනා අයුරින් විග්රහ කරයි.
------------------------------------------------
මදුරන්කුලිය ආදර්ශ මහ විදුහලේ
ඩබ්ලිව්. ඒ. නදීශා ආසිරි කුසුම්
බුදුසරණ පුවත්පත, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්රහයෙන් පැවැත් වූ දීප ව්යාප්ත රචනා තරගයේ ප්රථම ස්ථානය හිමිකර ගත් නිර්මාණය
------------------------------------------------
Read More

Sunday, February 9, 2020

ප්‍රත්‍ය ශතකය

බුදු දහම රාජ්‍ය පාලනය සහ ආර්ථිකය

February 09, 2020 1
බුදු දහම රාජ්‍ය පාලනය සහ ආර්ථිකය
--------------------------------------------------------------
රට හැදීම, ආර්ථික යුද්ධය ජය ගැනීම සහ ආර්ථික සංවර්ධනය යනාදී කාරණා ගැන වෙන කවරදාටත් වඩා මේ කාලයේදී වැඩි අවධානයක්‌ යොමුව පවතී. විශේෂයෙන් ම යුද ජයග්‍රහණයෙන් පසු සෑම දෙනාගේම අපේක්‍ෂාව වී ඇත්තේ ආර්ථික යුද්ධය ද ජය ගනු දැකීමයි. එහෙත් යුද්ධය ජය ගත් පමණින්ම රටට ඉබේම සමෘද්ධිය පහළ වන්නේ නැති බව ද අපි නොයෙක්‌ විට කියා ඇත්තෙමු. මේ සඳහා රජයේ ආර්ථික කළමනාකරණය පමණක්‌ නොව පොදුවේ පාලක පක්‍ෂය රාජ්‍ය පාලනය සිදුකරන ආකාරය ද රටක ආර්ථිකයේ ප්‍රගතියට හේතු වෙයි. ඒ අනුව මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ බුදු දහම ඇසුරින් රාජ්‍ය පාලනය සහ රටේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කිරීමටය.
බුදු දහමට අනුව රාජ්‍ය පාලනයේදී රාජ්‍ය පාලකයා දැහැමි අයකු වීම, එම රාජ්‍ය පාලනය තුළින් රටටත්, රටවැසියාටත් සමෘද්ධිය හා සෞභාග්‍යය උදාකර දීමට අත්‍යවශ්‍ය දෙයකි. ඒ නිසා ධාර්මික රාජ්‍ය පාලනය තුළින් රටෙහි දියුණුවක්‌ ඇති වන බවත් පිරිහීමක්‌ ඇති නොවන බවත් බුදු දහමේ නොයෙක්‌ තැන්හි අවධාරණය කර ඇති දෙයකි. ධාර්මික රාජ්‍ය පාලනයක්‌ සඳහා හේතු වන බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමේදී බුදු දහමේ සඳහන් ඉතා වැදගත් සංකල්ප කිහිපයක්‌ පිළිබඳව අපට අවධානය යොමු කිරීමට සිදු වේ. ඒවා මෙසේයි.
1. චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය
2. දසරාජ ධර්මය
3. සතර සංග්‍රහ වස්‌තු
4. සතර අගතිය
5. සප්ත අපරිහානීය ධර්ම
දුර අතීතයේදී "රජ" හෙවත් "රාජා" යන ව්‍යවහාරය ඇති වූයේ දැහැමින් රට පාලනය කරන්නා යන අර්ථයෙනි. කූටදත්ත සූත්‍රයට අනුව මෙම රජු සතුව ප්‍රධාන ලක්‍ෂණ තුනක්‌ තිබිය යුතුය. එනම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව (සුස්‌සුතො), ප්‍රඥාවන්ත බව (පණ්‌ඩිතො), සහ උගත් බව (වියත්තො) යන ගුණාංගයන් ය. බුදු දහම තුළින් අවධාරණය කරන චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේදී විශිෂ්ට රාජ්‍ය පාලකයකුගේ පරමාදර්ශී ස්‌වභාවය මූර්තිමත් කෙරෙන අතර, සක්‌විති රජු යනු ධාර්මික රාජ්‍ය පාලනයේ ඉහළම තලයයි. මේ සක්‌විති රජුගේ ප්‍රධාන කටයුතු හතරකි. ඒවා හැඳින්වෙන්නේ ප්‍රධාන සක්‌විතිවත් ලෙසය. ඒ මෙසේය.
1. දැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම
2. ජීවිත සුරක්‍ෂිතතාව තහවුරු කිරීම
3. ආර්ථික සුරක්‍ෂිතතාව ඇති කිරීම
4. විශාරදයන්ගේ උපදෙස්‌ ලබා ගැනීම.
මේ අනුව යහපත් රාජ්‍ය පාලකයකුගේ මූලිකම කාර්යය විය යුත්තේ යහපත් රාජ්‍ය පාලනයක්‌ ඇති කර ගැනීමයි. ඒ සඳහා සියල්ලටම ප්‍රථම රජතුමා ධාර්මික විය යුතුය. (රාජා භවතු ධම්මිකො) වර්තමානයට අනුව නම් පාලකයා නැතහොත් පාලක පක්‍ෂය ධාර්මික විය යුතුය. අති පුරාණයේ සිටම භාරත වැසියන්ගේ උසස්‌ම ප්‍රාර්ථනයක්‌ වූයේ රජතුමා ධාර්මික විය යුතුය යන්නයි. භාරතයේ පමණක්‌ නොව ඕනෑම රටක රටවැසියන් තම පාලකයා ධාර්මික, යහපත් අයකු විය යුතු අපේක්‍ෂා කරන බවට සැකයක්‌ නැත. අපේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ ද පුරාණයේ සිටම රාත්‍රි වත් පිරිත් කියා අවසානයට කරන ප්‍රාර්ථනයක්‌ ද තිබිණි. ඒ මෙසේයි.
"දෙවො වස්‌සතු කාලෙන - සස්‌ස සම්පත්ති හේතුච
පීතො භවතු ලොකොච - රාජා භවතු ධම්මිකෝ"
කලට වැසි වසීවාෘ, ශස්‍ය සම්පත් දියුණු වේවාෘ, ලෝ වැසියන් ප්‍රීතිමත් වේවාෘ රජතුමා ධාර්මික වේවාෘ යන්න එකී ප්‍රාර්ථනයෙහි සිංහල අදහසයි. මෙය කවුරුත් දන්නා ඉතා ප්‍රකට ප්‍රාර්ථනයකි. මෙහි අති විශාල ආර්ථික වැදගත්කමක්‌ ද තිබේ. මෙහි "දෙවො වස්‌සතු කාලෙන - සස්‌ස සම්පත්ති හේතුච" යන කොටසින් ප්‍රාර්ථනා කරන්නේ කලට වැසි ලැබී, ශස්‍ය සම්පත් දියුණු වී රටේ නිෂ්පාදනය වර්ධනය වේවාෘ යන්නයි. එසේ නම් මේ කියන්නේ අන්කිසිවක්‌ නොව ආර්ථික වර්ධනය පිළිබඳවයි. ආර්ථික වර්ධනය යනු රටක මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අඛණ්‌ඩව වර්ධනය වීමයි. ඉතා සරලව කියන්නේ නම් රටේ නිෂ්පාදනය දිගින් දිගටම වැඩි වීමයි. ආර්ථික සංවර්ධනයේ මූලික පූර්ව අවශ්‍යතාව වන්නේ මෙකී ආර්ථික වර්ධනයයි. ඒ නිසා ආර්ථික සංවර්ධනය සඳහා රටේ නිෂ්පාදනය අඛණ්‌ඩව වර්ධනය වීම (ආර්ථික වර්ධනය) අනිවාර්ය කරුණකි.
ආර්ථිකය වර්ධනය වූ පමණින් ආර්ථික සංවර්ධනය ඇති නොවේ. ආර්ථික වර්ධනය සමඟ ලෝවැසියන් එනම් මහජනතාව සතුටු වීම, ප්‍රීතිමත් වීම ද අවශ්‍ය ය. ජනයා සතුටට ප්‍රීතියට පත්වන්නේ කුමක්‌ නිසාද? මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටු වී දුප්පත්කම අඩු වී, විරැකියාව අඩු වී රටේ වැඩිවන නිෂ්පාදනයේ ඵලය රටවැසියන් අතර සාධාරණ ලෙස බෙදී ගොස්‌ සමස්‌ත ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ නම් එහිදී ජනයා සතුටට, ප්‍රීතියට පත්වෙති. එසේ නම් "දෙවො වස්‌සතු කාලෙන - සස්‌ස සම්පත්ති හේතුච, පීතො භවතු ලොකොච" යන කොටසින් කරන්නේ අන් කිසිවක්‌ නොව "ආර්ථික සංවර්ධනය" ඇතිවේවාෘ යන ප්‍රාර්ථනයයි.
එසේ නම් ආර්ථික සංවර්ධනය යනු කුමක්‌ද? ආර්ථික සංවර්ධනය පිළිබඳ නොයෙකුත් නිර්වචන, අදහස්‌ තිබිය හැකිය. එහෙත් මූලික වශයෙන් ම ආර්ථික සංවර්ධනය යනු ආර්ථික වර්ධනයත් සමඟ රටක ව්‍යහාත්මක සහ ගුණාත්මක අංශ රැසක යහපත් වෙනස්‌කම් සමුදායක්‌ තුළින් සමස්‌ත ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නංවන දිගු කාලීන ක්‍රියාවලියකි. ඒ නිසා ආර්ථික සංවර්ධනයේදී සිදු විය යුතු ප්‍රධානතම දෙය නම් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යැමයි. ජීවන තත්ත්වය ඉහළ යන්නේ, ජනයා සතුටට ප්‍රීතියට පත්වන්නේ රුපියල් ශත හෝ ආර්ථික කරුණු කාරණා නිසාම පමණක්‌ නොවේ. ජනතාව සතුටු වීමට, සමාජ, ආර්ථික දේශපාලන සහ ආධ්‍යාත්මික යන සෑම අංශයකින්ම රටක දියුණුවක්‌ සිදු විය යුතුය. මේ නිසා ලෝ වැසියන් එනම් මහජනතාව ප්‍රීතියට පත්වීමට ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගොස්‌ ආර්ථික සංවර්ධනයක්‌ ඇති විය යුතුය. එහෙත් මේ සියල්ලටම රජතුමා ධාර්මික විය යුතුය. (රාජා භවතු ධම්මිකො) එනම් රජතුමාගේ ධාර්මිකභාවය නැතහොත් පාලක පක්‍ෂයේ ධාර්මිකභාවය, මුළු රටේම සමෘද්ධියට හා සෞභාග්‍යයට හේතු වෙයි. කෙතරම් පාලම්, ගොඩනැඟිලි, වරායන්, මහාමාර්ග ඉදිකොට භෞතික සංවර්ධනයක්‌ ඇති කළත්, පොදු මහජනයා සතුටු වන්නේ ධාර්මික රාජ්‍ය පාලනයක්‌ ඇත්නම් පමණය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ අධම්මික සූත්‍රයට අනුව කිසියම් රටක රාජ්‍ය පාලකයකු අධර්මිෂ්ඨ වන්නේ නම් පාලක පක්‍ෂය (අමාත්‍ය මණ්‌ඩලය) ද අධර්මිෂ්ඨ වෙයි. රාජ්‍ය නිලධාරීන් මෙන්ම අවසානයේ ජනතාව ද අධර්මිෂ්ඨ වී ස්‌වභාව ධර්මයෙන් පවා නොයෙක්‌ විපත් සිදු වෙයි. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ රජු (පාලකයා) අධාර්මික වන විට මුළු මහත් රාජ්‍ය තන්ත්‍රයම අධාර්මික බවට පත්වන බවයි. මේ නිසා රාජ්‍ය පාලනයේදී පාලකයාගේ දැහැමි බව බුදු දහම නිරන්තරයෙන් ම අවධාරණය කරන්නකි. මෙවැනි දැහැමි රාජ්‍ය පාලනයක්‌ රටක ආර්ථිකයට "නිරන්තරයෙන් ම යහපත් බලපෑමක්‌ ඇති කරයි. සතුටින්, ප්‍රීතියෙන් නොසිටින ජනතාවක්‌ වෙසෙන රටක්‌ සංවර්ධිත රටක්‌ වන්නේ නැත.
පාලකයකු ධාර්මික වන්නේ කෙසේද? යහපත් රාජ්‍ය පාලනයක්‌ සඳහා කවර ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුද? සැකෙවින් හෝ මේ කරුණු ද මතක්‌ කර ගැනීම වැදගත් ය. පාලකයාගේ ධාර්මිකභාවයට හේතු වන කරුණු දහයක්‌ බුදුරජාණන් වහන්සේ දශරාජ ධර්මයෙන් පෙන්වා දී ඇත. දානය, ශීලය, පරිත්‍යාගය, සෘජුබව, මෘදු බව, තපස, අක්‍රොධය, අවිහිංසාව, ඉවසීම හා අවිරෝධතාව යනු මේ දශ රාජ ධර්මයයි. මේ ගුණාංග මුළුමනින් ම කෙසේ වෙතත් හැකිතාක්‌ දුරට මේවා අනුගමනය කරන්නේ නම් එයින් යහපත් දැහැමි පාලනයක්‌ ඇති වෙයි. එසේම ධාර්මික රාජ්‍ය පාලනයක්‌ සඳහා දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්‌තු අනුගමනය කිරීමද, ඡන්ද, ද්වේෂ, භය සහ මෝහ යන සතර අගතියෙන් තොර වීම ද රාජ්‍ය පාලකයකුට ඉතාමත් අවශ්‍යය. බුද්ධකාලීන භාරතයේ ප්‍රබල රාජ්‍යයක්‌ව පැවැති ව-ජි රාජ්‍යය මුල්කර ගෙන බුදුරජාණන් වහන්සේ අපරිහානිය ධර්ම හතක්‌ ද දේශනා කර තිබේ. මෙම සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කිරීම ද රටක නොපිරිහීමට හා දියුණුවට හේතු වෙයි.
බුදු දහමේ සඳහන් මේ සංකල්පීය කරුණු සියල්ලම පරිපූර්ණ වශයෙන් කිසියම් රාජ්‍ය පාලකයකුට අනුගමනය කළ හැකි යෑයි අප කියන්නේ නැත. එහෙත් මේ ගුණාංග සහ ප්‍රතිපත්ති හැකිතාක්‌ දුරට රාජ්‍ය පාලනය සඳහා එකතු කර ගැනීමෙන් යහපත් රාජ්‍ය පාලනයක්‌ ඇති වේ. ජනයා සතුටට පත්වන, ආර්ථික සංවර්ධනයක්‌ ඇති වීමට මෙය නිරන්තරයෙන් ම හේතු වෙයි. ඒ නිසා රටවැසියන් සමඟ, සෑම කලෙකම අපිදු ප්‍රාර්ථනා කරන්නේ පාලක පක්‍ෂය ධාර්මික වේවා! (රාජා භවතු ධම්මිකො) යන්නයි.




Read More

ෂට් ශාස්තෘවරු

February 09, 2020 0






ෂට් ශාස්තෘවරු
.......................................................................
බුද්ධ කාලීන භාරතයේ බෙහෝ දෙනා දන්නා(ඤූතො) යසස පැතිරුණු (යසසසී) බොහෝ දෙනා විසින් යහපත් යැයි සම්මත කරණ ලද ( බහුජනා සාධු සම්මතො) බොහෝ පැවිදි ශිෂ්‍ය පිරිසක් පිරිවරා සිටි ( සංඝී) විශාල පිරිසකට ආචාර්යවරු වූ ( ඝනාචරියෝ) තීර්ථංකර මුනිවරු යැයි ප‍්‍රසිද්ධ වූ ශාස්තෘවරු හයදෙනෙක් විසූහ.මෙම ශාස්තෘවරුන් පිළිබඳ කරුණු සපයා ගැනිමේහිලා උපයෝගී කරගත හැකි මූලාශ‍්‍ර පවතින්නේ ජෛන සම්ප‍්‍රදාය හා බෞද්ධ සම්ප‍්‍රදාය තුළ පමණි. පූර්ණ කස්සප, මක්ඛලී ගොසාල, අජිත කේසකම්බල, පකුධකච්චායන, සංජය බෙල්ලටිඨි පුත්ත හා නිගණ්ඨ නාථ පුත්ත යන හය දෙනා එකී ෂට්ශාස්තෘන් ලෙස හඳුනාගත හැකිය. දී.නි. සාමඤ්ඤඵල, බ‍්‍රහ්මජාල, මජ්ක්‍ධිම නිකායේ අපණ්ණක, සන්දක, මහා සකුළුදායී, උපාලී, අභය රාජ, අං.නි. සාමඤ්ඤඵල, අං.නි. තික නිපාත, මහා වග්ග 1 සූත‍්‍රය වැනි බොහෝ බෞද්ධ මූලාශ‍්‍රවල ෂට් ශාස්තෘන් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.
පූර්ණ කස්සප
දීඝ නිකායට ලියන ලද අටුවාව වන සුමංගල විලාසිනී නම් ග‍්‍රන්ථයේ සඳහන් වන පරිදි මොහු ගෝත‍්‍රයෙන් කස්සප නම් විය. වහල් ස්ත‍්‍රියක ලෙස සේවය කළ මොහුගේ මවට මෙම දරුවා ඉපදීමත් සමග එම ස්වාමීයාගේ දාසියන් සංඛ්‍යාව සියයක් වූ බැවින් පූර්ණ යන නම පටබැදි බව එහි වැඩිදුරටත් දැක්වේ. තරුණ වයසට පැමිණි මොහු කුමක් සඳහා වාසය කරන්නෙමිදැයි සිතා වාසය කළ තැනින් පලායන විට අතරමගදී සොර පිරිසක් විසින් ඔහු ඇඳි වස්ත‍්‍ර පැහැර ගන්නා ලදී. නිරුවත් කාලය ගත කළ මොහු එක්තරා ගමකට පැමිණි කල්හී එම ජනයා මොහු අල්පේච්ඡු උතුම් ශ‍්‍රාවයෙක් යැයි සළකා පුද සත්කාර කරන්නට වූහ. එතැන් පටන් පූර්ණ කස්සප ශ‍්‍රමණයෙක් ලෙස ප‍්‍රසිද්ධි වූ යැයි පෙර කී අටුවාවේ එන මතයයි. එහෙත් මහාචාර්ය බරුවා වැනි විද්වතුන්ට අනුව කාශප්‍ය යනු බ‍්‍රාහ්මණ ගෝත‍්‍රයක් බවත් එබැවින් මොහු බ‍්‍රාහ්මණ වංශිකයෙක් බවත්, ඥානයෙන් පිරි පැවැති හෙයින් පූර්ණ කස්සප නම් වූවා යැයි ද තවත් පිළිගැනීමකි. මෙතුමාගේ ඉගැන්වීම පිළිබඳ දී.නි. සාමඤ්ඤඵල සූත‍්‍රයේ සඳහන් වන්නේ මෙසේය.
තමාම කරන්නාට ද, අනුන් ලවා කරවන්නටද, අනුන්ගේ අත් පා සිදින්නට ද, සිදවන්නට ද, අනුන් දඩු ආදීයෙන් පෙළෙන්නාටද, පොළවන්නාට ද, අන් සතු දෑ පැහැර ගැනීම ආදීයෙන් අනුන් තවන්නට ද, අනුන් ලවා තවන්නාට ද, ආහාර වැළක්වීම් ආදීයෙන් වෙහෙසෙන්නාට ද, අනුන් ලවා වෙහෙස කරවන්නාට ද, පර පණ නසන්නාට ද, නසවන්නාට ද, නොදුන් දේ ගන්නාට ද, ගන්වන්නාට ද, ගෙවල් බිදින්නාට ද , බිදවන්නාට ද, කිසිදෙයක් ඉතිරි නොකර පැහැරගන්නාට ද, පැහැර ගන්වන්නාට ද, අන් ස්ත‍්‍රීන් වෙත යන්නාට ද, බොරු කියන්නාට ද, පවක් කරමියි සිතා කරන්නාට ද, පව් සිදු නොවේයි. යමෙක් තියුණු වු ආයුධයකින් මේ පොළොව මත්තෙහි සියලූ සතුන් මරා එක් මස් ගොඩක් එක මස් රැුසක් කරන්නේ ද එමගින් සිදුවන පවක් නැත. සතුන් මරමින් මරවමින් සිදිමින් සිදුවමින් පෙළමින් පෙළවමින් ගංගා නම් ගගේ දකුණු තීරයට ගියත් එයින් වන පවක් නැත. දෙමින් දොවමින් යාග කරමින් කරවමින් ගංගා නම් ගගේ උතුරු තීරයට ගියත් එයින් වන පිනක් නැත. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සිදුවන පිනක් නැත.
මෙම පාඨය දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ මෙතුමා අකිරිය වාදියෙක් මෙන්ම ශාස්වතවාදියෙකු වන බවයි. මොහුට අනුව ආත්මය නිත්‍ය වන බැවිනි. එමෙන්ම එම ආත්මය වෙනස් නොවී පරලොවට ගමන් කරයි. අකිරියවාදය තුළින් සමකාලීනව ප‍්‍රබල ලෙස ප‍්‍රචලිතව පැවැති බ‍්‍රාහ්මණ සමප‍්‍රදායට ප‍්‍රබල ලෙස ප‍්‍රහාර එල්ල කළ බව පැහැදිලිය. ගංගා නම් ගං තීරයේ ප‍්‍රබලව සිටි බ‍්‍රාහ්මණ සම්ප‍්‍රදායට එල්ලකරණ ප‍්‍රබල ප‍්‍රහාරයක් වශයෙන් දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් ගංගා ගගේ උතුරු තීරයට යන්නේ වී නමුදු එයින් වන පිනක් නැත. යන්න සැළකිය හැකිය. එමෙන්ම යමෙක් තියුණු ආයුධයකින් මේ පොළව මත්තෙහි සියලූ සතුන් මරා එක මස් ගොඩක්, මස් රැසක් කරන්නේ ද එයින් සිදුවන පවක් නැත. යන්න පරම අවිහිංසාවාදී නිගන්ඨයින් අරමුණු කර ගෙන එල්ල කරන ලද අභියෝගයක් වශයෙන් සැළකිය හැකිය. ඒ අනුව කර්මය හෙවත් පින් පව් බැහැර කරන මොහු කර්මයේ ප‍්‍රතිඵල ද බැහැර කරන බව පැහැදිලි වේ. නව චින්තනයකට පසුබිම් විවර කළ, ආගමික ඉගැන්වීම් මගින් ජනතාව වෙත එල්ල වී පැවැති පීඩාවන්ට එරෙහිව නැගී සිටි විප්ලවාදී ආගමික චින්තකයෙකු වශයෙන් පූර්ණ කස්සප අගය කළ හැකිය.
මක්ඛලී ගෝසාල
මොහුගේ නම සහ ජීවිතය සම්බන්ධව ද විවිධ කතා පවති. සැවැත් නුවරට සමීප සරවණ නම් උපත ලද මොහුගේ පියා මංඛලී නම් වූ අතර මව භද්දා නම් වූවාය. තම පියාගේ රැුකියාව වූ චිත‍්‍ර විකිණීමේ නිරත වූ මොහු මංඛලී පුත‍්‍ර නමින් හැදින්වීය. සුමංගල විලාසිනී නම් අටුවාවට අනුව ගවහලක උපන් බැවින් ගෝසාල නම් වූ බවත්, දාසියකුව තෙල් කළයක් රැුගෙන යමින් සිටියදී එය බිද වැටීමේදී දඩුවමින් මිදීමට පළායන අවස්ථාවේ ස්වාමියා විසින් වස්ත‍්‍රයෙන් අල්ලා ගන්නා ලදුව එයත් අතහැර පලා ගියේය. නිරුවත් ඔහු දැක මහජනයා මොහු උග‍්‍ර තාපසයෙක් යැයි පුද සත්කාර කළ බවත් ඔහු ද එයින් දිවි රැකගත් බවත් බුද්ධ ඝෝෂ මතයයි. විද්වතුන්ට අනුව මොහුගේ නියම නම මස්කරීන් යන්නය. ජෛන ප‍්‍රාකෘතයෙන් එය මංඛලී යුනවෙන් ද පාලියෙන් මක්ඛලී යනුයෙන් ද භාවිත වේ. මහාචාර්ය බරුවා මේ නම පිළිබඳ වාග් විද්‍යානු කූල විග‍්‍රහයක යෙදෙමින් උණ දණ්ඩක් අතේ දැරීමත්, ස්වචඡුන්ද තාවය ප‍්‍රතික්‍ෂේප කිරීමත් නිසා මේ නම යෙදුණු බවයි. ම.නි. මහාසච්චක සූත‍්‍රයට අනුව ආජීවක සම්ප‍්‍රදායේ ආරම්භකයා නන්ද වච්ඡුය. දෙවැනිව කිස සංකිච්ච ද තෙවැනිව මංඛලී ගෝසාල ද මෙම සම්ප‍්‍රදායේ නායකයා වීය. සාමඤ්ඤඵල සූත‍්‍රයේ මොහුගේ ඉගැන්වීම මෙලෙස දක්වා තිබේ.
සත්වයින්ගේ කෙලෙසීමට හේතුවක් හෝ ප‍්‍රත්‍යයක් හෝ නැත. හේතුවක් හෝ ප‍්‍රත්‍යයක් නොමැතිව සත්වයෝ කෙලෙසෙති. එසේම සත්වයින්ගේ පිරිසිදු වීමට හේතුවක් හෝ ප‍්‍රත්‍යයක් නැත. හේතුවක් හෝ ප‍්‍රත්‍යයක් නොමැතිව ම සත්වයෝ පිරිසිදු වෙති. තමාගේ යහපත සඳහා කළයුතු අවවාද අනුශාසනා ආදී කර්මයක් ද නැත. කරන්නා සැපතට පමුණුවන පුරුෂ කාර්යයක් ද නැත. සැප ලැබීමට ඉවහල් වන බලයක් ද වීර්යයක් ද පුරුෂ ශක්තියක් ද පුරුෂ පරාක‍්‍රමයක් ද කියා කිසිවක් නැත. සියලූ සත්වයෝ ප‍්‍රාණී හූ භූතයෝ ජීවයෝ තමන්ගේ ශක්තියක් බලයක් නෙමෙැතිව ලෝක ස්වභාවයට අනුගතව මුහුකුරා යාමෙන් අභිජාති සසෙකම සැප දුක් විදිති.
ඒ අනුව ඔහු අහේතු අප‍්‍රත්‍යවාදියෙකි. නියති සංහති වාදියෙකි. එ නිසා අකිරියවාදියෙකි. ලෝකය හා සත්වයා පිළීබඳ කිසිදු සිදුවීමකට හේතුඵල සම්බන්ධතාවක් දැක්විය නොහැකිය.යන්න අහේතු අප‍්‍රත්‍යවාදය ලෙස සැළකිය හැකිය. සත්වයින්ගේ පිරිසිදුවීමට හෝ අපිරිසිදුවීමට බලපාන කිසිදු හේතුවක් ප‍්‍රත්‍යයයක් නොමැත. ඉබේම හෙවත් අහේතුකවම අප‍්‍රත්‍යවම සියල්ල සිදුවන බවය. මෙහිදී පැන නැගෙන බරපතල ම ගැටලූව වන්නේ පුද්ගල ස්වචඡුන්දතාව කෙරෙහි එල්ලවන අභියෝගයයි. එනම් සියලූ සිදුවීම් පිළිබඳ හේතුඵල සම්බන්ධතාවයක් දැක්විය නොහැකි නම් ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ද වගකීමක් වගවීමක් පැවැතිය නොහැකිය. ඒ තුළ ස්වචඡුන්දතාවය සම්පූර්ණයෙන් ම අහිමි වේ. ඒ හරහා පුද්ගලයා නිෂ්ක‍්‍රියත්වයට පත් වේ. උත්සාහය අධිෂ්ඨානය පුරුෂ පරාක‍්‍රමය භාවිතා නොවන සමාජය අලසයන්ගෙන් පිරී යනු ඇත. ගෝසාලයන්ගේ අනෙක් ඉගැන්වීම වන්නේ නියතිවාදය හෙවත් සියල්ල පූර්ව නිශ්චිතය යන්නයි. එය එසේ නම් ඒ තුළින් ද පුද්ගලයාට ස්වාධීනව, ස්වත‍්‍රන්ත‍්‍රව, ස්වචඡුන්දතාවයන් යුතුව කළ හැකි කිසිවක් ඉතිරි නොවේ. සංසාර ශුද්ධිවාදය නමින් ද හඳුන්වන මෙම නියතිවාදය නියති සංගතිභාව පරිණතා ඡුසු එව අභිජාතීසූ සුඛ දුක්ඛං පටිසංවෙදෙන්ති....... යනාදී වශයෙන් දැක්වෙන පරිදි සියලූ සත්ව භුත, පාණ, ජීව ආදීය කිසියම් ස්ථීර නියතියකට අනුව නිතර වෙනස් වේ.
සියලූ සත්වයෝ සත්වෝත්පත්ති දා හතර ලක්ෂ හයදහස් හයසියක්( 146600) පුරුෂ භූමි අටකි, ආජීවක, පරිබ‍්‍රාජක, නිගණ්ඨ, නිරය, දේව, මනුෂ්‍ය, පිසාච, ආදී වශයෙන් විවිධ උත්පත්ති ලැබිය යුතු කාලය මහා කල්ප අසූ ලක්ෂයකි. බාල පණ්ඩිත කවරෙක් වුවත් මේ නියමිත භව ගණන සසර සැරිසරාම සසර නිම කළ යුතුය. සීලයෙන්, තපසින් , බ‍්‍රහ්ම චර්යාවෙන් හෝ අන් කවර ක‍්‍රමයකින්වත් භව ගමන වෙනස් කළ නොහැකිය. නූල් බෝලයක් වෙම දැමූ පසු එය නූල දිග ඇතිතාක් දිගහැරී අවසානයකට පත්වන්නේ යම් සේද මෙයද එසේමය.


Read More

භාරතීය කාන්තාව

සමාජ ප්‍රභවය පිළිබද බ්‍රහ්මණ මතය

Post Top Ad

Your Ad Spot